Tweets by @Tweetsbysuku myblog: හ්ම්...

Facebook Fan Page

Sunday, June 19, 2016

හ්ම්...

අද රට ලෝකෙ ගොඩක්ම ඉහල දියුණුව ලබල තියෙන(භෞතික), මහා පරිමාණයෙන් දේවල් කරන ගොඩක්ම අය කරන්නෙ ඒ තරම හරි දේවල් නෙමෙයි...
ගොඩක් දුරට ඒ තත්ව වලට ඇවිල්ල තියෙන්නෙ හරි දේ කරල නෙමෙයි...

ඒත් එහෙම උනා කියල එයාල කරන දේවල් වලට ලැබෙන පිලිගැනීම පුදුමාකාරයි...

ඒක අමුත්තක් නෙමෙයි, ඒකට හේතුවක් විදියට බුදුන්වහන්සේ වැඩ හිටි කාලෙත්, දෙව්දත්ගේ ඍද්ධි බලය නිසා මැජික් බලන්න ගියපු ප්‍රමාණය බුදුන් වඳින්න ආපු ප්‍රමාණයට වඩා වැඩියිලු..
එදා එහෙම නම් අද කොහොම වෙන්න ඕනද...

ඔය අතර ලංකාවෙ බුදු දහමට තියෙන ලොකුම තර්ජන තියෙන්නෙ වෙන කාගෙන්වත් නෙමෙයි, බෞද්ධ කියල පෙන්නගෙන වැඩ කරන අයගෙ..
ඒ අතරින් 1 තමයි මහමෙව්නා අසපු විදියට ක්‍රියාත්මක වෙන දේ..
අපේ දිනුෂ් අයියල නම් කියන්නෙ ඒ අය බුදු දහම නෙමෙයි වෙනත් ආගමක් කතා කරන්නෙ කියල.. ඔව් ත්‍රිපිටකයට පිලිගන්න එපායැ බෞද්ධ නම්...
ඒ ඇර මං හොයාගත්ත කරුණු අනුව, මෛත්‍රි බුද්ධ ශාසනයේ “දෙව්දත්“ සේනාව වෙන්නෙ ඒ අයයි...
වැරදි විදියට දහම ගැන කටයුතු කරන එක බොහෝම භයානක අකුසලයක්...
ඒක කිව්වට ඒකට යන අයගෙන් 1%කට වඩා තේරුම් ගන්නෙ නෑ.
ඒනිසා ඒව කියන්නෙත් නැහැ...

බුදු දහම විනාශ කරනවට එයාලගෙ ඔය මහා සියලු දේවල් ඉදිරියේදි ගරා වැටෙන බව දැනුවත් වෙලා තියෙනවා...
ගරා වැටීම කිව්වොත් හැමදේම එහෙම නැතිවෙනව... හරියට ශ්‍රද්ධාවෙන් තමන්ගේ නිවන් ගමන යන එකයි වටින්නෙ...
ඊලග 2-3 වෙන්නෙ පිටිදූවේ සිරිධම්ම කියන ශ්‍රමණ වේෂක ප්‍රතිරූපකයත්, බුදුන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන බොරුවත්...

ඉදිරි කාලයේදි ඔය බොරු ඔක්කොමටම අදාල විදියට කර්ම විපාක ලැබේවි..


මේ දවස් වල විවිධාකාර විදියට දහමට අනුව මහ පූජා කරන ලොකු ලොක්කො, ධනවතුන් ගැනත් ඇත්තටම ප්‍රසාදයක් නැතත්...
ඒ කටයුතු කරන්න ඒ තැනට එන්න එයාල හරියට හිටියෙ නැති උනත්, ඒකත් වැරදියි කියල අතාරින්න බැහැ..

ඕනම කෙනෙක්ට හැදෙන්න පුලුවනි...

අද මේ දහම ගැන දැනගෙන කටයුතු කරාට අපි කවුරු උනත් පරනිම්මිත වසවර්තියේ ඉහලම දේව සැප ඉදලා, අවිචි මහ නරකයේ ඉහලම දුක් විඳලත් ඇති හ්ම්....

No comments:

Post a Comment