Tweets by @Tweetsbysuku myblog: මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය ගැන කල කමෙන්ට් එකක් ( විචාර වෙනුවට දරුණු විවේචන නිසා ලිව්ව)

Facebook Fan Page

Wednesday, June 24, 2020

මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය ගැන කල කමෙන්ට් එකක් ( විචාර වෙනුවට දරුණු විවේචන නිසා ලිව්ව)

රචකයෙකුගේ පරිකල්පන ශක්තියේ තරම විදහාපාන පොතක්.
එනිසාම තරමක අතිශයෝක්තියක් හෝ යථාර්ථයෙන් ඔබ්බට යෑමක් තරමකට හිතෙනවා. එහෙම හිතෙන්නෙ, මෙතන ඉදගෙන එතන ගැන හිතන නිසයි.. විවේචන ඇතිවෙන්නේ එතනින්. විචාරයට වඩා විවේචකයන් ඉන්න කාලෙ පොත ගැන එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්.

ඉංග්‍රිසින් ලංකාවේ බලය සම්පූර්ණව අත්පත් කරගැනීමත්, ඒ ආශ්‍රිතව ඌව වෙල්ලස්සෙ වූ ගමක ජනතාවගේ සිද්ධි දාමයක් සහ එතනදි සිදුවන දේ ගැන කියැවෙන කතාවක් තමයි තියෙන්නෙ..
සමහරවිට සාම්ප්‍රදායිකව තියෙන ආගම හා බැදුනු කරුණු වලට සියුම්ව මෙන්ම ඍජුවත් දරුණුවට පහර වැදීමක් වෙනවා, ඇබිත්ත උන්නාන්සේ කියන චරිතය තුල.
( ඒක මට හිතෙන්නෙ, අද මෙහෙණි ශාසනක් ලංකාවෙ නෑ. විනය විරෝධීයි තියෙනව නම්, ඇතිවෙන්නත් මේ බුදු සසුනේ බෑ. නමුත් දසසිල් මෑණිවරු ඉන්නවා. දසසිල් මෑණි කෙනෙක් වෙලා නිවන් යන්න පුලුවනි, මෙහෙණියක්ම වෙන්න කියල අනිවාර්ය නැහැ)

ඌව වෙල්ලස්ස නිදහස් කැරැල්ලත්, එය පරාජය වීම එක්ක මුහුණ දෙන ඛේදාන්තයත් කියවෙනවා.
කමෙන්ට් අතර දැක්කා ඒකෙ කියැවෙන ලිංගිකත්වය හා බැදුනු ඒවට විවේචන. ඉතින් වික්ටෝරියානු විකෘතියක ඉදගෙන, ලිංගික අධ්‍යාපනයක් නැතිව ඉන්න රටක මිනිස්සු වෙච්ච අපිට, ලේසියෙන් ජාතිවාදයට - අන්තවාදයට අන්දලා බලය දෙන තරමට රැවටෙන මිනිස්සු ඉන්න රටක, නිදහස් ලිංගික සංස්කෘතිය කියන දේ අමුතු ඇති.
හැබැයි නොක්ස්ගේ එදා හෙලදිව කියෙව්වත්, ඒවගේ පරණ කෘති බොහෝමයකත් අපේ නිදහස් ලිංගික කටයුතු ගැන විස්තර වෙනවා.


මෝහන් රාජ් මඩවල _  වචනයක් දෙකක්

සමහරු මේ පොත ලියා අහවර කල විට මෙය මොන වගේ පොතක්දැයි නිතර නිතර මගෙන් ප්‍රශ්න කරමින් විමසූහ. සැබැවින්ම මම නිරුත්තර වීමි.
මෙය ඉතිහාස කතාවක්ද, ඇත්ත කතාවක්ද, මනංකල්පිත කතාවක්ද,
එසේත් නැත්නම්,
මේ ලෝකයේ කවම කවදාවත් සිද්ධ නොවන කතාවක්ද කියා,
මම නොදනිමි.
මගේ කාර්යභාරය අවසන් කර ඇති බැවින්, ඔබට කැමති විදියට එය රස විඳින්නත්, සැබැවින්ම ඔබට අයිතියක් ඇත.
එයට පූර්ව පාඨ සැපයීම මෙතැන් සිට එහි සර්වබලධාරි අයිතිකරු වන ඔබට කරන කමකට නැති මදි පුංචිකමක් කොට සලකමි.


No comments:

Post a Comment