Tweets by @Tweetsbysuku myblog: “ බුදුන්ගේ රස්තියාදුව “

Facebook Fan Page

Tuesday, August 7, 2018

“ බුදුන්ගේ රස්තියාදුව “

පොතක් ගැන මේ දවස් වල සෑහෙන කතාවක් යනවා. පොත ලියපු කෙනත්, නිරාගමික අදහස් වලින් ඉන්න කෙනෙක්ද කියලත් හිතිල තියෙනව.
මම පොත කියෙව්වෙ නෑ, පොතේ පිටිපස්සෙ කියල තියෙන දේ විතරක් කියවල තියෙනවා. නම ගැන හිතේ අවුලක් තියෙනවා. බුදුන්වහන්සේට සම්බන්ධ කරලා එහෙම කියන එක කොයිතරම හරිද කියල.
ඒ හිතද්දි මතකෙට එනවා ඒ කාලේ ලොකුම විප්ලවය කලේ බුදු හාමුදුරුවො බව..
නමත් එක්ක මාකටින් උවමනාවකුත් පේනවා. ඒවගේමයි ලියපු කෙනාගේ අදහස සහ ලියපු සමහර ආකාරයන් අනුව, බුදුන්වහන්සේට ඒ තරම ගරුත්වයකුත් පේන්නෙ නැහැ.
නමුත් පිටිපස්සෙ කවරයෙ ලියල තියෙන සමහර දේවල් අනුව නම් ඒ කියපු කාරණා වැරදි කියල කියන්න බැහැ. පිරිත, පිරිත් නූල සහ පූජා වට්ටි යනාදිය ගැන අන්ධ විශ්වාසයක් සමාජයේ තියෙනවා. ඒව කරන්නෙත් වෙනත් පින්කම් කරන්නෙත් බොහෝවිට ප්‍රදර්ශනයට. පිරිත - පිරිත් නූල ආරක්ෂාව - සහනය දෙන බව අත්දැකීමෙන් දන්නවා. නමුත් ඒව විතරක් නෙමෙයි බුදු දහම කියන්නෙ.
බුදු දහම කියන්නෙ ජීවන දර්ශනයක්. ඒක බෞද්ධයන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. තුන් ලෝකෙටම අයිති දහමක්. හැම කාලයටම අයිති දහමක්..
බුදු හාමුදුරුවො අද වැඩ හිටිය නම් ඔය පොත දැකල උන්වහන්සේ කිසිම කලබලයක් නොවෙන බව විශ්වාසයි. පොත ලියපු කෙනාගේ ශ්‍රද්ධාව නැතිනම් ඒක ඒ කෙනාගේ අවුලක් මිසක්, බුදුන්වහන්සේගේ අවුලක් නෙමෙයි.
අපේ ගොඩක් අය බුදු දහම රකින්න නම් සෑහෙන්න කැමති. නමුත් බුදු දහමේ මාර්ගය පිලිපදින්නෙ නැතිව. ඔය පොත ලියපු කෙනා වරදක් කරගෙන නම් ඒක එයාට තියේවි. ලියපු කෙනා අපහාස වෙන විදියට ලියල නම් ඒකට අනුව නීතියෙන් වැඩ කරන්න පුලුවන්. ඒක හිතල කලබල වෙලා තරහ අරගෙන ඒක අල්ලගෙන අකුසල් කරගන්න එක මෝඩකමක්.
බුදුන්වහන්සේ කියපු මාර්ගයේ නැතිව වෙන වෙන ඒවට ගිහින් අන්තිමට සංසාරේ දික් කරගෙන දුක් විඳින්නත් හේතු වෙන්න පුලුවනි..

No comments:

Post a Comment