Tweets by @Tweetsbysuku myblog: අපිට වරදින එක බොහෝම හැකයි විමලරත්න මහත්තයෝ !

Facebook Fan Page

Wednesday, June 22, 2016

අපිට වරදින එක බොහෝම හැකයි විමලරත්න මහත්තයෝ !

#‎මාපලගමවිමලරත්න‬ මහත්තයව හදිසියේ දකිනවා ටීවි එකෙන්, මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිතුමා එක්ක.
විමලරත්න මහත්තයා කියනවා, ලබන ජනවාරියෙද කොහෙද මහින්ද මහත්තයගෙ මොකක්ද අතුරු දසාවක් ඉවර වෙනවලු, ඒ අනුව බලයට එන කතාවක්...

- ඔබතුමා ඇතුළු ජ්‍යොතිෂවේදින් 50ක් විතර අයිටීඑන් එකට ඇවිල්ලා පැය 1 හමාරකටත් වඩා මහින්ද මහත්තයාට වඩා බලයක් තියෙන කෙනෙක් මේ ලෝකෙ ඉපදිලාවත් නැත කිය කිය වර්ණනා කර කර කියපු කතා අපි හොඳට දැක්ක..
ඊට පස්සෙ ගිනි තියාගත්තද මංදා...

- කොහොම හරි ජ්‍යොතිෂ්‍යයේ තියෙන්නෙත් තරමක් විතරයි.... ඊට එහා ගියපු තව දේවල් තියෙනවා...
ඒනිසා ආයෙ කවදාවත් මහින්ද මහත්තයටවත් ඒ වටේ ඉන්න කෙනෙක්ටවත් මේ පොලවේ රාජ්‍ය නායකත්වය ලැබෙන්නෙ නැහැ..

- නැත්නම් අපි දන්න කර්ම ඵල විපාක ගැන විශ්වාස බොරු වෙන්න ඕන...

- බලයට කවුරුත් කැමති එක සාමාන්‍ය දෙයක්...
දැන් බලය තියෙන අයත් පුදුම ආසාවකින් ලොකුකමකින් ඒක බදාගෙන ඉන්නවනේ... හැබැයි යන්න වෙලාව ආවම මොන බලය තිබ්බත්, කාට උනත් යන්න වෙනව..

- හැමදාම කියනව වගේ පුලුවන් නම් හරියට පින්කම් කරන්න ඉදිරි අවුරුදු 1-2 තුල ඇතුලත... ( දැනුත් දාන ගෙවල් වල ගියාට ඒ ගෙදරින් දානෙවත් කන්නෙ නෑ. වෙනම අය යනවා එතුමට දානේ උයන්න පවා, එතන මිනිස්සු ජය වේවා ගෑවම දානේ කටයුතු වලටත් බාධා වෙනව... පින්ද පව්ද පිරෙන්නෙ කියල හිතාගන්න ඕන)

‪#‎juneTSH2016‬ ‪#‎මහින්දමහත්තයා‬ ‪#‎බලය‬

No comments:

Post a Comment