Tweets by @Tweetsbysuku myblog: රට යන අත

Facebook Fan Page

Wednesday, June 24, 2020

රට යන අත

රටේ තත්වය දවසින් දවස නරක අතට හැරෙනවා. ආණ්ඩුවට ඒ ගැන කිසි දෙයක් කරන්න පුලුවන්කමක් නෑ. කරන පාටකුත් නෑ. ඔක්කෝම බොරුව සහ මාධ්‍ය සංදර්ශන විතරයි.. ඒව හොදට තේරුම් ගන්න දෙරණ වගේ ප්‍රවෘත්ති බැලුව නම් හරි. හිරු නම් ගමන හරවල වගේ දේවල් කරනව..

● බඩු මිල වැඩි කරන්න, ඉන්ධන මිල අඩු නොකරන්න, ගැබිණි මව්වරුන්ට දුන්නු 20,000 පෝෂණ මල්ල නතර කරන්න, සියලුම පාසල් දරුවන්ට දුන්නු සුරක්ෂා රක්ෂණය නතර කරන්න, මුදල් හොයල ඉවර වෙච්ච ටැබ් ළමයින්ට බෙදා නොදෙන්න, බෙහෙත් වල මිල ගණන් දැනෙන්න වැඩි කරන්න වගේ සියලුම සහනාධාර වගේ දේවල් නතර කරන්න 2/3 ඕන නැතත්, සමහරවිට රට හොද තත්වයකට ගේන්න 2/3 ඕන ඇති. 
දැන් තත්වය අනුව ජනතාව ඒක නොදුන්නත්, බොහෝවිට එජාපයේ සහය ලබාගෙන ජාතික ආණ්ඩුවක් හරි කරන්න ඉඩ තියෙනව..
● මේව කිව්වාම මෙතන දුවගෙන එන චරිත වලට වඩා, කෝල් කරලා, මසේජ් කරලා මේව නොකල යුතුය, කිරීමේ අනතුරුදායක භාවය ගැනත් කියන්න තරම් හිතවත් අයත් ඉන්නවා..
- කොහොම හරි, මේ හැමදේම බලපාන්නෙ ජනතාවට.. එකෙන් වෙන පාඩුව රටට, ජනතාවට.. පීඩාව ජනතාවට.. මට තියෙන අවුල එතනයි..
 මාත් ඒ ජනතාවගෙන් 1 කෙනෙක්..
බොරු වියදම්, අසාර්ථක කළමනාකරණය එක්ක මේ කරන්නෙ, රුපියලක් හරි ගන්න හැමදේකින්ම වැඩි වෙන එක කියල තේරෙනවා..
( ගෝඨාභය ජනපති වෙද්දි සීනි කිලෝ 1 = 98, දැන් 130, 150) 

- වියත්තු පාර්ලිමේන්තු යවමු කියන මතයත් දේශපාලනික ගේම් එකක් බව පැහැදිලි වෙන්නෙ පහුගිය 225න්, 208 ( 10 ජාතික ලැයිස්තු) ආයෙ ඉන්න එකෙන්. අනික වියත්මගේ 10කටවත් නොමිනේෂන් දුන්නද මංදා ?
ඒ කාලේ විදුසර පත්තරෙන් බොහොම ගෞරවයෙන් කියවපු ලිපි ලියපු මහාචාර්ය චන්න ජයසුමන වගේ චරිත, දේශපාලන ගොහොරුවට වැටිලා දැන් ඉන්න තත්වෙ එක්ක හිතද්දි, වියත්මග වගේ දෙයක් ඇත්තටම බොරුවක් කියල හිතෙනව.. 

- රටට මෙච්චර අවුල් වෙලත් විපක්ෂය ශක්තිමත් නැති වීමේ පාඩුව වෙන්නෙත් ජනතාවටමයි... එජාපයේ ඉන්න අය ආණ්ඩුව ශක්තිමත් කරන කතා කියනවා.
සමගි ජන බලවේගයෙ අය කරගෙන යනව පෙනුනත් පණ ඇති පාටක් නෑ. ජාතික ජන බලවේගය සමාජ මාධ්‍ය වල කරන කාර්යභාරය දියුණුයි..

- කරුණා අම්මාන් ජාතික වීරයෙක් කියන තැනට, ජෙනරල් ෆොන්සේකා ද්‍රෝහියෙක් කියන පහත් - පජාත තත්වෙට සමහරු වැටුනු එක තමයි පුදුමේ..
- කරුණාගෙ අවුල හමුදාවට ඇවිල්ලා කරපු සහය වටිනා උනත්, මරපු අය ගැන පම්පෝරි ගහන එක. ඒකියන්නෙ තාම ඒ ම්ලේච්ඡ මානසිකත්වයෙ ඉන්නෙ.. 
අංගුලිමාල රහත් වෙලත්, කරදර තිබ්බ නිසා, බුදුන්වහන්සේ “ අංගුලිමාල පිරිත“ උගන්වනවා. පස්සෙ කාලෙක ගෙදර දොරකඩට අංගුලිමාල හාමුදුරුවෝ වැඩියත් විලිරුදාව, අනිත් අපහසුකම් දුරු උනා කියනව... ඒක තමයි ධර්මයේ තියෙන මෛත්‍රීෙය් නියම බලය...
කරුණා අම්මාන් වගේ, මරපු ජිවිත ගැන ලොකුවට කියන චරිත යමෙක් වීරයකේ හෝ අංගුලිමාල තෙරුන් වගේ උතුම් අයට සමාන කරනවා නම්, ඒ  මිනිස්සු සිංහල - බෞද්ධ තියා අඩු තරමින් “ මනුෂ්‍ය “ කියන තැනවත් නැත..

#යථාර්ථවාදිජනතාවාදියා #SriLanka

No comments:

Post a Comment