Tweets by @Tweetsbysuku myblog: මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කරනවලු ලංකාව

Facebook Fan Page

Saturday, August 9, 2014

මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කරනවලු ලංකාව

මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කරනවලු ලංකාව... කරගෙනලු යන්නේ.....
පාරවල් හැදිලා ලොකු ලොකු ඒව හැදිලා හරි දියුණුයිලු....

ඒත් තවමත් සමහර ගුරු විද්‍යාල, විද්‍යාපීඨ වල ළමයින්ට තාම දෙන්නෙ රු.2300... ඒ දරුවන්ගෙ ජිවිත යන විදිය හිතුවම පුදුමත් තියෙනව... 2300න් කොහොම ඉන්නද මංදා 4ක් ඉන්න පවුලක සාමාන්‍ය වියදම 60,000ක් විතර... 

හිතාගන්නත් බෑ... මෙහෙම ඒව වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව....

එකම හොඳේ ඉතින් ඒව කරදර උනත් අප්‍රමාණ ධෛර්යයෙන් ඒව විඳගෙන හොඳට ඉදලා රස්සාවකට ගිහිල්ලා සේවයක් කරන එක.....

එච්චර දුක් විදලත් කොහේ හරි ඉන්න ධනවතෙක්ගෙ කම්පැනියක රස්සාවකට ගිහිල්ලා හරි හරියට සේවා නොදෙන ආණ්ඩුවෙ රස්සාවකට ගිහිල්ලා හරි හිතනවා රජ උනා කියල.... 
නැත්නම් රස්සාවකට වෙන රටකට යනව... ඒත් වැඩි ගානක් විතරයි... හ්ම්....

මේව වෙනස් කරන්න තිබ්බ නම් කියල හිතෙනව... හ්ම්... 

No comments:

Post a Comment