Tweets by @Tweetsbysuku myblog: බිස්නස් ඇයි - 4 (රස්සාවේ පීඩනය සහ අප ව්‍යාපාරයේ සැනසීම)

Facebook Fan Page

Tuesday, June 3, 2014

බිස්නස් ඇයි - 4 (රස්සාවේ පීඩනය සහ අප ව්‍යාපාරයේ සැනසීම)

ව්‍යාපාරයක් සහ රස්සාවක වෙනස්කම් මොනවද කියල ඇහුවොත් ව්‍යාපරයක් රස්සාවකට වඩා සෑහෙන දියුණුයි, මුල් කාලීනව කැපකිරීම් ටිකක් වැඩි උනත් ආදායම සාපේක්ෂව සාමාන්‍ය උනත් පසුකාලීනම හුඟක් වැඩියි.

මේ කියන්නෙ මගේ අත්දැකීමක්, මට මතකයි මම Network marketing (අපි කරන ඒව) පටන් ගත්ත මුල් කාලයේ මම වැඩ කලේ මට ඕන විදියට. ඒක වැරද නෑ නමුත් ඒක නෙමෙයි නියම ක්‍රමය. එතනදි අපිට දෙන අධ්‍යාපනය එක්ක අනුගත වෙලා කලා නම් ආරම්භයෙදිම ලොකු දියුණුවක් මම ලබනව.
ඉතින් මම මට ඕන විදියට කරලා සෑහෙන අසාර්ථකවීම් අත්දැක්ක. වෙනස තමයි අපේ ව්‍යාපාරයේ අපිට උදව් කරන සියලු දෙනා ඒ තත්වයන් දැන දැනත් අපිව අත්හැර නොගිහින් උදව් කරපු එක.
ඒ උදව් අදටත් තියෙනව. වැඩ වරද්ද ගත්ත කියල අසාර්ථකවීම් පාඩු හවුවේ අපිව අතාරින්නේ නෑ.

මීට මාස 2-3කට කලින් මම දන්න අයිය කෙනෙක් (වයස 32) මූල්‍ය ආයතනයක අලුතින් රස්සාවට ගියා. ආර්ථික අපහසුතා, බඳින්න ඉන්න ගෑණු ළමයගෙ ගෙදරින් තියෙන පීඩනය වගේ ඒව මට කියපු නිසා මම අපේ ව්‍යාපාරය ගැනත් දැනුවත් කලා. මුලින් එන්න කැමති උනත් පස්සෙ ඒ අයිය කියන්න ගත්ත ඒ අයියගෙ රස්සාවේ වටිනකම(ඉතාම අඩු පඩියක් තිබ්බෙ මූලිකව) වගේ දේවල්.
අපේ ව්‍යාපාරය හැමඅතින්ම හොඳ උනත්, වෙන ව්‍යාපාර වලට වගේ නොවි ඉතාම අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුලුවන් උනත් ඊට වඩා රස්සාව විතරක් කරන එක වටිනව කිව්ව. මාත් ඉතින් හා එහෙම නම් කමක් නෑ අයියෙ කිව්ව, මොකද අයිය ඇත්තටම දක්ෂ, හිත හොඳ කෙනෙක්, ගොඩක් කැපවීමෙන් කටයුතු කරන. ඒක මාකටින් ජොබ් එකක්. ටාගට් ලැබෙන දෙයක්.

සතියකට විතර කලින් මට කතා කරල කියනව ටාගට් කවර් නොකරපු නිසා රස්සාවෙන් දැන් කරදරලු. ලගදිම අයින් කරයිලු, දැන් තව රස්සාවකට යන්න වෙනවලු.
මම ඒත් හිතුවෙ මේ තරම දක්ෂ කෙනෙක්ට උනත් අසාර්ථකවීම් වලදි රස්සාවෙන් පිහිටක් නෑ. පුදුම තරම් පීඩනයක් දෙනව. මුළු ජීවිතේම රස්සාවට කැප කරලා, ජීවිතේ වටිනම කාලය රස්සාව වෙනුවෙන් පූජා කරනවට( සතියේ දවස් වල උදේ 8-9 , 4-5) අසාර්ථකවීම් වලදි ලැබෙන්නෙ රස්සාවෙන් එලියට දාන එක.

මමත් ඔය රස්සා කරල තියෙනව. වාසනාවට වගේ මම රස්සා වලට ගියේ කම්පනි අයිතිකාරයන්ගේ හරහා නිසා ඔය තරම ටාගට් නොලැබුනා, ඒවගේම වාසනාවට වගේ මම යම් යෙදක් කලා. කරල කරල හිතල බලද්දි අන්තිමට මට තේරෙන්න ගත්තේ අපි කොච්චර කලත් අපිට ලැබෙන්නෙ අවශ්‍ය දෙය නෙමෙයි සහ අනාගතයට වැඩක් ඇති දෙයක් ලැබෙන්නෙ නැති බව. - ඒකයි මම අයින් උනේ.

රස්සා සහ ව්‍යාපාර ගැන හිතද්දි හිතට සතුටුයි... තනියෙන් කරන ව්‍යාපාරයෙදි තමන් හා ඉතාම සුළු පිරිසක්වත් නෑ උදව්වට. අපේ ව්‍යාපාරයෙදි උදව් කරන්න ඉන්න පිරිස අති විශාලයි. එයාල අපිව දියුණු කරන්න උත්සහ කරන්නෙ උනන්දු කරන්නෙ බය කරල, පීඩනයට ලක් කරල නෙමෙයි ....

ඇත්තටම ජීවිතේ දියුණුවට අවශ්‍ය දේවල් ගැන කියල දීලා ඒ තුල අපේ සැබෑ අවශ්‍යතාවයන්ට යන පාර කියල දීමෙනුයි. ඒව වබෝධ කරවනව.

හැබැයි අපේ බිස්නස් එකත් අර 2යි පනහේ බිස්නස් වලට මිනිසුන්ට ධනාත්මක චින්තනය, කවුන්සිලින් කරන ධනාත්මක චින්තන කාරයො කරන දේත් වෙනස්.

(මොකද ධනාත්මක චින්තන කාරයො කරන්නෙ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා කතා කරන්න ගියාම( උපාධි ගත්ත ඉහලම අධ්‍යාපන සුදුසුකම් තියෙන මනෝ විද්‍යා උපදේශන කරන අය වගේ දෙගුණයක අයකිරීමක් ඇත) අපේ ප්‍රශ්නය එයාලගෙ විදියට කටයුතු කරල ඒ කියන්නෙ එයාලට දිගටම සල්ලි එන විදියට හදල අපිට එයාලගේ සැලසුමක් දෙනව.
අපේ නියම ප්‍රශ්නය එතනදි විසඳෙන්නෙ නෑ. ඒක උග්‍ර වෙනව බොහෝවිට අවුරුදු කීපයකදි. ඔය වගේ බාල ධනාත්මක චින්තන අය ගාවට ගිහින් මනෝ මූලික අක්‍රමිකතා හදාගත්ත අය වෙනත් අයගෙන් ප්‍රතිකාර ගන්න ඇවිල්ල තියෙනව මට මුණ ගැහිල තියෙනව ඇති තරම්. )

No comments:

Post a Comment