Tweets by @Tweetsbysuku myblog: “ කියවලා ඉන්න “

Facebook Fan Page

Thursday, August 9, 2018

“ කියවලා ඉන්න “

- පොත කියෙව්වාට පව් නොපිරේ ( පොත තවම නොකියෙව්වේ ඒ කියා ඇති සමහර කරුණු අමුවටම සමහරවිටෙක අශිෂ්ටව කියා ඇති බවක් හිතෙන නිසාය).

මම හැදුනෙ වැඩුනේ අපේ ශාසනයට බොහෝම ගරු කරන, ශාසනය රැකගන්න වැඩ කරපු ඒව දැකපු, ශ්‍රද්ධාව ගැන අදහසක් තියෙන තරමක් සාම්ප්‍රදායිකත් වෙන පරිසරයක. පාරම්පරිකවම බෞද්ධකම ගෙනාපු පවුලක. මගෙ සීයා කහදූව පුරාණ විහාරයේ ප්‍රධාන දායකය දශක ගණනාවක්. ආරණ්‍ය සම්ප්‍රදාය පටන් ගත්ත ශ්‍යාමෝපාලි නිකායේ මූලස්ථානය වෙච්ච වතුරුවිල ආරණ්‍යයෙත් අවුරුදු 10ක් විතර ප්‍රධාන දායකය වෙලා ඉදල තියෙනව. ගම් වල ආභාෂය එක්ක අපි දන්නවා කොහොමද පන්සලට, හාමුදුරුවන්ට ගරු කරන්නෙ කියල. ඒනිසාම ඉස්කෝලෙ කාලෙත් බෞද්ධ සංගමයේ වගකීම් සෑහෙන්න දරල තියෙනව.

දැන් කතාවට,
* අවුරුදු 7-8කට කලින් ඉතිහාසයේ රූ සැඳෑව 2011 තිබ්බා. ෆේස්බුක් එකේ මුණගැහුනු අපි කීපදෙනෙක් කුරුණගෑලදි මුණගැහුනා. හැමෝම මට අයියල. අපි බොහොම සතුටු උනු දවසක්. අදහස් හුවමාරු කරගත්ත සෑහෙන දෙයක් තේරුන දවසක්.
ඒ අතරෙදි පරිකල්පන ශක්තිය බොහෝම දියුණු අයිය කෙනෙක්ගෙ කතාවක තිබුනු දෙයක් මට සැරට දැනුනා. ඒ අයියගෙ ඒ වෙලාවෙ අදහස තමයි(තාමත් ඒ අදහස තියේද දන්නෙ නෑ), බුදුන්වහන්සේව තරුණ කාලයෙදි නිගණ්ඨයෝ මරල තියෙනවා, ඒනිසා තමයි බුදු පිළිම වල වයසට ගියපු රූප එක්ක බුදු පිළිම නැත්තේ කියල.
- ඇත්තටම මට ඒක ඇහුනට පස්සෙ, පපුවට උලකින් ඇන්න වගේ දැනුනා. බොහෝම ලොකු පීඩනයක් හිරවීමක් තිබුනා. ඒ පපුව හිරවීම පහුවෙනිදටත් තිබ්බා. ආයෙ මාව පානදුරට එක්කගෙන ආවෙ කලින් වගේම එක්කගෙන ගියෙත් අපෙ Chandana අයිය. ඉතින් මම එනගමන් අපි ගොඩක් අදහස් හුවමාරු කරගන්න ගමන් මට තියෙන අවුල කිව්වා.
එතකොට #චන්දන අයිය කිව්වා මල්ලි ඒක ඒ අයියගෙ අදහස. එච්චරයි. කලබල වෙන්න එපා කියල.
එතකොටයි මම තේරැම් ගත්තෙ...

දැන් මම එන්නෙ මේ නමින් තියෙන පොත ගැන. ඒ පොතට හේතු භූත වගේම බොහෝමයක් කාරණා අපි දැඩිව ඇලිලා හිරවෙලා ඉන්න සමහර කාරණා වලට ලොකු පහරක්. අමූලික ශ්‍රද්ධාවක ඉන්නව නම්, එහෙම නැත්නම් වෙන අය මරලා බුදු දහම රැකගන්න පුුලුවන් කියල කවුරුහරි හිතනව නම් එහෙම අයට බොහෝම දරුණුවට රිදෙන සහ පහර ගහන දෙයක් වෙන්න පුලුවනි.
- ඇත්ත, නම ඉදන් සමහරක් කාරණා බොහොම අශිෂ්ට විදියක් හිතෙනව. මට පොත කියවන්න නොහිතුනෙත් ඒ නිසයි. ඊටත් වඩා මට හිතෙනවා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය තරමක් වඩන මට, බුදුන්වහන්සේ කල්ප ගණනාවක් ලෝක සත්වයා දුකින් මුදවන්න කරපු කැපකිරීම් විශ්වාස කරන මට මට, මේ වගේ පොතක් කියවන්න කාලය නාස්ති කරන්නෙ මොකද කියලත්..

* හැබැයි සමහර කාරණා අපිට හිතන්න දීපුව, යක්කුන්ගෙන් වැඩ ගත්තා වගේම බුදුන්ගෙනුත් වැඩ ගන්න හිතුවා, ඒවට අහුනොවි බුදු හාමුදුරුවො නිවන් ගිය බව වගේ කාරණා ගැඹුරින් හිතල දෙයක් තේරුම් ගන්නත් තියෙන දෙයක්. සරලවම මාකටින් උපරිමයි පොතේ - මට හිතෙන්නෙ.
පහුගිය කාලේ මතයක් හැදුවා දෙවිවරුත් බුදුනුත්, පන්සලත් හැමදේම පූජා වට්ටියට, සල්ලි වලට, පිරිකර වලට යටයි කියල අදහසක්. නමුත් ඇත්තම කාරණය දෙවිවරුවත් දහමවත් ඒවට යටත් නෑ. ඒව කරලා ප්‍රදර්ශනකාමි පින් කරන අයට ලැබෙන පිනත් අඩුයි. හිත හැදෙන්නෙත් නෑ.

* බෞද්ධකම කියන්නෙ හැමදේම බොහෝම සහනදායිව දකින එක.
● මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්ව පොතක් තියෙනවා “ සිංහල ලකුණ“ කියල. ඒකෙ පැහැදිලිව කියවෙනවා, බුදු දහම නිසා සිංහල අපි කොයිතරම ශිෂ්ටසම්පන්න වගේම සතුන්ට පවා ගරු කරපු ජාතියක් වෙච්ච හැටි.
● රජකමට 2 වන යුද්ධයෙදි තිස්ස කුමාරය පැරදිලා දෙමටමල් විහාරයට ගිහින්, “ස්වාමිනි මා ගලවා ගත මැනවැයි “ කියල පන්සලේ ඇදක් යටට රිංගනවා. ගැමුණු කුමාරයා ඇවිල්ලා නායක හාමුදුරුවන්ගෙන් අහනවා, “ තිස්සයා ආවාද ස්වාමීනි “.
බොරු කියන්න අකමැති හාමුදුරුවො පිලිතුරු දෙනවා, “ තිස්සයා ඇදෙහි නැත.“
ඒක තේරුම් ගත්ත ගැමුණු කුමාරය, මුරකාවල් දාලා පන්සල වටේ රැකගෙන ඉන්නවා. කරන්න දෙයක් නැති තැන අපවත් වෙච්ච හාමුදුරු නමක් වගේ, ඇදක තියලා සිවුරකින් වහලා හාමුදුරුවරු 4 නමක් ගෙනියනවා.
ගැමුණු කුමාරයට පුලුවන්කම තියෙනවා, තිස්ස මල්ලිව අල්ලන්න. නමුත් ඒ කිසිදෙයක් නොකර, “ තිස්ස, කුල දේවතාවුන් පිටින් යෑම අපට තරම් නොවෙයි, කුල දේවතාවුන් කල උපකාරය මතු සිහි කරව“ කියල යනවා. අල්ලන්නෙ නැතිව. ඒකයි දෙන ගෞරවය - මහාවංශය
ගැමුණු කුමාරයට පස්සෙ රජ වෙන තිස්ස කුමාරය, හොද වැඩ නිසාම සද්ධාතිස්ස වෙනව.

මේ පොතේ නම ගැටළුසහගතයි. එනිසා අදාල විදියට නීතියට අනුව කටයුතු කරන්න පුලුවනි.

● ඒ ඇර බොහොම අශිෂ්ට විදියට බණින එක, පෝස්ට් හදන එක තුලින් වෙන්නෙ, පොතේ කතෘට මාකටින් නිකම්ම කරදීමක්. අඩු තරමින් පොත කියවල විවේචන කරා නම් හරි..
ඔය මොනව කිව්වත් බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න කාටවත් බෑ. අපහාස සිතින් කරා නම්, ඒ අය අනිවාර්ය සංසාරේ කවදහම හරි දරුණුවට විපාක විඳිවි.




No comments:

Post a Comment