Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Saturday, October 11, 2014

ප්‍රේමය හැඟීමකි...

ප්‍රේමය හැඟීමකි... වෙන කිසිවකටත් වඩා හැඟීමකි... වචන වලින් පටන් ගෙන ක්‍රියාවන් නිසා ඉදිරියට පවතින්නකි....
ප්‍රේමය අරුම පුදුමය... ප්‍රේමයට වෙනත් දෑ නැත... මෛත්‍රිය ප්‍රේමයට එහාය... එතන රාගයක් නැත...

“ ලගට ගිහින් හිමිට අත හොඳින් ඒත් මුදු සුමුදුව ආදරේ දැනෙන්න අල්ලන්න ඒ අත... මටත් තියෙනවා පැතුමක්... “ කලින් එකම එක වතාවයි ඒක කරල තියෙන්නෙ... පොඩි දෙයක් උනත් ලොකු දැනීමක් දැනෙන තේරෙන දෙයක්.....

අත කියන්නෙ මොලෙන් එලියට ආපු කෑල්ලක් කියල කියන්නෙ... එතකොට අත මුදු සුමුදුව ඇල්ලුවොත් විශේෂයෙන් වම් අත..... වම් අත ක්‍රියාකාරි වෙන්නෙ දකුණු මොලයෙන්.. .දකුණු මොලයෙන් තමයි නිර්මාණශීලි දේවල්, ආදරේ එහෙම කරන්නෙ... ඉතින් .....

අත ඇල්ලුවට කමක් නෑ කියන ආදරවන්තියක් ගාවදී... දකුණු මොලේට හදවතට දැනෙන්න අත අල්ලන්න... හ්ම්... තියෙනවා පැතුමක්... හරිම ආදරණීය දෙයක්.... පොඩි උත්කර්ෂයකුත් එක්ක දැනෙන......

Mae Chee Kaew - සිල්මාතා කායිව්.

“ ඔබ ඔබව හඳුනා ගන්න.
ඔබේ වැරදි පිළිගෙන,
ඒවා නිවරදි කරගැනීමට කටයුතු කරන්න.
ඔබ, කිසිවක් ඔබෙන් සඟවන්න එපා...

සැමට ම වැඩිය, ඔබ ඔබට බොරු කියාගන්න එපා....

සතුටු නම් මුලු ලොවට ම ඔබට බොරු කිව හැක, 

නමුත්.... ඔබ ඔබට බොරු කියා නො ගත යුතුය.... “

Friday, October 10, 2014

@ අමාදහර බලමින්.. (අදහස් මගේය)

ගොඩක් අය හිතනවා අර කොරියන් කතා, ඉන්දියන් කතා, ලංකාවෙ මෙගා කතා වල ඉන්න පෙම්වතියෝ, පෙම්වත්තු ඇත්තට ඉන්නව කියල... එයාලට පෙම් කරනවට ගෙවනවනේ...
ඕව බලල අර සුජිව ප්‍රසන්න ආරච්චි වගේ මහත්තුරුන්ගෙ ලද බොළඳ කතා කියවල හිතනවා ලෝකෙ තියෙන්නෙ එකම දෙයයි ආත්මාර්ථකාමිකමයි, ප්‍රේමයයි කියල...

මඟුල තමයි ඔළුවෙ තියෙන්නෙ.... ඉන්නෙ සුරංගනා ලෝක වල... අන්තිමේ වැරදුනාම තේරෙනවා වැරදුනා කියල... ආයෙත් හිතන්නෙ වැරදියට... එක්කො ගොඩ එන්න බෑ කියල හිතනවා.. මුරණ්ඩුකම ඉස්සරහට එනවා... දැන් අය ගොඩක් උගත්තුනේ ඒකත් බලපානව...

අපි කිව්වත් අහන්නෙ නෑ ඒ හැටියට දැන් හැදෙන තරුණ දරුවෝ...
වැරදෙන්න කලින් කියන්නෙ, වැරදිලා, වැරදෙන හැටි ගැන ජිවිත අත්දැකීම් ඇති තරම් තියෙන නිසයි හ්ම්....

Thursday, October 9, 2014

Missed People on Viber


දානෙන් පස්සෙ මුල් සතිය...

දානෙන් පස්සෙ සඳුදා රෑ වෙද්දි මේ පලාතට එන්න ලැබුනා... සුදු ආච්චිවත් එක්කගෙනම ආව...

අඟහරුවාදා හරිම හීතල දවසක්... හොඳටම වැස්ස... සුදු ආච්චිගෙ කකුලෙ පොඩි තුවාලයක් තිබිල තියෙනවා ඒක පැසවල උණ ගත්ත... හීතල නිසා තව අවුල්....

ඩොක්ට අයිය හොයද්දි රත්නපුර හොස්පිටල්... කාලෙකින් දැක්කෙත් නෑ...

ඊට පස්සෙ හේමාස් ගෙනියන්න හිතුවත් එතන අය හොද උනාට වැඩ පිලිවෙල ගැන වැඩි කැමැත්තක් නැති නිසා ඒ අදහස අතෑරියා...

හොදටම වහිද්දි අම්ම එක්ක මේ පැත්තෙ තියෙන ෆාමසියකට ගියා. එතන අයිතිකාර නෝන අඳුනනවා... ඒ මහත්තය දොස්තර කෙනෙක්...
ඒ ඩොක්ට එහෙම ගෙවල් වලට යන්නෙ නෑ, කකුලෙත් පොඩි ඩමේජ් එකක් ආමි එකේ ඉද්දි තිබිලා ලගදිත් ආයෙ මොකක්ද වෙලා...

ඒපාර ඒ ආන්ටි කිව්ව මම නිසා දොස්තර මහත්තයට යන්න කියල.. එයාල ධර්මයට හරිම ලැදියි... මා එක්ක දවසක් 2ක් කතා කරලා මට මතක හැටියට අංගුත්තර නිකායේ සූත්‍ර මොනවද ගැන කිව්වා... එක සූත්‍රයක් හොයාගන්න තිබ්බෙ නැ...
ඉතින් මං අපේ දිනුෂ් අයියලගෙන් හෙව්ව... ඊට පස්සෙ නිපුන මල්ලිටත් කිව්ව... නිපුන මල්ලි කියල බුද්ධික ඉන්දීර වගේ නමක් තියෙන සූත්‍ර පිටකය හොදට කියවපු මහත්තයෙක්ගෙන් අහල ඒක හොයල දුන්නා... ප්‍රින්ට් කරලම ගෙනිහින් දුන්න...

ඒකේ සතුටට නිතර මම ගියාම ධර්ම කරුණු මොනව හරි කියනව... මාත් ඉතින් ටිකක් දන්න නිසා කතා කරල එනව.. වයස එක්ක මගෙ ධර්මය ගැන උනන්දුවට එයාල හරි කැමති...
කොහොම හරි කවුරුවත් නොදන්න ගෙන්දගම් පොලවේ... උදව්වට කෙනෙක් හොයාගන්න ලැබුන... දොස්තර මහත්තයා ඇවිල්ලා සුදු ආච්චිව බලල බෙහෙත් දුන්නා. කකුලේ තුවාලෙටත් කරන්න ඕන දේ කිව්ව. ෆාමසියේ ඉන්න මිස් කිව්වා නංගිට හරි මට හරි කරන්න බැරි නම් කියන්න හවසට එන්නම් කියල...

අපෙ නංගිට ඔය වගේ ඕන දෙයක් පුලුවන්... එයා අත තිව්වත් ලෙඩ හොඳ වෙනව... එයා හොදට ඒ වැඩේ කරල තිබ්බ... ෆාමසියේ බෙහෙත් වලට විතරයි සල්ලි ගත්තෙ.. ගෙදර ආවට වෙන මොකටවත් ගත්තෙ නෑ... ඒක ඇත්තටම පින් කියල මම හිතනව... වැස්සෙ තෙමිගෙන වැඩ කරන්න උනාට මට හිතට සතුටුයි... දැන් මේ පාඩුවේ හිටියට මම ගංවතුර අස්සෙත් ගියපු නිතරම වගේ වැස්සෙ තෙමුනු කෙනෙක් ඉස්කෝලෙ කාලෙ...

ඊට පස්සෙ රාජකරුණ මහත්තයට කේන්දර ඔෆිස් එකක් හොයන්න වැස්සෙ ඇවිද්දා තැනක් ලැබුනා... සැටිස් මදි... තැන නම් හොදයි බත්තරමුල්ලෙ හොද පැත්තක්... හැබැයි ඒ තැනට එතුමගේ ගෞරවනීය අයට එන්න කියන්න හරි මදි වගේ...
එහෙම එක දවසක් ගෙවුන.. හ්ම්... 

කුමරියෙ ඔබ අද මා ලග නෑ.........

සුදු ඇඳුමින් සැරි මුවහසරැල්ලේ...
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ...
තනිවෙන විට මා සමඟින්... ඉඟිකර අදිමදි කරමින්...
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ......

රන්තරු වටකර පායන සඳ ඇඳි
සෙවණැලි සිතුවම් රෑ .....
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන් නෑ...
අඩවන් වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ..
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ......
කුමරියෙ ඔබ අද මා ලග නෑ.........

ගංතෙර ලඟ බට පඳුරෙහි
සිරි සිරි හඬ මට සිහිලැල් පෑ....
කුළුඳුල් ආදර හැඟුමන් විසිරෙන් නෑ....

පාසල් යන ඔබ මාවත සිහිවෙන විට මට ඉවසුම් නෑ.....
මගෙ සිත තනිවම දොඩවයි සමඟින් ඈ....
කුමරියෙ ඔබ අද මා ලග නෑ.........



පහුගිය දවස්... - දානෙ කාලේ...



ගොඩක්ම අය ආවා... 250-300ක් හිතුවට අන්තිමේදි 450කට වඩා ඇවිත් තිබ්බා... නෑයෝ හිතවත්තු හැමෝම ආවා... මට එනව කියල අපේ එරංග සන්දීප මල්ලිත්, කනිෂ්ක අයියත් ආව...

Kanishka De Lanerolle

Eranga Sandeepa 

දානේ දවස් ගැන වෙනම කියන්න හිටියත් කියන්න උනේ නෑ හ්ම්... 
Wid Guy Mama
Dulshan Aiya


ගයි මාම, දුල්ෂාන් අයිය එක්ක පලවෙනි වතාවට පින්තූර ගත්ත...


හැමදේම හොඳින් සිද්ධ උනා...

සව්වයි, නව්වයි නම් ආවෙ නෑ...

වැඩපු හැම හාමුදුරුනමකටම අටපිරිකරක් පූජා කරන්නත් පින ලැබුන.... ඒ ගැන සතුටුයි.... ඒ ගැන අපේ ඇල්පිටියේ ධම්මික නායක හාමුදුරුවෝ දානේ වෙලාවේ හොඳ දේශනා කලා...
https://www.youtube.com/watch?v=sGI5SJ7G_Jo&feature=youtu.be

ඉතින් කොහොම හරි දානෙත් හොඳට කෙරුන... යම් යම් දේවල් තව හදාගන්න තියෙනව ඒවත් කරන්න ඕන.... 

Wednesday, October 8, 2014

Appachchi I will cherish those sweet memories of you - Supipi Harischandra

Sun day Times - Plus (5th of Oct 2014)
(Special thanx goes to Mr. Sanath Weerasuriya )

My beloved grandfather's sudden demise, created a vacuum in our lives. My memories of him over the 20 years of my life are impossible to put into words. I was blessed to have his love and guidance from my early days.

The best days of my life are filled with memories of him.
Aiya and I called him 'Appachchi', but he was Seeya to his other grandhildren. He was my mother's father but he was like a father to us. He was a solicitous, caring person always, there for one in good times or bad. Even during the worst situation, his explanation would be with a smile.
He was to me and many others a living symbol of perfection. Born in 1916 in Kahaduwa the elder son of T.D. Gunawardena Maha Ralahami, he lived to a great age quite independently.

I was his favorite because of my long hair. He called me 'Chuty Nona'. Every first day of a new school year, I went with Appachchi. During week days, he visited my classromm with chocolates and pocket money. When we grew older he never stopped giving us chocolates. He even gave Amma chocolates.

An old boy of St.Joh's College, Appachchi was a great cricket fan and strict disciplinarian. He was a strong supporter of the UNP and worked hard towards its goals. His favorite naphew was Gayantha Karunatilleka of UNP.

Appachchi was concerned about his children, Manel, Geetha, Ravi and Nimali. He showed the same concern for his grandchildren Piumal, Praharshi, Suharsshi, Sukumal, Supipi, Thaveesha, Dileesha n Maneesha and great grandson Chatra and was keen to mold us to become model citizens. He guided and advised us and was always happy about our achievements.

Appachchi always strove to see the god in all of us. I have never heard him say an unkind word about anyone. All would agree with me if I say that his greatest quality was his generosity. He was noble magnanimous person but he never publicized his beneficence nor bragged about his accomplishments.

Appachchi was the backbone of strength to us and to all those who knew him. He was endlessly enthusiastic, always interested in everyone and essentially good hearted. He posssessed a deep reservoir of kindness and limitless generosity which always reached put to help people, irrespective of who they were.

He always looked so smart, and neat, dressed in white with shining black shoes. He liked to use eau de clognes and perfumes.

The Sunday Times and Daily Mirror newspapers were his favorite news sources and Sunday was his 'Times' day with his beloved Sunday Times the whole day.
Right now to all those who loved this noble person, the sky seems dark without him.

There seem to be no stars such as him, to guide us, but I tell myself that if we keep looking up he will be there to help us find the way.

To me, his loss leaves a void which can never be filled, but I look forward to the day when we meet again in Sansara.
Darling Appachchi, all of us miss your loving presence and bubbly personality. I will cherish your beautiful memory as long as I live...
May your journey through Sansara be light and short...
~
Hmm she is better than me.. I m so proud of U my Sister 

Tuesday, October 7, 2014

පින නැති කරගැනීම පවකි.... මම නම් තාමත් ඒ තත්වයෙන් පින් කරමින් සිටිමි... හ්ම්...

බුද්ධ පුත්‍රයෙක් වෙන්න ලැබෙන එක මහ පිනක්....
ඒක හොදටම තේරෙනවා ගිහි ජිවිතයේ ඒව එක්ක ගැටෙන අපිට...
‘අභිධර්ම පිවිසුම‘ පොතේ මුල කියවද්දි දැනුනු තේරුනු දේවල් එක්ක, සසුන්ගත නොවෙන්නෙ තියෙන වගකීම්, කල යුතු දේ හිතලයි...

කලින් සිවුරු දරපු කෙනෙක් හිටියා... හරි පිං පාටයි... සහෝදරයෙක්ට වගේ සැලකුවා ගරුත්වය එක්ක.. අනවශ්‍ය කරදර එද්දි මම ඒව විසඳලා දුන්නා... ගොඩක් අය හිතුව සහෝදරය කියල....

මාත් ඒකාලේ මනෝ විද්‍යාව කරල හිටියෙ. ඒ චරිතය වතාවක් අපේ අම්මට කියල තිබ්බා

“ මම සුකුමාල්ට වඩා වැඩි වයස අවුරුදු 2-3යි. ඒත් මම අධ්‍යාපනයෙන් ඉහලම තැනක කියල“

ඒකට නම් මට දුක හිතුන මොකද ගිහි ජිවිතයේ වෙච්ච දේවල් එක්ක මම ඉන්න තත්වෙත්, නිවන් මගට යන පාරට ඇවිල්ලා නිදහසේ වැඩ කරන්න වාසනාව ලැබුනු ඒ වගේ කෙනෙක් මාව සංසන්දනය කරපු එකට...

ඉතින් එහෙම කියපු ඒ චරිතය අද ශාසනේවත් නෑ... අධම ගති තියෙන කවුරුහරි රවට්ටලා සිවුරෙනුත් පිට වෙලා.... වැරදි දැනගත්ත ඒ ආරණ්‍යයේ ලොකු හාමුදුරුවෝ නිකායෙන් ඉවත් කරල තියෙනවා....
පිං කියල හිතුවේ... දවසක ඒ නිකායේ මහානායක හාමුදුරුවො වෙන්නත් හැකියාව තිබුන කියල මම හිතනව....
අන්තිමේ.... ඒ පින නැති කරගෙන.... --- ඒක ජිවිතේ හැටි වෙන්නැති.... හ්ම්....
— feeling Digusting.

Sunday, October 5, 2014

Hmm love ...

මේ දවස් වල අපේ සීයගේ මාස 3නේ දානෙත්.... ආච්චි අම්මගේ අවුරුදු 17 දානෙත් නිසා බ්ලොග් එකේ ලියන්න දේවල් තිබ්බත් ඊට කලින් දෙයක් ලියන්න ඕන...

මම ආදරේ කරන්නේ මට පුලුවන් විදියට... හැමෝම එහෙමයි...

2007න් පස්සෙ ලයිව් ලව් එකක් නොතිබුනු මට මෙතනදි මුණ ගැහුනු විබා හොද යාළුවෙක් උනා.. යාළුකමට එහා යන්න මම කැමති උනත් එයා ඒ දවස් වල කැමති උනේ නෑ.. 2010දි විතර...
මට ආෂ් මීට් වෙන්නෙ 2011 නොවැ. පස්සෙ මම අකමැත්තකින් වගේ උනත් එයාට ආදරේ කලේ හොදයි කියල හිතුනු නිසා... එයා 2011 නොවැ. ඉදන් 2012 මැයි වෙනකම් අකුරක්වත් නැතිව කිසිම විදියකින් ඉන්නවද නැද්ද දන්නෙ නැති වෙන්න අතුරුදන් උනත් මම දිගට හිතේ තියාගෙන හිටිය...

පැය ගණන් ෆේස්බුක් ඇවිත් අද ඒවි හෙට ඒවි කියල හිතුව බැලුව... එහෙම උනේ නෑ... අන්තිමේ මාර්තු වලදි විතර මට විබා කැමැත්තකින් වගේ කතා කරද්දි දේවල් කියද්දි මම කිව්ව මම වෙන කෙනෙක්ට ආදරෙයි කියල... ඒක හරිද වැරදිද කියන්න අදටත් මට තේරෙන්නේ නෑ මම හිතනව හරි කියල...
විබා හොද යාළුවෙක් විදියට ඉන්නව...
මැයි වලදි ආපු ආෂ් 2012 දෙසැ වල තරහ වෙන්නෙ මේක නවත්තමු කියන්නෙ මගේ නපුරුකමට වෙන්නැති... ඒකට වෙන හේතුවක් තිබුනු බව මම දැනගත්තෙ පස්සෙ... හ්ම්...
මම සතුටු උනේ ගෙදර අය කියන දේ අහල හොදින් ඉදිවි තාත්තගෙ රැකවරණය හැමදේම නිසා...

අනික ඒ කාලේ මගේ ආර්ථික තත්වය දුර්වලයි ඒව එක්කම බැදුනු අනික්වත් ඒ තරම දෙයක් තිබ්බේ නෑ....
2013 මම ගොඩක් ලංවුනු කෙනෙක්ට මාස 2ක් ආදරේ කරා ඒකත් නැති උනා... ඒ අතර හිත හදපු ගොඩක් අයට ලං වෙන්න උනා... ඒ හිත හදන්න ඒ අතර ආදරය ගාවට ආපුව තිබ්බ... ඒත් ආදරයක් කියන තැනට ආවෙ නෑ...  2013 ආයෙ ඇවිල්ලා වෙච්ච දේවල් කියන ආෂ් එක්ක ගොඩක් සතුටින් කතා කර කර හිටියට එයා ආයෙත් අතුරුදන් වෙලා එන්නෙ 2014 සැප්. වල...

කොහොම හරි මම මෙතන ඇත්තටම දැනුනු ඒව දාන්නෙ මට හිතෙන නිසයි... එතනදි මගේ චරිතය හොදද නැද්ද කියන දේ දන්න අය මම ඇතුළුව ඇති තරම් ඉන්නව... ඒනිසා මට කමක් නෑ මොන විදියට කවුරු හිතුවත්....  2014 ලං වෙච්ච අය අතර ඉදිරියෙන්ම ඉන්නෙ කසින් කෙනෙක්ගෙ හොදම යාළුවෙක්, ඒ නංගි ප්‍රේමයකට ගන්න වටිනව වැඩි... මව්වත් ගුණ තියෙන දරුවෙක්... ඒනිසයි සියුමැලි මල යහපත් මිතුරිය කියල ලියල... ආදරේට කැමති දේත් ලියල පස්සෙ ආපහු අවබෝධයෙන් ප්‍රේමය මැරුව කියල ලිව්වෙ මෛත්‍රිය පෙරදැරිව... අදටත් හොදම යාළුවෙක්..

මම කරන දේ කරපු තරමෙ හැටියට යම් දෙයක් අද ලබල තියෙනව... ඒ ගැන සතුටුයි... මගෙ චරිතය මම ඇතුළු ඕන තරම් ඉන්න නිසා ඒකෙ කමකුත් නෑ... හැබැයි මේක කියවල මම ගොඩක් අය එක්ක යාළු වෙලා හිටිය කියල හිතෙනකොට එයා ගැන කෙසේ වෙතත් මට ඇතිවෙන්නෙ මං ගැනම පසුතැවිල්ලක්... අන්තිමට හැමදේම මගේ මනස්ගාත නිසා... හ්ම්...

Saturday, October 4, 2014

Village time 10-2 to.... Alms giving

Village time is pretty good.. Yesterday I downloaded almost 15 movies with Dialog 4G...
No 4G for Galle and there were 13GB's left...


Its good to be in Village....

Love seems still meaningless as its all my fault... whatever happens life goes on....

https://www.facebook.com/sukumal.harischandra/posts/10203716180299529

https://www.facebook.com/sukumal.harischandra/posts/10203723528283224

Thursday, October 2, 2014

Hurting People


Some people very like to hurt others....
They come & go.... and come back again... to da the damage again... n yet.. we face it and gt hurt....

සමහර අය හරි කැමතියි රිද්දන්න....
එනවා... රිද්දනවා ... යනවා.... ආයෙත් ඒකම කරන්න එනව...
අපි ඉතින් ඒකට මූණ දීලා ආයෙත් ඒකම කරගන්නව හ්ම්....