Tuesday, April 11, 2017
Thursday, March 30, 2017
Mr. Nassar from pettah..
Learned his views about politics, specially why Politicians should not involve things..
_ මගේ අදහස _
ලංකාව හරි විශේෂ රටක්, ගමක ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවත්, පාරෙ වෙළදාමක් කරගෙන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවත්, රට කරන්න ඕන විදිය කියාවි... දේශපාලකයෝ කරපු විනාශේ කියාවි..
ඒ තරම දැනුවත්.... වෙන රටවල එහෙම නෑ..
ඒත් එහෙම දේශපාලකයෝ පත් කරන්නෙත් ජනතාව, ඒවගේම ගොඩක් අය දේශපාලනේට ඇවිල්ලා වරද නිවරදි කරන්නත් වැඩි කැමැත්තක් නෑ..
කොහොම උනත්, රටේ හොරකම් කරන වැරදි පාරෙ යන මිනිස්සු ඉන්නෙ 10%කටත් අඩුවෙන්. අනිත් හැමෝම ඒකට කැමති හෝ අකමැති ඉවසගෙන ඉන්නවා...
රට හදන එක කරන්න බැරි දෙයක් නෙමෙයි...

Saturday, March 18, 2017
ඔබ දක්ෂ - ලස්සනම කෙනා නොවෙන්න පුලුවන් - ඒත් ඒක එතනින් ඉවර නැහැ..
රූපයත්, මොලයත් කියන 2ම තනි තනි විදියට උනත් මහා පරිමාණයෙන් හැමෝටම ලැබෙන්නෙ නැහැ.
ඒත් ඔබට රටට - ලෝකයට වැඩදායි කෙනෙක් වෙන්න රූපයවත්, මොලයවත් අත්‍යාවශ්‍ය නැහැ..
මට මතකයි කාලෙකට කලින් එක්තරා නාලිකාවක ටෙලි නාට්‍යයක් පෙන්නුවා. ඒකේ ප්‍රධාන චරිතය උනු කාන්තා චරිතය කළු කෙනෙක්, ඒ තරම් රූපසම්පන්න නෑ. ප්‍රියමනාපත් නැහැ. මුලදි මතත් ඒ චරිතයට කැමති නැහැ. නමුත් කාලයක් යද්දි ඊට වඩා රූමත් චරිත වලට වඩා අපි අර චරිතයට කැමතියි.
මොකක්ද ඒකට හේතුව ?
හේතුව ඇය හොඳ චරිතයක් නිරූපණය කිරීම.
අපි සමාජයේදී උනත්, දක්ෂ, ප්‍රියමනාප ලස්සන චරිත වලින් බලාපොරොත්තු වෙනවා, ඔවුන් හොඳ - යහපත් අය කියල. රූපයෙන්, දක්ෂතාවයෙන් වැඩි නම් අපි හිතාගන්නවා ඒ අය නිහතමානි, යහපත් අය කියල.
ඉතින් අපි හැමෝම වගේ වෙලාගෙන ඉන්න මායාව දැන් පැහැදිලිද ?
ඔබ දක්ෂයෙක්, ගොඩක් රූමත් කෙනෙක් නොවෙන් පුලුවනි. ඒනිසාම මුල් කාලයේ සමහර අයව ඔබව ගණන් නොගෙන ඉන්න, එහෙම නැත්නම් නොසලකා හරියන්න පුලුවන්. ඒත් ඒ අයම පසුකාලීනව ඔබේ යහපත් ගති දැනගත්තාම ඔබට කැමති වෙන අවස්ථා අත්විඳ තියෙනවද ??
ඒක තමයි ඇත්ත. හැමෝම වගේ කැමති දක්ෂකමටවත්, රූපයවටත් නෙමෙයි, හොඳ ගති ගුණ වලට..
ඔබ යහපත් කෙනෙක් නම්, අන් අය ගැන හිතනවා නම්, කරුණාවන්ත, සංවේදි කෙනෙක් නම් කවදා උනත්, මොන තත්වයෙන් ඔබ හිටියත් ඔබට කැමති අය ඉදීවි.
ඒ තුලම ඔබ ඇති කරගන්න අධ්‍යාත්මික ගුණ ධර්ම ඔබට ජිවිතය පුරාම ආශිර්වාදයක් වේවි !
ජීවිතේ හැමෝටම වරදින්න වගේම හරියන්නත් ලොකු වෙලාවක් නොයන්න පුලුවන්, කෙනෙක් වයස 20දි කරන දේවල් තව කෙනෙක් 30 දි කරන්න පුලුවන්. ඒක එක එක්කෙනාගේ ජිවිතේ අනුව වෙන දේවල්..
ඒත් හැමදාම හොඳින් ඉන්න උත්සහ ගත්තොත්, එහෙම හිටියොත් කවදම උනත් සැනසීමෙන් ජිවිතේ හැමදාම ඉන්න පුලුවන්..
-
සුකුමාල් හරිස්චන්ද්‍ර

Friday, March 3, 2017
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - රොෂාන් ප්‍රනාන්දු
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..
මලක නැවුම් සුවද පිරුණ සොදුරු මද නල..
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන..
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට..
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම..
#විරහගී
#song - #RoshanFernando
#ආදරගීත
#බොනපාට්සොභනී #බොනපාට්සොභනීආදරය
Thursday, March 2, 2017
Thursday, February 23, 2017
My Speech at Sirikotha - 16-02-2017
01 ) අපිට ප්‍රශ්නයක් ඇති බව - දවස් පතා එජාප පාක්ෂිකයන්ට ආණ්ඩුවක් තියෙන විටත් තිබෙන ගැටළු සහ ප්‍රශ්න දන්න නිසා ඒ ගැන පැහැදිලි කිරීම.
ජාතික ආණ්ඩුව සිටින විට තිබෙන තත්වය, පලාත් සභා - පලාත් පාලන ආයතන වල බලය තවම නැති බව.
02) එදා සහ අද ගැන විපරමක්
- බඩු මිල - ඉන්ධන, ආහාර ද්‍රව්‍ය
- මාධ්‍ය නිදහස
- අධ්‍යාපනයට දුන් සහන
- 1990 නිදහස් ගිලන් රථ සේවය
- තොරතුරු දැන ගැනීමේ පනත
03) “බලගතු ශ්‍රී ලංකාවක්“ සංකල්පය - ඩීඑස් සේනානායක මැතිතුමාගේ සංකල්පය දිගටම ක්‍රියාත්මක නොවීමත්, එය නැවත වත්මන් අගමැතිවරයා ගෙන ඒමත්.
--
https://www.facebook.com/sukumal.harischandra/videos/10209913528189353/
මසේජ් වලින් ලැබුනු ඒවයින් දැනුනු ඒව..
Tuesday, February 21, 2017
ජීවත් වෙන්න ගොඩක් අය කොච්චර දේවල් කරනවද කියල වෙලාවකට හිතෙනවා.. ඇත්තටම තරුණ අය සෑහෙන්න උත්සහ දරනවා දියුණු වෙන්න.
තරුණ විතරක් නෙමෙයි මැදි වයස් වල අය පවා සෑහෙන මහන්සියක් ගන්නවා ඒ වෙනුවෙන්.
මේ ස්වීප් ටිකට් ඊයෙ(18) අපි එක්ක හිටිය යාළුවෙක් ගත්තෙ. මම කාලෙකින් දැක්කෙ ක්ෂණික ස්වීප් ටිකට්.. කාලෙකින් හූරල තිබ්බෙ නෑ.
මෙතනම 6ක් තියෙනවා 7ක් හීරුවා 1කට 20ක් තිබ්බ.
තව යාළුවෙක් 8ක් ගත්තා. තව කෙනෙක් 4ක් ගත්තා.
මම ගත්තෙ නෑ. මට මේ දවස් වල හිතිල තියෙන්නෙ මේව ගන්න එක තේරුමක් නැති වැඩක් කියල වගේ..
කොහොම උනත් ලොතරැයියක් ගත්තාම බලපාපොරොත්තුවක් තියෙනවා දවසක්, 2ක් යනකම් ඇදේවි කියල..
අපි ඒ තත්වය වෙනස් වෙන විදියට රට දවසක හදන්න උවමනායි කියලත් හිතෙනවා..
ලෝකෙ තත්වෙ පහුගිය කාල වල අපි හොයල බැලුවා හදිසි ධනලාභ, හදිසි වාසනා ගැන, විශේෂයෙන් ලොතරැයි වාසනා ලැබුනු අය ගැන.
සාමාන්‍ය විදියට ලොතරැයියකින් පරම්පරා 5කට විතර මුදල් ලැබුනත්, ඒ දිනන අයගෙන් 95%කට වඩා පරම්පරා 5කට ලැබෙන සල්ලි, පලවෙනි අවුරුදු 5 ඇතුලත ඉවර කරගෙන නැති කරගන්නව කියල තමයි සංඛ්‍යාලේඛන වල තියෙන්නෙ.
ඒක ලෝකෙ තත්වය නිසා මම ලංකාවෙ අපි දන්න ඒව හිතල බැලුව.
ලොතරැයි වාසනා ලැබුනු අය 20ක් විතර දැනන් හිටියත් ඒ අයගෙන් හොද තත්වෙක අදටත් ඉන්නෙ 1-2ක් විතරයි කියලත් මතක් උනා..
ලොතරැයි කියන්නෙත් එක්තරා සූදුවක්.
#hithenadewalfeb2017 #ලොතරැයි #වාසනාව #අපි #රට

Thursday, February 16, 2017
Thursday, February 9, 2017
Monday, February 6, 2017
බලගතු ශ්‍රී ලංකාවකට යහපාලන ආණ්ඩුවෙන් ?
“ බලගතු ශ්‍රී ලංකාවක් “ යන තේමාව නිදහස් ලංකාවේ පලවෙනි අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ සංකල්පයකි. එතුමාට අවශ්‍යව තිබුනේ ලංකාව ලෝකයේම පිලිගැනීම තිබෙන, බලගතු රාජ්‍යයක් කිරීමටය.
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=735
අපේ රට ඒකාලයේ ආසියාවේම ආර්ථික වශයෙන් බලගතු රටක්ව පැවතින. කෙසේ වුවද පසුකාලීනව විවිධාකර දේශපාලනමය, සමාජයමය හේතු සාධක සහ බලපෑම් නිසා අපට එම තත්වයන් අහිමි විය.
සිංගප්පූරුව, ලංකාවේ කොළඹ වැනි තත්වයකට ගෙන ඒමට ලී ක්වාන් යූ අගමැතිතුමා ලංකාවට පැමිණ තීරණය කල අතර, මැලේසියාවේ මහතීර් මොහොමඩ් අගමැතිතුමාද ලංකාවේ දියුණු තත්වයට මැලේසියාව ගෙන ආ යුතු බවට ඒ කාලයේ තීරණය කරන ලදි.
වසර 30ක් පැවති යුද්ධයද ඊට පෙර පැවති භීෂණ සමයද දැඩිව ලංකාවේ ආර්ථික - සමාජිය පරිහානි වලට හේතු වූ අතර යුද්ධයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වූ පරිදි සැනසිලිදායක කටයුතු පැවති රජයෙන් ලැබුනේ නැත. එම නිසා 2015 ජනවාරි 8 වනදා “යහපාලනය“ තේමා පාඨය කරගත් මෛත්‍රිපාල මහතාව, ජනාධිපති කරන ලදි.
එදා මෙදාතුර වසර 2යි මාසයක පමණ කාලයක් තුලදී ලංකාවේ ආර්ථික සමාජීය තත්වයන් දන්නා අත්දැකීමෙන් විමසා බැලීමේදී 2015 වසර සාර්ථක වූ අතර 2016 සෑහෙන ආර්ථික වශයෙන් ගැටළු ඇති කල වසරක් බව සිතෙයි. එය සොයා බලන විට පෞද්ගලිකව මට පමණක් නොව දන්නා බොහෝ අයටද එසේ වී ඇති අතර, රජයටද එසේ වී ඇත.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිසි ගෞරවය ලැබීම, හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදු වූ වරද නිවරදි කිරීම, දුමින්ද සිල්වා, අතකොටා යන අයට මරණ දඬුවම ලැබීම නීතියේ පැත්තෙන් අප දුටු යහපත් දේ ලෙස සැලකිය හැක. එසේ කියා සියල්ලම ඒ පැත්තෙන්ද සාර්ථක නැත. හදාගත යුතු බොහෝ දේ තිබේ.
යහපාලන ආණ්ඩුවේ කරන ලද හොඳම දේ අතර 1990 නොමිලේ කරන ගිලන් රථ සේවාවද, වසර 13ක් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ ලක්ෂ 45ක් වූ පාසල් දරුවන් සියලුදෙනාටම රක්ෂණයක් ලබාදීම, ඖෂධ මිල අඩුවීම මූලිකව දැක්විය හැක.
ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය 1960 සිට වැඩි වී ඇත්තේ 28 ගුණයකින් පමණය. අපට එසේ වුවද අනිකුත් සෑම රටකම එය වැඩි වී ඇත්තේ අපට වඩා වැඩියෙනි. ඒක පුද්ගල ආදායම වැඩි වී ඇති බව කිසිවෙකු තර්ක කලොත්, එය වැඩි වි ඇත්තේ ගත් ණය නිසා මිස වෙන දෙයක් මත නොවන බව තේරුම් ගත යුතුය.
අධික ණය බර හැමදාම වැඩිවුනා විනා අඩුවීමක් වී නැත. එසේම රටක් විදියට අපේ ආනයන ප්‍රමාණය වැඩි වුවද, අපනයන ප්‍රමාණය වැඩි වී නැත. ඊට සාපේක්ෂව බදු බරද වැඩි කිරීම තුල ජනතාවට දැනෙන දෙයක් වී ඇත. පෙරට සාපේක්ෂව යහපතක් එහි තිබුනද වැඩිවුනු දේ ගැන වැඩියෙන් කතා කරන රටක, බදු නිසා සියල්ල වැඩි වුනු බවක් හැඟේ.
රජයේ වියදම් සාපේක්ෂව අඩු කර ඇති අතර, එහිදී පෙර පැවති ආණ්ඩුවට සාපේක්ෂව ඇමතිවරුන්ගේ වාහන - නිවාස වලට සේම, කාර්ය මණ්ඩල යනාදිය නඩත්තුවට ලබාදී ඇති උපදෙස් අනුව සිතිය හැක.
එසේ වුවද පෙර පැවති විවිධාකාර අක්‍රමිකතා, සොරකම් යනාදිය නව්‍යකරණයකින් යුතුව කෙරෙන බවට අපට විවිධාකාර ආරංචි මාර්ග වලින් පැහැදිලි වෙයි.
ඇතැම් අමාත්‍යංශයක අමාත්‍යවරයා සොරකම්, දූෂණ, අක්‍රමිකතා නවතා ඇත. ඔහු කරන්නේද නැත. නමුත් එම වැරදි තවමත් සිදුවෙයි. නිලධාරින් බොහෝමයක් පෙර සිටි අයමය, එසේම නව නිලධාරින්ද අතරද එසේ කරන අය සිටී.
බලය සමග එන මොලය සහ සිතීමේ හැකියාව මොටවීමේ හැකියාව තේරෙන්නේ එවන් වැරදි ගැන අදාල අමාත්‍යවරයන්ට දන්වන්නට යෑමෙනි. තමන් යටතේ සිටින නිලධාරින් එසේ නොකරනු ඇති බවට අමාත්‍යවරයාට ඉර හඳ මෙන් විශ්වාසය. එනිසා එවන් දේ නොකියා හරි - වැරදි ගැන කියා නැවතීමට එවන් දේ පිටුදකින අයට සිදු වී ඇත.
මෙහිදී බලය තියෙන අය තේරුම් ගත යුතු දේ වන්නේ බලය සදාකාලික නැති බවය. අප දන්නා කාලයේ අසීමිත බලයක් තිබ්බේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටය. වෙන කිසි රටක අවසන් කල නොහැකි වූ ත්‍රස්තවාදි යුද්ධයක් අවසන් කර, පාර්ලිමේන්තුවේ 3/2කට වඩාද, අනිකුත් සියලු රාජ්‍ය යාන්ත්‍රණයන්, පලාත් සභා, පලාත් පාලන ආයතන වල වැඩි බහුතර බලය හිමිව එතුමා සිටියේය. නමුත් 2005 සිට 2015 යන වසර 10කටත් අඩු කාලයකි, එතුමාටත් රාජ්‍ය බලය හිමිව තිබුනෙ.
එනිසා බලය තියෙන කාලයේ බලය නැති කාලයක හෝ ජිවතුන් අතර නැති කාලයක නරක නොඅසා හොඳ පමණක් අසන්නට කටයුතු කරන්නට ලැජ්ජාවක් - බයක් / දේව ධර්මය ගැන හැඟීමක් දේශපාලකයන්ට ඇති විය යුතුමය. එය ඉදිරි කාලයේ ඇති වනු ඇති බවට උදක්ම විශ්වාස කරනව.
මේ සියලු කාරණා සමග සොයා බලාගෙන යාමේදි අප මුලින්ම පැහැදිලි කරගත යුත්තේ රටේ ප්‍රශ්නයක් තිබෙන බවය. අපි දැවැන්ත අවුලක තවම සිටිමු. එය මුලින් තේරුම් ගත යුතුය. පෙර රජ දවස අප බොහෝ දියුණු රටක් බව සැබෑය. නමුත් අතීත ශ්‍රී විභූතිය පමණක් සිතීමෙන් ඵලක් නැත. නව ලෝකය සමග දියුණුව යා යුතු වේ.
වර්තමාන ආණ්ඩුවේ ආයෝජන කලාප සැලැස්මවල් දෙස බලන විට, වැරදීම් නැතිව නිවරදිව කරගෙන යන්නේ නම් ඒ ගැන සුභවාදි බලාපොරොත්තුවක් තබාගත හැකි බවද විශ්වාසය. හම්බන්තොට ආයෝජන කලාපයක් ලෙස වැඩි වර්ධනය කල යුතුම දෙයකි. GSP + සහනය මාස 2ක් ඇතුලත බොහෝවිට ලැබෙනු ඇත. ඒ හරහා රෙදිපිළි පමණක් නොව තවත් බොහෝ දෑ සඳහා යුරෝපීය වෙළඳපල විවෘත වෙයි. සංචාරක කටයුතු දියුනු කිරීමද, කෘෂිකර්මාන්තය දියුණු කිරීමද, අන්තර්ජාලයට අදාලව ලෝකය සමග ගනුදෙනු කිරීම් ආදියට රජයේ මැදිහත් වීම මත ලබාදෙන සහයෝගය මතද රට දියුණු කල හැකි බව අපගේ විශ්වාසයයි.
එය එසේම වනු ඇති බව විශ්වාස කරමු. මක්නිසාද යත්, නැතිනම් අපේ රට තව තවත් යන්නේ අගාධයට නිසාය. මතු පරපුරක දරුවෙකු, “ රට වෙනුවෙන් මොනවද කලේ ? “ යන්න අසද්දී, රටට කල දෙයක් කීමට රට හොඳ තැනක තිබිය යුතුමය.
අපේ රටට තුනුරුවන්ගෙ සරණයි !
Sukumal Harischandra
+94 770 253438

Saturday, February 4, 2017
Subscribe to:
Posts (Atom)