Tweets by @Tweetsbysuku myblog: පියාපත් ලද දෝණිය - නව කතාවකි..

Facebook Fan Page

Tuesday, August 5, 2014

පියාපත් ලද දෝණිය - නව කතාවකි..

පියාපත් ලද දෝණිය වෙනස් නව කතාවක් කාලෙකින් කියවපු හ්ම්.....

ඒක අපේ නංගිගෙ පොතක්... නංගිගෙ පැත්තෙන් පොත ගැන හොඳ කමෙන්ට්ස් තිබ්බේ නෑ... ඒත් මට නම් ඒ පොත හොඳ පොතක්...

ඒ පොතේ තියෙන චරිතය පුදුම තරම් ධෛර්යයක් වගේම මුරණ්ඩුකමත්, හිතේ හයියත් තියෙන ගෑණු ළමයෙක්....

බිංදුවටත් පහලින් ජිවිතේ පටන්ගෙන ඉහලටම ආපු කෙනෙක්...

එතනදි එයාගෙ ආදරය, ප්‍රේමය ගැන  හිතුවම... එයා ඒවට ලොකුවට ඇලුන වගේ පෙන්නුවත් හිතේ හයියෙන් ඒවයෙන් ගැලවෙනවා...
එතනදි ඕෂ් කියපු ආදරවන්තියක් තුරුල් කරගෙන ඉන්න ලැබුනද කියන කතාවත් මතක් උනා... කොහොම උනත් ඒක මට හරියටම මතක නෑ.. පොත කියෙව්වෙ දවස් ගානකට කලින් නිසා...
ප්‍රේමය සම්බන්ධ තැන් වලදි ගෑණු ළමයි පුරුදු පරිදි බොහොම හදවතින් විතරක් හිතන බව තේරෙනවා.. හ්ම්...

ඒවගේම එක තැනකදි එයාගෙ ඉපයීම් එයාගෙ යාළුවගෙ බිස්නස් කරන මුදලාලිට වඩා වැඩි හෝ සමාන වගක් කියනව... ඒක ලියල තියෙන්නෙ ඉංජිනේරු නෝන කෙනෙක් නිසා එතනදි නම් ගැටළුවක් තියෙනව කියල හිතනව... මොකද රස්සාවයි බිස්නසුයි කියන්නෙ 2ක් නිසා...

වැදගත්ම දෙයක් විදියට ගෙදර අයට එයාගෙ ආදරය.... මුල් කාලයේ බඩගින්නෙ ඉද්දි අක්කට කෑම ගෙනියන එක, රට ගිහින් වැඩියෙන් ආසාවටවත් කෑමකට වියදම් නොකිරීම.... පස්සෙත් රටට ඇවිත් දෙමාපියන්ට හොද තත්වයක් දෙන්න මහන්සි වීම වගේ කාරණා ගොඩක් වටිනවා...
එතනදි එයා දෙමාපියන්ගෙ ඉල්ලීම් විදයට ගමේ නොඉද ගියපු නිසයි ජිවිතේ වෙනස් උනේ හොද පැත්තකට....

නමුත් එයාගෙ ආදරය දෙමාපියන්ට තිබුනු විදියටම තිබ්බා... සලකන්න ගොඩක් හිතුවා... නමුත් දෙමාපියන් හිතුවෙ එයාල දැනට ඉන්න තත්වය හරිම ඉහල, සතුටුදායක දෙයක් කියලයි....

මමත් යුතුකම් කල යුතුයි, සැලකිය යුතුයි කියල හිතන අද ජිවතුන් අතර නැති, සහ ඉන්න සමහර අය ගැන හිතුවම එයාලත් සතුටින් ඉන්නවා හොද තත්වෙක කියල... ඒක ඇත්තටම හොද නොවුනත් මටත් තාම දෙයක් කරගන්න බැරි නිසා පොඩි සැනසීමක් තියෙනව... එයාල සතුටින් නිසා... හ්ම්...

කාලෙකින් කියවපු හොඳ පොතක්... හ්ම්...

No comments:

Post a Comment