Tweets by @Tweetsbysuku myblog: දානෙන් පස්සෙ මුල් සතිය...

Facebook Fan Page

Thursday, October 9, 2014

දානෙන් පස්සෙ මුල් සතිය...

දානෙන් පස්සෙ සඳුදා රෑ වෙද්දි මේ පලාතට එන්න ලැබුනා... සුදු ආච්චිවත් එක්කගෙනම ආව...

අඟහරුවාදා හරිම හීතල දවසක්... හොඳටම වැස්ස... සුදු ආච්චිගෙ කකුලෙ පොඩි තුවාලයක් තිබිල තියෙනවා ඒක පැසවල උණ ගත්ත... හීතල නිසා තව අවුල්....

ඩොක්ට අයිය හොයද්දි රත්නපුර හොස්පිටල්... කාලෙකින් දැක්කෙත් නෑ...

ඊට පස්සෙ හේමාස් ගෙනියන්න හිතුවත් එතන අය හොද උනාට වැඩ පිලිවෙල ගැන වැඩි කැමැත්තක් නැති නිසා ඒ අදහස අතෑරියා...

හොදටම වහිද්දි අම්ම එක්ක මේ පැත්තෙ තියෙන ෆාමසියකට ගියා. එතන අයිතිකාර නෝන අඳුනනවා... ඒ මහත්තය දොස්තර කෙනෙක්...
ඒ ඩොක්ට එහෙම ගෙවල් වලට යන්නෙ නෑ, කකුලෙත් පොඩි ඩමේජ් එකක් ආමි එකේ ඉද්දි තිබිලා ලගදිත් ආයෙ මොකක්ද වෙලා...

ඒපාර ඒ ආන්ටි කිව්ව මම නිසා දොස්තර මහත්තයට යන්න කියල.. එයාල ධර්මයට හරිම ලැදියි... මා එක්ක දවසක් 2ක් කතා කරලා මට මතක හැටියට අංගුත්තර නිකායේ සූත්‍ර මොනවද ගැන කිව්වා... එක සූත්‍රයක් හොයාගන්න තිබ්බෙ නැ...
ඉතින් මං අපේ දිනුෂ් අයියලගෙන් හෙව්ව... ඊට පස්සෙ නිපුන මල්ලිටත් කිව්ව... නිපුන මල්ලි කියල බුද්ධික ඉන්දීර වගේ නමක් තියෙන සූත්‍ර පිටකය හොදට කියවපු මහත්තයෙක්ගෙන් අහල ඒක හොයල දුන්නා... ප්‍රින්ට් කරලම ගෙනිහින් දුන්න...

ඒකේ සතුටට නිතර මම ගියාම ධර්ම කරුණු මොනව හරි කියනව... මාත් ඉතින් ටිකක් දන්න නිසා කතා කරල එනව.. වයස එක්ක මගෙ ධර්මය ගැන උනන්දුවට එයාල හරි කැමති...
කොහොම හරි කවුරුවත් නොදන්න ගෙන්දගම් පොලවේ... උදව්වට කෙනෙක් හොයාගන්න ලැබුන... දොස්තර මහත්තයා ඇවිල්ලා සුදු ආච්චිව බලල බෙහෙත් දුන්නා. කකුලේ තුවාලෙටත් කරන්න ඕන දේ කිව්ව. ෆාමසියේ ඉන්න මිස් කිව්වා නංගිට හරි මට හරි කරන්න බැරි නම් කියන්න හවසට එන්නම් කියල...

අපෙ නංගිට ඔය වගේ ඕන දෙයක් පුලුවන්... එයා අත තිව්වත් ලෙඩ හොඳ වෙනව... එයා හොදට ඒ වැඩේ කරල තිබ්බ... ෆාමසියේ බෙහෙත් වලට විතරයි සල්ලි ගත්තෙ.. ගෙදර ආවට වෙන මොකටවත් ගත්තෙ නෑ... ඒක ඇත්තටම පින් කියල මම හිතනව... වැස්සෙ තෙමිගෙන වැඩ කරන්න උනාට මට හිතට සතුටුයි... දැන් මේ පාඩුවේ හිටියට මම ගංවතුර අස්සෙත් ගියපු නිතරම වගේ වැස්සෙ තෙමුනු කෙනෙක් ඉස්කෝලෙ කාලෙ...

ඊට පස්සෙ රාජකරුණ මහත්තයට කේන්දර ඔෆිස් එකක් හොයන්න වැස්සෙ ඇවිද්දා තැනක් ලැබුනා... සැටිස් මදි... තැන නම් හොදයි බත්තරමුල්ලෙ හොද පැත්තක්... හැබැයි ඒ තැනට එතුමගේ ගෞරවනීය අයට එන්න කියන්න හරි මදි වගේ...
එහෙම එක දවසක් ගෙවුන.. හ්ම්... 

No comments:

Post a Comment