Tweets by @Tweetsbysuku myblog: නිදාගන්න ගිහිල්ලත්...

Facebook Fan Page

Monday, July 15, 2013

නිදාගන්න ගිහිල්ලත්...

නිදාගන්න ගිහිල්ලත් නුඹව මතක් වෙන්නෙ ආත්මයම නුඹට ගත්ත නිසාද මංදා....
සින්නක්කරේට ලියන්නෙ ඉඩම් උනත්... මාත් ඉඩමක් වගේ නුඹ ලියාගත්තද මංදා...

හැමදෙයිදිම කොහෙදි හරි, කොයිතැනකදි හරි නුඹව මතක් වෙනව. පයින්, බස් එකේ, ත්‍රිවිල් එකේ, කාර් එකේ, ප්‍රාඩෝ එකේ ගියත්.... උදව් කරන්න ගිහින්, ෆේස්බුක් එකේදි, යාළුවො එක්ක ඉද්දි, බිස්නස් මීටින්, ඩිස්කෂන්ස්, ප්‍රසන්ටේෂන්ස්, ට්‍රේනිංග්ස්, වෙන වැඩ වලදි... හැම වෙලාවෙම නුඹවම මතක් වෙන්නෙ මොකද කියල මට හිතාගන්න බෑ...

මාව නිකන් කාවද වගේ නුඹ අමතක කලාට... නුඹ කියපු හැම අකුරම, ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නැතිව මට මතකයි..... ඒ නුඹේ හැටි.... මේ මගේ හැටි වෙන්නැති නේ..... හ්ම්....

No comments:

Post a Comment