Tweets by @Tweetsbysuku myblog: සිංහලකම....

Facebook Fan Page

Monday, July 15, 2013

සිංහලකම....


සිංහලයො කියන්නෙ ප්‍රෞඪ ජාතියක්. හරි ආඩම්බරයි. ඒවගේම ටිකක් කැම්මැලියි. ඒ කම්මැලිකම නැති වෙලා අකා මකා වැඩ කරන්නේ ආඩම්බරකමට පාරක් වැදුනම, ඒක නිතර අත්දකින දෙයක්..

* ඉස්සර හොඳ වැදගත් සිංහලයෝ “අභිමානය“ ධනය කරගත්ත අය..

මතයක් තියෙනව සිංහලයො වඳ වෙනව කියල. ඒක වැරදියි. යුද්ධෙ කාලෙත් අදත් එක්ක බලද්දිත්, ඉතිහාසය ගැන හිතල බලද්දිත්, අද තත්වෙ ගැන හිතද්දි අපි වඳවීමේ තර්ජනයට ලක් වෙලා නෑ.
හැබැයි ජාතියක් විදියට හදාගන්න දේවල් ගොඩක් තියෙන බව ඇත්ත.
බුදු දහම නිසා අපි ලෝකෙ අනිත් ජාතින්ට සාපේක්ෂව කාරුණාවෙන්, ආගන්තුක සත්කාරය අතින් ඉදිරියෙන් ඉන්න ජාතියක් උනා.

සිංහලයෙක් වීම ගැන ආඩම්බර හිතෙනව... ඒ ගැන ගොඩක් තේරුම් ගන්න දේවල් තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ලියපු “සිංහල සකස්කඩ“, “සිංහල ලකුණ“ පොත් කියවද්දි... මහාවංශය, දීප වංශය වගේ ඉතිහාසය පොත් වලට වඩා සිංහලකම ගැන, සිංහලයන් ගැන විශේෂ දේවල් ඒ පොත් 2කේ තිබුන..

රොබට් නොක්ස්ගෙ පොතේ මෙහෙම තියෙනව...
“*ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය, මද්‍යපානය නොබොන්නෝය, සොරකම් පිළිකුල් කරන්නේය, ගෙරිමස මුවෙහි නොතබන්නේය....
*සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය, ස්වදේශින් හට මෙන්ම කරුණාවෙන් විදේශින්හටත් සලකන්නේය.. “
පැහැදිලියිනෙ, සිංහල බෞද්ධයෙක් නම් මූලිකයි පන්සිල් පද 5 රකින එක...

___ යථාර්ථවාදි ජනාතාවාදියා විසිනි___


No comments:

Post a Comment