Tweets by @Tweetsbysuku myblog: කපිල සර්ගෙ “තෙරියුම් කෝකිලා“ පොත ගැන අදහස කියන්න කියපු නිසා... සමස්තයට අදාලව මට දැනෙන දේ...

Facebook Fan Page

Monday, June 20, 2016

කපිල සර්ගෙ “තෙරියුම් කෝකිලා“ පොත ගැන අදහස කියන්න කියපු නිසා... සමස්තයට අදාලව මට දැනෙන දේ...

මට කවි ලියන්න බැහැ... කවි ඒ තරම තේරෙන්නෙත් නැහැ..

කපිල සර් කියපු නිසා, “තෙරියුම් කෝකිලා“ පොත එළි දක්වන කටයුත්තට ගියා වගේම, ඒ පොතේ තියෙන හැම කවි පන්තියක්ම මට තේරුනේ නැහැ/තේරුම්ගන්න හිතුනෙත් නැහැ..
එදා කවි පන්ති ගැන කරපු විග්‍රහයන් නිසා කවි පන්ති කීපයක් ගැන හොඳ දැනුමක් වගේම කවි පොතේ මූලික කාරණාවක් වෙච්ච “යුද්ධය“ ගැනත් නොදන්න, නොහිතපු දේවල් දැනගත්ත වගේම ඒව සෑහෙන්න සංවේදි උනා....

• යුද්ධය  මට අමුතු දෙයක් නෙමෙයි. මට විතරක් නෙමෙයි රටටම...
පොඩි කාලේ ඉදලම යුද්ධ කරන්න මම හරි කැමතියි.. අවි ආයුධ වලටත් හැමදාම පුදුම විදියට කැමතියි.. ඒක සංසාරගත දෙයක්..
පවුල් වල හුඟක් අය ත්‍රිවිධ හමුදාවෙත් - පොලිසියෙත් හිටිය නිසා අවි ආයුධ ගැන තරමක් දැනගන්නත්, අතපත ගාන්නත් අවස්ථාව ලැබුන..
මං පොඩි කාලෙ හිතාගෙන හිටියෙ හමුදාවට යන්න, අදටත් හමුදාවට නොගිය එක ගැන කණගාටුවක් තියෙනව...

• ඔය ඔක්කොම අතර මම යුද්ධය දැක්කේ සංසාරෙම යුද්ධ කරපු කෙනෙක් විදියටයි.. යුද්ධයකින් වෙන හානිය, කරදර ගැන මම ඇත්තටම වැඩිය හිතුවෙ නෑ..
පවුල් වල ත්‍රිවිධ හමුදා වල හිටිය අය අතරින් මම වැඩියම කැමති මේජර් ජෙනරාල් තිස්ස ජයවර්ධන මාමට..
එතුමා කියන්නෙ ජෙනරල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරල් විජය විමලරත්න, මේජර් ජෙනරල් ජානක පෙරේරා, ජෙනරල් සරත් ෆොන්සේකා වගේ අද්විතීය හමුදා නායකයන් එක්ක යුද්ධෙ හිටිය කෙනෙක්..
ඉතින් ඒකාලෙ හමුදාවෙන් කරපු වීඩියො දැකල තියෙනව මතකයි.
ඒවයේ මට හොඳට මතක සොල්දාදුවන්ට වෙච්ච තුවාල... ඒව දැක්කට තරහ ආවෙ නැති උනත් කා එක්කවත්, ඒව බොහෝම දරුණු, හිත රිදෙන - කලකිරෙන විදියෙ තුවාල...

• ඔය අතර තමයි මම දැනගන්නෙ තිස්ස මාමගෙ යුද්ධය ගැන ආකල්පය.
වතාවක් බෝම්බයකට අහුවෙලා කකුල වෙන් වෙලා තියෙද්දි, ගියපු ඔක්කොම අය මැරිල ඉද්දි, තමන්ගෙ වෙන්වුනු කකුල හොයාගෙන ඇවිල්ලා ඒ කකුලම ඔපරේෂන් කරලා බද්ධ කරගෙන තුනුරුවන්ගෙ සරණින් හොදට හිටියා..,
යුද්ධ කරලත් ඒ අත්දැකීම් හොඳටම තිබ්බත් තිස්ස මාමා යුද්ධෙන් වෙන ජිවිත හානි ගැන කලකිරිමකින් කතා කලේ.. එතුමා මං වගේ නෙමෙයි, වැඩිය කතා කරන්නෙත් නෑ.

ඒ ආකල්පය නිසා මාත් යුද්ධෙ ගැන සෑහෙන හොයල ඒව ගැන තිබ්බ අදහස් තරමකට වෙනස් උනා...

කොහොම හරි 2009දී වර්ගවාදයෙන් පටන්ගෙන ත්‍රස්තවාදයක් වෙච්ච යුද්ධෙ අපි දිනුවා !
 ප්‍රභාකරන් මැරුණට සමහර අය කිරිබත් කෑවත්, බෞද්ධකමට අනුව මරණයකට කිරිබත් කන සිරිතක් අපිට නැහැ.. ප්‍රභාකරන්ට ලැබුනෙ එයාට ලැබෙන්න තිබුනු දේ.
දෙමල අය එක්ක මහ හිතවත්කමක් නැති උනත් මුණගැහුනු දෙමල අය ගොඩක් හොඳයි. ඒ අතර රටක් විදියට යුද්දෙ දිනපු එකට කැමති අයත් හිටිය එක ලොකු සැනසීමක් උනා..

දැන් තෙරියුම් කෝකිලාවට,

• යුද්ධය කියන්නෙ ජිවිත - දේපල හානි තියෙන දෙයක්...
කපිල සර්ලට වගේ සංවේදීව මට ඒ කාරණය දැනිල තිබ්බෙ නැහැ..

තෙරියුම් කෝකිලාවේ කතා අහෙගන ඉද්දි තමයි යුද්ධයෙ මං නොදැන හිටිය කතා, පැති කඳුළු එන තරම් සංවේදීව දැනුනේ..

සර්ගෙ කවි පොතෙන්ම, මං කැමති උනු කවි පන්ති කීපයක් තියෙනවා...

ඒ අතර, අත්තම්මා, මහගෙදර, තෙරියුම් කෝකිලා, පරමේශ්වරම් යාපනේ යයි, යුවරජු සෙවීම, මං තනන්නා, කන්නගී ලියූ අවසන් හසුන, ජිනදාස ලියයි තියෙනවා..

• අත්තම්මා කවි පන්තිය ගත්තොත් මට හිතෙන්නෙ ජිවිතේ ඇත්තටම තියෙන දුක් කරදර අතර අමතරව කඩා පාත්කි වෙච්ච කරදරයක් එක්ක ජිවිතෙ ගෙනියන අත්තම්ම කෙනෙක් ගැන..

• මහගෙදර කවි පන්තිය සර්ගෙම මහ ගෙදර ගැන අර්ථ විවරණයක් එදා ලැබුනු නිසා තේරුනා... හ්ම්.. අපි හැමෝටම එහෙම දේවල් තියෙනව...

• තෙරියුම් කෝකිලා කවි පන්තිය ගැන හිතද්දි ලැජ්ජාවකුත්, කණගාටුවකුත් 2ම දැනුන...
මටත් දෙමල බෑ.. ඉස්කෝලෙ කාලෙ ඉගැන්නුවෙ බොහෝම ටිකයි... ඊට පස්සෙවත් ඉගෙන ගන්න බැරි උනා... ඒත් අපි දන්න දෙමල අයට සිංහල පුලුවන්..

• පරමේෂ්වරම් යාපනේ යයි - මේකත් එදා කිව්ව වගේ මතකයි.  යුද්ධෙන් වෙන රටක ගිහින් ඉදලා කාලෙකට පස්සෙ තමන්ගෙ ගෙදර ආවම ඒ ගෙදර ආමි කෑම්ප් එකකට අරගෙන තිබ්බ කතාව...
තමන්ගෙ දෙයක් වෙන අය අයිති කරගෙන තමන්ගෙ ගේ වෙනස් කිරිමට වඩා, එතන තියෙන මතකයන්, ජිවිතේ ගොඩක් දේවල් එක්ක තමන්ගෙ තැන දැක්කම කණගාටුවක් දුකක් දැනෙනව ඇති හ්ම්..
ඒක පොදු අත්දැකීමක් වගේ වෙලාවකට...

• යුවරජු සෙවීම - කැමතිම කවි පන්තිය වෙන්නෙ ඒක හොඳටම දැනුනු නිසා වෙන්න ඕන...
 ඉහට වෙඩි හඬ පයට සුන්බුන් - ජිවිතය ලෙස ඉතිරි වූ
කළුවරට යාපනය රහසකි - උණ්ඩයක් ඇත නිදිවැරූ
පාසලේ වෙඩි වැදුණ බිත්තිය - හෝඩියකි අලුතින් ලියූ
මල්ලියේ නුඹ එළිය දුන් හැටි - පාඩමකි මතකයෙන් නොමැකෙන
මාව තියලා එළිය රවුමක - කළුවරේ නුඹ වසන් වී ගිය
අක්කේ උඹවත් ගොඩ යමන් - අම්ම අප්පව ගොඩගනින්
කපන කොටවන මරන කාලෙක - ජිවිතයටම පෙම් බඳින්
මල්ලියේ නුඹ කොයි ගියේ - අදත් මං හොයනව මෙහේ
දිනූ දිවියක රැජින වූ මට - යුව රජුය මේ නැති උනේ..

මුළු කවි පන්තියම නොවුනත් ටයිප් කලේ දැනුනු ඒව... ගොඩක් අයට මම හිතන්නෙ සංවේදී වෙන්න ඇත්තේ “කන්නගී ලියූ අවසන් කවිය“ උනත් මට සංවේදි මේක වෙන්නෙ අපි වෙනුවෙන් අපේ පවුල් වල අය කරන කැපකිරීම ගැන වැඩියෙන් හිතන නිසා වෙන්නැති..

• මං තනන්නා -  සමාජයේ හැමදාම කියවෙන, ඉස්සරහටත් කියවෙන එක්තරා අඳෝනාවක්, විවේචනයක් වගේම දුකක් කියල මට  හිතෙන්නෙ.. පාර වල් ඇතුළු සියලු ලොකු නිර්මාණ වලට පවා දායකත්වය වැඩියෙන් දෙන්නෙ වැඩි ධනයක් බලයක් නැති සාමාන්‍ය කෙනෙක්.. හැබැයි බැබලෙන්නෙ වෙන මිනිස්සු...
ඒක ඉතින් කර්මය වෙන්නැති කියල දුක හිතුනත්, හිත හදාගන්න පුලුවන් හ්ම්...

• කන්නගී ලියූ අවසන් හසුන - කතාවෙ හැටියට දොස්තර යුවලක් යාපනය පැත්තෙ රාජකාරි කරන අතර තමයි ඉන්දියන් හමුදාව ලංකාවට එන්නෙ. තත්වය අනතුරුදායක නිසා දොස්තර මහත්තයා කැනඩාවට යන්න කතා කරත්, දොස්තර නෝනා කියනවා ඔයා ගිහින් එන්න මම තව ටිකක් ඉන්නව කියල..
දවසක් ඉන්දියන් හමුදාව ඇවිල්ලා දොස්තර නෝනව දූෂණය කරනවා...
පස්සෙ මහත්තයා ඇවිල්ලා කැනඩාවට ගෙනියන්න ඔක්කොම කලත්, ලංකාවෙන් යන්න කලින් දවසේ දොස්තර නෝනා එල්ලිලා මැරෙනවා..

- මට හිතුන විදියට මේක යුවරජු සෙවීම වගේ නෙමෙයි, මේක වලක්වා ගන්න තිබුනු දෙයක්..
දොස්තර මහත්තයට මොනව හිතෙන්න ඇද්ද, පස්සෙ කොහොම ජිවත් උනාද කියන කාරණේ ගැන තමයි මට හිතෙන්නෙ.. මොකද හරියට ආදරයක් ප්‍රේමයක් කරද්දි වෙන දේවල් අදාල නැහැ.. අපරාදෙ..
ඒකෙ තව දැනුනු තැනක් තමයි, පියවුරක් කඩා ගැසුවද, නිල ඇඳුම් නැත ගිනි ඇවුලුනේ..
ඒකට මට කියන්න තියෙන්නෙ, කර්මයක් විපාක දෙනකොට දෙවියන් නෙමෙයි බුදුන්වහන්සේටවත් පේන්නෙ නැහැ, උදව් කරන්න බැරි වෙන්න පුලුවනි...
( මේ අතර මතක් වෙනව, මනම්පේරී රූමත් තරුණිය ඝාතනය වෙන්නෙ කතරගම දේවාලෙ අනිත් පැත්තෙ.. සමහර නිරාගමික අදහස් තියෙන අය ඒ සිද්ධිය කතරගම දෙවියන්ට අපහාස කරන්න යොදා ගත්තත්, ඇත්ත තත්වය දෙවිවරු කාගෙවත් කර්මය වෙනස් කරන්න වැඩ කරන්නෙ නැහැ. ආශිර්වාද කලාට...
ඒක තේරේයිද මංදා, මොකද දෙවිවරු කියන්නෙ පූජා වට්ටියට, සල්ලි වලට උදව් කරන කොටසක් කියල පහුගිය කාලෙ රටේ මතයක් ඇති උනානේ... දහමයි - දෙවිවරු 2ක් කියලම)

• ජිනදාස ලියයි -  කවි ගැන මට ලොකු තේරුමක් නැති වගේම, මේක දකිද්දිම මට මතක් උනා, ගොඩක් කැමති “තුන් ඈඳුම් නව කතාවේ “ - ගම් පෙරලියේ චරිතය වෙන්නැති කියල..
පියල්ට නොදී වංශක්කාරකම නිසා ජිනදාසට නන්දව දුන්නට, නන්දට ජිනදාස ගැලපෙන්නෙ නැති බව පොතේ තිබ්බා... ජිනදාස රස්සාවක් නොකල නිසා ආදායම පවුලක් උනාම නැති බවත්, ඒ එහෙම උනත් ජිනදාස ඇත්තටම නන්දට ආදරේ කල බවත් මතකයි..
බැරිම තැන සිංහලේ ගිහින් ව්‍යාපාර කරලා දියුණු වෙලා එන්න හිතුවත් ඒක නොවුනු බවත් මතකයි හ්ම්..

“ කියන්නට බැරි අකුරු දන්නැති - කවමදාවත් ඔබට නොකියූ
හැඟීමක් හිත ඇතුළෙ තවමත් - උපදිනවා නන්දා “
ඉතින් යන්නට යන්නට මදක් කලියෙන් - ඔබේ නළලත තියෙන හාදුව
ඔබට දැනුනොත් එදා වාගෙම - මට ඇතියි නන්දා...

 ඔන්න ඔහොමයි කවි පන්ති ගණනාවකින් කීපයක් දැනුනු තේරුනු හැටියට මට දැනුනේ...

https://www.facebook.com/sukumal.harischandra/posts/10207752008672716

https://www.facebook.com/photo.php?fbid=854828224649414&set=a.104768559655388.5858.100003667321003&type=3

No comments:

Post a Comment