Tweets by @Tweetsbysuku myblog: ආදරේ කරන්නෙ හරියන කෙනාටද.. ?

Facebook Fan Page

Thursday, April 18, 2013

ආදරේ කරන්නෙ හරියන කෙනාටද.. ?

ආදරෙන් බැඳෙන එක සාමාන්‍ය දෙයක්.... කතා කරන එක බලාපොරොත්තු වෙනවා, ලං වෙලා ඉන්න එක බලාපොරොත්තු වෙනව, පිස්සුවෙන් ආදරේට කරන වැඩ වලට කැමතියි. ඒක ස්වභාවධර්මයටත් එකඟයි. අපි මොකුත් නොකලත් ඉබේම ආදරෙන් බැඳෙනවා...
ආදරේ කරන අය කියනවා මම මොකුත් කලේ නෑ ඉබේම සිද්ධ උනා ඒක කියල, එහෙම වෙන එක එතරම්ම හොඳ නෑ ඉබේම වෙන එක නීරස වගේ දැනෙන නිසා. ටික කාලයක් ආදරේ කලාට පස්සෙ.., ආදරේ කම්මැලියි වගේ දැනෙනවා ඒ හැම සම්බන්ධතාවයකදිම හැටි.. වෙන්න පුලුවන් දෙයක්.
ටිකෙන් ටික කතා කරන එක, ලංවෙලා ඉන්න එක, ආදරේට කරන පිස්සු වැඩ පවා කේන්තියක් ගෙන දෙන ඒව වෙනව. හේතුව ඒ වෙද්දි ආදරේ කම්මැලි දෙයක් වීම,

මෙන්න මේ වෙලාවෙදි ආදරේ කරන කෙනා අහන ප්‍රශ්නය... “ මම ආදරේ කරන්නෙ හරි කෙනාටද... ?“
එහෙම හිතල තව සම්බන්ධයක් පටන් ගන්න පුලුවනි... ඊට පස්සෙ වෙන්නෙත් අර චක්‍රයම තමයි...

“ ආදරය සම්බන්ධයකදි සාර්ථකව සතුටින් ඉන්න හොඳම ක්‍රමය හරිම කෙනා තෝර ගැනීම නෙමේ; තමන්ට මුණ ගැසුනු කෙනාට හරියට ආදරේ කරන්න හුරු වෙන එකයි.“
තව කෙනෙක්ට ආදරේ කරන එක වරදක් කියන්න බෑ, නමුත් මූලික දේ තමන් ආදර කරන කෙනාට ආදරේ කරන්න හුරු වෙන එකයි.

ආදරේ දිගටම හරියට පවත්වාගෙන යන්න පුලුවනි... ඒකට දවස් පතා හරියට ආදරේ කරන්න ඕන, ඒකට කාලය, ශක්තිය, මහන්සිය උවමනා වෙනවා. වැදගත් වෙන්නෙ බුද්ධියෙන් ආදරේ කරන එකයි... වරදින අවස්ථා අඳුනගෙන ඒව මඟහරවලා හරියට ආදරේ කරන එකයි කල යුත්තෙ.

ආදරේ කියන්නෙ නිකන් හැඟීමක් නෙමෙයි... ඒක තීරණයක් ජීවිතේට වැදගත්....

No comments:

Post a Comment