Tuesday, November 22, 2016
Friday, November 18, 2016
Wish I could...
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්...
කල්පයක් සේ දැනේවි...//
අපි කතා නොකර හිඳිනා... ටික දවසට...
මල් පිපී පරව යන අරුමේ...
ඔබ හිනා දකින්නට... මල් පුසුඹ දිගේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ...
අපි ලංව බලන් හිඳිනා... එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ..
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ...
Wednesday, November 9, 2016
Sunday, November 6, 2016
Friday, October 14, 2016
+Lilly Collins Fanpage ඔව් එයා ලිලි කෝලින්ස් වගේ තමයි..
කලකින් දැක්ක ඉතින් හ්ම්.. ඒනිසා අවුරුදු ගානකට කලිනුත් තිබ්බ, කවදාවත් කියාගන්න බැරි වෙච්ච අප්‍රකාශිත ප්‍රේමයක දේවල් මතක් වෙන්න ගත්ත..
කිව්ව නම් කැමති වෙන්නත් තිබ්බ කියල හිතට එනව හිටං..
ඒත් කියාගන්න බැරි වෙන්නත් හේතු තිබ්බ..
දැන් තත්වෙ වෙන කෙනෙක් ඉන්න එක හිටං..

Thursday, September 29, 2016
Need JUSTICE for KDU students -
Thanx Yasiru informing me... hmm
http://lankaenews.com/news/4577/si
මේ ගැටළු වල ඇති සියලු කරුණු සංකීර්ණය. විවිධාකාර කරුණු, කාරණා සාධක ඇත.
එසේ වුවද පිලිගත් ක්‍රමයට එක් රජයක් විසින් කරන ලද කටයුත්තක්, තවත් රජයක් විසින් වෙනස් කිරීම ගැටළු සහගතය.
වසරක් තුල දෙනවා කියා තවත් වසර 3ක් කරන්නට කීමෙන් ජිවිතයේ වසර ගණනාවක් මේ ළමයින්ට නැති වෙන එක ගැන අනිත් සියලු කාරණා, තර්ක වලට වඩා මට දැනෙයි..
සාධාරණය, රටට යහපතක් වන ආකාරයට වේවායි පතමු !
#KDU #justiceforKDU #srilankanlawcollege #SLlawcollege #lka #srilanka #srilankan
Tuesday, September 27, 2016
Thursday, September 22, 2016
ආදරය සහ නැතිබැරිකම - වැඩිවිස්තර වෙබ් අඩවියට ලියන ලද්දකි.
“ ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු, සල්ලි නැතත් රජ වෙනවාලු“ කියල සිංදුවක තියෙනව. ඇත්තටම ආර්ථිකය කියන කාරණය අදාල නැතිව හරි ගියපු ආදර කතා නැතුවම නෙමෙයි. ඒත් අතිබහුතර ආදර කතා වලට මූලික සාධකය වෙච්ච දේ තමයි ඒක.
සාමාන්‍ය ජීවිතයෙදි ආර්ථිකය හොඳ නම් තියෙන ප්‍රශ්න වලින් 70%ක් ඉවරයි(සල්ලි වැඩි වෙද්දි වෙනම එන ප්‍රශ්න තියෙනව). දෙන්නෙක්ගේ ආදරයකදී දෙන්නගේ සිතුම් පැතුම් 1 වගේ නම්, ආර්ථික තත්වයන් ආසන්නව හරි සමාන නම් ඒ ආදරය සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව.
ආදරේ කරගෙන යද්දි ලුණුයි, බතුයි උනත් කමු කිව්වට, කාලය එක්ක ඒව වෙනස් වෙනව. සදහටම ඉන්නවා, මොන ප්‍රශ්නය තිබුනත් කියල පටන් ගන්න ආදර කතා වල, ආර්ථික දුර්වලකම් තිබුනොත් ටිකෙන් ටික ඒ අඩුලුහුඬුකම් තේරෙනකොට ක්‍රමානුකූලව ඒක ආදරයට බලපානව. විවාහයට පස්සෙ ආර්ථික දුර්වලතාවය තේරුනොත් ඒ ප්‍රශ්න හෙමින් උනත් උග්‍ර තැනකට එන්න ඉඩ වැඩියි( Poverty comes from the front door, Love flies from the Window).
පහුගිය කාලෙ සමීක්ෂණයකින් දැනගෙන තියෙනවා කොළඹ දික්කසාද ප්‍රතිශතය 60%ක් කියල. ඒකට මූලික වෙන කාරණා බොහෝමයක් තිබුනත්, බොරු වියදම් එක්ක පටන්ගන්න ජිවිතය හිරවීමත් ප්‍රධාන හේතුවක් වෙනව ඒවයෙදි.
“අන්තිම හුස්ම පොද යවන්න ඕන ඔයාගෙ තුරුලේ“ කියල පටන් ගන්න ආදරේ, ටිකෙන් ටික ආර්ථික තත්වය කියන කාරණාව එක්ක කලින් ගත්ත තීරණ වෙනස් කරනවා. කාලෙකට පස්සෙ ආදරෙන් වෙන් වෙද්දිත් ඒකම කියනවා, මම හිතුවේ අර විදියට ඒත් කාලය එක්ක තේරුනා අපි දෙන්න නොගැලපෙනව කියල. අද තියෙන සමාජ ආර්ථික ක්‍රමයත්, සමාජ වෙබ් අඩවි ජාල වල පේන විවිධාකාර දේවලුත් එක්ක බොරු ආටෝපයට මුල් තැනක් ලැබිල තියෙනව.
එතනදි ඇත්ත ආදරය අසරණ වෙනව. ඇත්ත ආදරේ කියන දේට තියෙන පිලිගැනීම නිකම්ම නැති වෙලා යනවා. ඉතින් ආදරයටත් සිද්ධ වෙනවා පවතින තත්වයන් මත තීරණ ගන්න. එතනදි කවදහරි තමන්ගෙ දරුවන්ට, අම්ම/තාත්ත ඇතුළු පවුලේ අයට හොඳම විදියට ගරු කරන, සලකන කෙනාව නෙමෙයි ආර්ථික ස්ථාවරත්වය වැඩිම කෙනෙක්ව හොයාගන්න කටයුතු සිද්ධ වෙනව.
පහුගිය දවසක දන්න කෙනෙක් තමන්ට හිත ගිය ගෑණු ළමයගෙන් කැමැත්ත අහල තිබුන. ගෑණු ළමය අහල කොහොමද මාව බලාගන්නේ ඔයා කියල ?
පිරිමි ළමය කියල, ජීවිත කාලෙම ආදරෙන් බලාගන්නම, කන්න - අඳින්න දෙන්නම් කියල.
එතකොට ගෑණු ළමය කියල තියෙනව, ඔය දේවල් අපේ ගෙදරිනුත් මට ලැබෙනව. මාව කුමාරිකාවක් වගේ බලාගන්න පුලුවන් නම් ඇර මම ඔයාට කැමති වෙන්නෙ නෑ.
කවුරු උනත් කැමති සතුටින්, සැපෙන්, සමෘද්ධිමත්ව ඉන්න.
එහෙම හිතද්දි “ආදරය“ කොච්චර පරම පිවිතුරු උනත්, ආර්ථික ශක්තිය කියන කාරණය එක්ක වෙන ඒව අදාලම නෑ..
- යථාර්ථවාදි ජනතාවාදියා
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=198

Wednesday, September 21, 2016
Thursday, September 15, 2016
ඔව් වෙනස්... එහෙම කියල මැරෙන්නයැ..
“ ලංකාවෙ මිනිස්සු කතා කරන්න බයයි “ - ලංකාවෙ නීතීඥ මහත්තයෙක්ම කියල තිබුන කියල අද අපෙ Pulasthi අයියා කිව්ව කතා කරද්දි... මට හරියටම ඒ මූලාශ්‍රය මතක නෑ..
සමීක්ෂණයක් කරල කිව්වද මංදා ඉතින්... නීතීඥ මහත්තුරු දන්නවනේ ඕව...
කාලෙක ඉදලම ඉතින් මිනිසුන්ට හුරු කලේ එක එක අයට බය වෙන්න, බය වෙලා ඉන්න, කට පියාගෙන ඉන්න කියලයි... ඒව ඉතින් දැන් ජාන ගත වෙලාද මංදා...
කොහොම උනත් මං නම් කාටවත් බය නෑ, ඉස්සරත් නෑ, දැනුත් නෑ..
යන එන ඕන තැනක වරදක් දැක්කොත් ඒක කියනව, එතන කියල හැදෙන්නෙ නැත්නම් ඊට එහාට කියනව. කරන්න පුලුවන් දේවල් කරනව..
එහෙම කරලා වැඩ වෙච්ච, තනතුරු වලින් එහෙ මෙහෙ වෙච්ච මහ ලොක්කො පවා ඉන්නව...
ඒ තැන් වලදි මගේ හැසිරීම බොහෝම නපුරු උනත්, මං නරක නැහැ.. ඒ ගැන සතුටුයි... රටට - මිනිසුන්ට වරදක් කරන අයට මට පුලුවන් දේ මං කරල තියෙනව..
මෙතන ඒ වෙච්ච හැමදේම නොකිව්වට, මගේ ඒ හැසිරීම් ගැන දැනගත්ත සමහර අය මං දාන හැමදේ ගැනම, වෙන තැන් වල දාන කමෙන්ට් පවා විමසිල්ලෙන් බලන බව මං දන්නව..
- ඒව දැනගත්ත කියල මං මගේ විදිය වෙනස් කරන්නෙ නැහැ..
(එවන් අයගේ බයගුළු, කුඩුකේඩු, ධනය - බලය ටිකක් වැඩියෙන් තියෙන මනුස්සකම් අඩු අයට ලොකු
සැලකිලි දක්වන පහත් ගති වලට කියන්නට දෙයක් නැත..)
ඉහලම කෙනෙක් උනත් නරක නම් මම සලකන්නේ නෑ. හැබැයි අන්තිම අසරණ කෙනෙක් උනත් ගරු කටයුතු නම් ගෞරව කරනවා...
ඒක අද ඊයෙ ආපු දෙයක් නෙමෙයි මගේ සංසාර ගත හැටි...
- ඒ ගති නිසා මට ලාභ වලට වඩා දහස් ගණනින් පාඩු උනත්, ඒ හැමවෙලාවකදිම වගේ බියගුල්ලෙක් නොවී, ස්ථිරව වැඩ කරන්න ලැබුනට මට සතුටුයි...
" Cowards die many years before their death "
" It's better to die on feet, rather than live on knees "
#septsh2016

Monday, September 12, 2016
හරියට මාකට් නොවෙන ලංකාවෙ සිනමාවේ රජ කතා, හාස්‍යජනක පමණක් තරමක් ලාභ ලබයි...
සිනමාව ඇත්තේ කුමන තැනද යන්න රටම දන්නවාය...
එහෙම තියාගෙන ලොකු උත්සවයකට රට පිටින් නළු නිළියන්ද ගෙනැල්ලා ස්ටේජ් වල සංදර්ශන කලාම ලංකාවෙ සිනමාව දියුණු වෙනවාලු...
සිනමාව දියුණු කරන්නට පුලුවන් වෙන්නේ මෙහෙම දේවල් කරලාය යන්න මට නම් තේරෙන්නේ නැත..
ලංකාවෙ කලා ක්ෂෙත්‍රය, විශේෂයෙන් සංගීත ක්ෂෙත්‍රය විනාශ කලාට කමක් නැත. අලෙවිකරණ ක්ෂෙත්‍රයේ වටිනාකම් නැති කලාට කමක් නැත.
කොහොම හම්බ කලත් කමක් නැත..., කොහොම ඉදලා, කොහොම තැනකට ආවත් කමක් නැත...
සිනමාව දියුණු කරනවා කියා වැඩ කලාම, බුද්ධ ශාසනය වෙනුවෙන් දේවල් කරාම ..., අතිබහුතරය දකින්නේ පව නොව පින ගැනය... ලංකාවේ මිනිසුන්ට සල්ලි හම්බ කල විදිය වැඩක් නැත. මිනිසුන් වෙනුවෙන් ඇත්තටම මානුෂීයද, හොඳ පපුවක් තියේද යන්න අදාලම නැත...
කොහොම හරි සල්ලි හොයාගෙන ඉහලින් වැජඹෙමින්, තවත් අයථා වැඩ මෙන්ම පවතින ක්‍රමයන් විනාස කලද...
ධනය තියෙනවා නම් ඒ අය හරි ලොකුය...
එහෙම රටක් දියුණු කල හැකියි හිතන අපිටත් වෙලාවකට පිස්සුද මංදාය.... හ්ම්...
Subscribe to:
Posts (Atom)