Tweets by @Tweetsbysuku myblog: කාන්තාව ස්වාධීන වීම

Facebook Fan Page

Sunday, July 14, 2013

කාන්තාව ස්වාධීන වීම

අද කාන්තාව ගොඩක් ස්වාධීනයි, විශේෂයෙන් අධ්‍යාපන තත්වයත්, රැකියා තත්වයත් ඉහලයි ඒවගේම ශ්‍රම දායකත්වයෙනුත් වැඩි හරියක් දෙන්නෙ කාන්තාවන්... එනිසා ඇය තුල ස්වාධීන චින්තනයක් ගොඩ නැගෙනවා, ඉස්සර වගේ පිරිමියා මත යැපෙන්න උවමනා නෑ...
නමුත් මේ තත්වයන් තුලින් දියුණු වෙද්දි කාන්තාවට වැරදෙන තැනක් තමයි සම තැන වෙනුවෙන් කරන සටන... මාතෘ මූලික සමාජයක ‘ගෙදර බුදුන් අම්මා‘ කියල හුරු අපිට මේ ‘සම තැන‘ විහිළු කතාවක්... අපිට හුරු ‘නිසි තැන‘ නිසා...

ඒවගේම කාන්තාව මතක තියාගන්න ඕන, ප්‍රේමයෙදි, ආදරයෙදි, පවුල් සංස්ථාවෙදි ආදරය, සෙනෙහස සම්බන්ධ මූලික වගකීම තියෙන්නෙ කාන්තාව අතේ බවත්, රැකවරණය ආදි ශක්තිය සම්බන්ධ දේවල් තියෙන්නෙ පිරිමිය අතේ බවත්...
දෙක මාරු කරගත්තම අවුල් ඇතිවෙනව අපිට පේනවා....

( Kim Kiyosaki වගේ ආර්ථික නිදහසින් ඉදිරියටම ආපු කාන්තාවක් උනත් ඒකෙන් උඩඟු වෙලා නෑ... ඇය තමන්ගෙ සැමියා වන Robert Kiyosaki එක්ක ජිවිතේ ගොඩක් දේවල් තීරණය කරනවා..

No comments:

Post a Comment