Tweets by @Tweetsbysuku myblog: කුමරියෙ ඔබ අද මා ලග නෑ.........

Facebook Fan Page

Thursday, October 9, 2014

කුමරියෙ ඔබ අද මා ලග නෑ.........

සුදු ඇඳුමින් සැරි මුවහසරැල්ලේ...
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ...
තනිවෙන විට මා සමඟින්... ඉඟිකර අදිමදි කරමින්...
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ......

රන්තරු වටකර පායන සඳ ඇඳි
සෙවණැලි සිතුවම් රෑ .....
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන් නෑ...
අඩවන් වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ..
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ......
කුමරියෙ ඔබ අද මා ලග නෑ.........

ගංතෙර ලඟ බට පඳුරෙහි
සිරි සිරි හඬ මට සිහිලැල් පෑ....
කුළුඳුල් ආදර හැඟුමන් විසිරෙන් නෑ....

පාසල් යන ඔබ මාවත සිහිවෙන විට මට ඉවසුම් නෑ.....
මගෙ සිත තනිවම දොඩවයි සමඟින් ඈ....
කුමරියෙ ඔබ අද මා ලග නෑ.........



No comments:

Post a Comment