Tuesday, June 20, 2017
Saturday, June 10, 2017
Thursday, June 8, 2017
ලෝකයේ කොහේවත් සාධාරණයක් නෑ.. ජීවිතයත් එහෙමයි... හිතුවට පෙනුනට සුන්දරයි වගේ ඇති සුන්දරත්වයක් නෑ...
වෙලාවකට හිතෙනවා සර්ව බලධාරි දෙවි කෙනෙක් හිටිය නම්, කොයිතරම හොඳද කියල... එහෙම උනා නම් උන්නාන්සේට කියනවා, අඬනව ආදරේ හරියට ලබල දෙන්න කියල... ආදරේ කරන කෙනාට ආදරෙයි කියල...
ඒත් එහෙම කෙනෙක් නෑ.. අපි හැමෝම කර්ම ශක්තින් වලට අදාල අය.. ඒ කර්ම ශක්තීන්, අනිත් නොගැලපීම් එක්ක කොච්චර ආදරේ කලත් ඒක අපිට උවමනා තැනට ගේන්න බැහැ...
අන්තිමට, “හොඳම පෙම්වතුන් කිසිදා විවාහ නොවේ “ කියල අඬන්න - වැලපෙන්න - හිත රිද්ද ගන්න විතරයි ඉතිරි වෙන්නෙ හ්ම්....
#ජිවිතේ #ආදරේ #ලෝකේ

Wednesday, June 7, 2017
“ සැනසීමට - සතුටට හිමි වෙන්න තිබුනු තැන අභිමානයට හිමි වෙච්ච තව එක පවුලක් “
කොයිතරම වීරයෙක් උනත්, දෙමාපියන්ට දරුව නැති වේදනාව කොයිතරම දැනෙනවා ඇත්ද.... ? (පින්තුරේ ඉන්නෙ මුතාලිෆ්ගෙ තාත්ත)
කර්නල් මුතාලිෆ්...
දැනට අවුරුදු 12කටත් කලින් රට වෙනුවෙන් ජිවිතය දුන්නු බුද්ධි අංශයේ හිටිය හොඳම රණවිරුවෙක්...
අපේ පවුල් වල හමුදාව - පොලිසියට සම්බන්ධකම් සෑහෙන තිබ්බත්, මම මුතාලිෆ් කියන රණවිරුවව දැනගන්නේ පත්තරෙන්... පස්සෙයි හොයල බැලුවේ..
ඉපදුනු රටට ණය නැති සැබෑ මිනිස්සු...
මතකය අලුත් උනා DS Senanayaka විද්‍යාලය 22 වතාවටවත් පවත්වපු රණවිරු සැමරුමේදී දැක්ක නිසා... මම ඒ ලගමයි හිටියේ.. අපේ Leshan අයියවත් මුණ ගැහුන...
පොඩි දෙයක් ලියන්න හිතුනෙ Subashini අක්කා මතක් නිසයි...
#warheros #srilanka #lka #colonelmuthalif #srilankanarmy
ප.ලි
පහුගිය දවසක අපේ Ranga අයියා එක්ක කතා කරද්දි, අයිය කියනවා, “ මල්ලි ඔයා උදේ 4ට නැගිටිනව නේද.. ඒක හරි හොඳයි.. අපිට නම් කරන්න අමාරුයි.. යුද්ධෙ කාලේ එක දිගට නිදි මැරුවා, රෑට තමයි වැඩියම සූදානමෙන් ඉන්න ඕන... ඒ නිදිමරපුවා කවර් කරගන්න අමාරුයි...
- මං මොනවද රටට කරල තියෙන්නේ... මට එහෙම හිතුන හ්ම්...

Saturday, May 20, 2017
10 days of soemthing close to love..
ජිවිතේ ගත කරද්දි එකපාරට හිතාගන්න අමාරු තත්වෙකට එන්න වේවි කියල වෙලාවකට කවුරුවත් හිතන්නෙ නැති වේවි..
ආදරය - ප්‍රේමය සදොස් තියෙන බොහෝම දැනෙන - හැඟෙන - රිදෙන දෙයක්...
කාලය එක්ක මුහුකුරා යන ජිවිතයෙදි හදිසියෙ නොසිතුව වෙලාවක ආදරයක් ඇති උනාම, ඒක විශේෂයි.. ඒ ආදරේ හදිසියේම එක එක පාර්ශව වලින් එක එක විදියට අදහස් දැක්වීම් වලට ලක් වෙද්දි ඒක ලොකු පීඩනයක්..
පහුගිය කාලේ හදිසියේම මට ගෑණු ළමයෙක් මුණගැහෙනවා... කාලෙකට පස්සෙ මාත් එයාට කැමති වෙනව... එයාගේ කැමැත්ත - අකමැත්ත අතර දෝලනය දිගට තියෙනවා..
දවස් 10ක කාලෙට මට ගොඩක් වෙනස්කම් උනා... මට මගේ වැඩ ටික කරගන්න වෙලාව නැති උනා.. ඒකට එයා වැරදි නෑ.. ඒත් මට එහෙම උනා..
මම හරි ආසාවෙන් බලන @Originals, @Supernatural, @Prisonbreak කතා වල කොටසක් ආවම ඒක ඩවුන්ලෝඩ් කරල ඉවර වෙලත් දවස් ගානක් ගියා බලන්න...
කරන්න තිබ්බ වැඩ අමතක උනා, අතපසු උනා...
සරලවම අමුතු අබ්බැහියක් තිබුනා...
කොහොම හරි... ඒකෙන් දැන් මිදුනා... ජිවිතේ හැටි... හ්ම්...

Thursday, May 11, 2017
සත්තයි ඔයා නොලැබෙනවා කියා by Dilky Ekanayaka
මං විතරද ආදරෙ කලේ..
ඔබ නැතිවද මට පෙම් කලේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
සත්තයි ඔයා නොලැබෙනවා කියා..
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//
මහ තනිකමක් මේ හදවත සරන්නේ..
මට මාව අතපසු වෙලා..
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ...
මං ඔබට ඇබ්බැහි වෙලා...
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා..
සත්තයි ඔයා.. නොලැබෙනවා කියා...
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//
මං වගෙ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ..
පසු තැවෙයි දවසක ඔයා...
තාමත් කැදැල්ලේ දොරගුළු විවරනේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා...
#ගායනය අශාන් ප්‍රනාන්දු..
Wednesday, May 3, 2017
#Mayday2017 😁
සියලු දේශපාලන පක්ෂ වලට සතුටු වන්නට සෙනඟ ආවෝය...
හැබැයි මේකෙන් ඡන්දයක ජයග්‍රහණය සිතන්නේ නම්, කුමන පක්ෂයක් වුවත් කරගන්නා මෝඩකමකි..
මහින්ද මහත්තයාගේ සෙනඟද බොහෝ සිටි බව ගැටළුවක් නැත. එයම මෛත්‍රි ජනාධිපතිතුමාට මෙන්ම අප සිටි එජාප රැළියටද පැය ගණනක් පාරේ සිටිමට සිදුවූයේද සෙනඟ නිසාමය..
සතුටට කරුණ දැඩි අව්වේ සිටින්නට ඇති හැකියාව ගැන තේරුම් ගිය නිසාය..
සමහර අයට ඊයෙ මැයි රැළිය මෝඩකමක්ලු.. මංදා මම නම් එය සතුටින් අත්වින්ඳා.. යම් කාලෙක මැයි රැළි තිබිය යුතුද යන්නත්, වෙනස්කමුත් හිතුනත්, එකට එකතු වූ එකම අරමුණක සිටින සාම්ප්‍රදායේ වටිනාකමක් ඇත...වැඩ කරන ජනතාවට සහන දෙන්නට වෙන්නේද, හැකියාව ඇත්තේද, ආණ්ඩුවට පමණි..
එජාප පාක්ෂිකයන් අතිබහුතරයකට, තවමත් පක්ෂයෙන් බලාපොරොත්තු වූ පලිගැනිම් ආදියට සහන, රැකියා යනාදිය පක්ෂය මූලිකව ජාතික ආණ්ඩුවක් ලැබී වසර 2 හමාරකට ලං වී තවමත් නිසියාකාරව ලැබී නැත.
කටයුත්තක් කරගන්නට රාජ්‍ය ආයතනයකට, අමාත්‍යංශයකට ගිය විට වෙනදාට වඩා වෙනසක් තිබුනත් පෙර ආණ්ඩු වල විවිධාකාර නිලධාරින්ගෙන් නොසැලකිම් යනාදියට ලක් වෙන්නට සිදු බොහෝ අයට තවමත් සිදුවෙයි.
සුදුසුකම් තිබියදී, තරඟ විභාග වලින් නිසි ලෙස සමත් වුවද ඇතැම් විට රැකියා නොලැබෙයි, සමහරවිට ඒ රැකියා ලබාදෙන්නේ ජාතික ආණ්ඩුව නිසාද මංදා වෙනත් අයෙකුටය..
දහසක් කරදර බාධක තිබියදී ගෙදර ඉදන් විවේකීව ඉන්නට හැකියාව තිබියදී එසේ නොඉඳ රට දිනවිය හැකි තම පක්ෂය වෙනුවෙන් මැයි රැළියට පැමිණි ජනතාව සැබෑවටම ශ්‍රේෂ්ඨය... ^_^
මක්නිසාද යත්, එදා මෙදා තුර ධනවාදී දේශපාලකයන්ගේ පක්ෂය ලෙස සැලකුනද, නිදහස් අධ්‍යාපනය ලබාදීම, එය සුරැකීමේ සිට වැඩ කරන ජනතාවට ලබාදුන් සහන බොහෝමයකට මූලිකත්වය ගෙන ඇත්තේ #එජාපය නිසාය...
මොනවා මොන විදියට උනත්, ආයෙ මේ රටේ රාජ්‍ය නායකත්වයට මහින්ද මහත්තයා හෝ ඒ ගෑවුනු රාජපක්ෂ කෙනෙකු එන්නේ නම් නැත.. ඒක එහෙම නොවුනොත් කියන්න..
#පින ඉවර උනාම..., ඉවර උනාමය...
සල්ලි = පින නොවෙන බව තේරුම් ගන්න..
සල්ලි = දක්ෂතාවයක් විය හැක, හැබැයි පින නොවේය..
#මැයිදිනය2017 #srilanka #unp #unitednationalparty #mightysrilanka #sl #slpolitics

Friday, April 21, 2017
Thursday, March 30, 2017
Mr. Nassar from pettah..
Learned his views about politics, specially why Politicians should not involve things..
_ මගේ අදහස _
ලංකාව හරි විශේෂ රටක්, ගමක ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවත්, පාරෙ වෙළදාමක් කරගෙන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවත්, රට කරන්න ඕන විදිය කියාවි... දේශපාලකයෝ කරපු විනාශේ කියාවි..
ඒ තරම දැනුවත්.... වෙන රටවල එහෙම නෑ..
ඒත් එහෙම දේශපාලකයෝ පත් කරන්නෙත් ජනතාව, ඒවගේම ගොඩක් අය දේශපාලනේට ඇවිල්ලා වරද නිවරදි කරන්නත් වැඩි කැමැත්තක් නෑ..
කොහොම උනත්, රටේ හොරකම් කරන වැරදි පාරෙ යන මිනිස්සු ඉන්නෙ 10%කටත් අඩුවෙන්. අනිත් හැමෝම ඒකට කැමති හෝ අකමැති ඉවසගෙන ඉන්නවා...
රට හදන එක කරන්න බැරි දෙයක් නෙමෙයි...

Saturday, March 18, 2017
ඔබ දක්ෂ - ලස්සනම කෙනා නොවෙන්න පුලුවන් - ඒත් ඒක එතනින් ඉවර නැහැ..
රූපයත්, මොලයත් කියන 2ම තනි තනි විදියට උනත් මහා පරිමාණයෙන් හැමෝටම ලැබෙන්නෙ නැහැ.
ඒත් ඔබට රටට - ලෝකයට වැඩදායි කෙනෙක් වෙන්න රූපයවත්, මොලයවත් අත්‍යාවශ්‍ය නැහැ..
මට මතකයි කාලෙකට කලින් එක්තරා නාලිකාවක ටෙලි නාට්‍යයක් පෙන්නුවා. ඒකේ ප්‍රධාන චරිතය උනු කාන්තා චරිතය කළු කෙනෙක්, ඒ තරම් රූපසම්පන්න නෑ. ප්‍රියමනාපත් නැහැ. මුලදි මතත් ඒ චරිතයට කැමති නැහැ. නමුත් කාලයක් යද්දි ඊට වඩා රූමත් චරිත වලට වඩා අපි අර චරිතයට කැමතියි.
මොකක්ද ඒකට හේතුව ?
හේතුව ඇය හොඳ චරිතයක් නිරූපණය කිරීම.
අපි සමාජයේදී උනත්, දක්ෂ, ප්‍රියමනාප ලස්සන චරිත වලින් බලාපොරොත්තු වෙනවා, ඔවුන් හොඳ - යහපත් අය කියල. රූපයෙන්, දක්ෂතාවයෙන් වැඩි නම් අපි හිතාගන්නවා ඒ අය නිහතමානි, යහපත් අය කියල.
ඉතින් අපි හැමෝම වගේ වෙලාගෙන ඉන්න මායාව දැන් පැහැදිලිද ?
ඔබ දක්ෂයෙක්, ගොඩක් රූමත් කෙනෙක් නොවෙන් පුලුවනි. ඒනිසාම මුල් කාලයේ සමහර අයව ඔබව ගණන් නොගෙන ඉන්න, එහෙම නැත්නම් නොසලකා හරියන්න පුලුවන්. ඒත් ඒ අයම පසුකාලීනව ඔබේ යහපත් ගති දැනගත්තාම ඔබට කැමති වෙන අවස්ථා අත්විඳ තියෙනවද ??
ඒක තමයි ඇත්ත. හැමෝම වගේ කැමති දක්ෂකමටවත්, රූපයවටත් නෙමෙයි, හොඳ ගති ගුණ වලට..
ඔබ යහපත් කෙනෙක් නම්, අන් අය ගැන හිතනවා නම්, කරුණාවන්ත, සංවේදි කෙනෙක් නම් කවදා උනත්, මොන තත්වයෙන් ඔබ හිටියත් ඔබට කැමති අය ඉදීවි.
ඒ තුලම ඔබ ඇති කරගන්න අධ්‍යාත්මික ගුණ ධර්ම ඔබට ජිවිතය පුරාම ආශිර්වාදයක් වේවි !
ජීවිතේ හැමෝටම වරදින්න වගේම හරියන්නත් ලොකු වෙලාවක් නොයන්න පුලුවන්, කෙනෙක් වයස 20දි කරන දේවල් තව කෙනෙක් 30 දි කරන්න පුලුවන්. ඒක එක එක්කෙනාගේ ජිවිතේ අනුව වෙන දේවල්..
ඒත් හැමදාම හොඳින් ඉන්න උත්සහ ගත්තොත්, එහෙම හිටියොත් කවදම උනත් සැනසීමෙන් ජිවිතේ හැමදාම ඉන්න පුලුවන්..
-
සුකුමාල් හරිස්චන්ද්‍ර

Friday, March 3, 2017
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - රොෂාන් ප්‍රනාන්දු
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..
මලක නැවුම් සුවද පිරුණ සොදුරු මද නල..
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන..
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට..
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම..
#විරහගී
#song - #RoshanFernando
#ආදරගීත
#බොනපාට්සොභනී #බොනපාට්සොභනීආදරය
Subscribe to:
Posts (Atom)