Tweets by @Tweetsbysuku myblog: ගමේදී දැනුනු අදහසක්...

Facebook Fan Page

Tuesday, April 16, 2013

ගමේදී දැනුනු අදහසක්...

මත් වතුර කරන හදියක්....

ගමට යද්දි, සුහදකම වැඩිවේ, එකමුතුකම හොඳින් දැනේ.... ජාතිවාදය ගමේ නැති අතර, අන්තවාදයක් පැතිරවීමට අන්තවාදීන්ද එහි නැත... නගරය තරම් දියුණු නැති වුවද වාහන බහුල වීමත්, ආණ්ඩුවේ පාරවල් හැදීමේ දක්ෂතාවත් නිසා ඉක්මණින්ම හදිසි අවස්ථාවලදි නගරට පැමිණීමට හැකියාව ලැබී ඇත....
ඒවා එසේ වුවද, මත් වතුර කරන හානිය නම් සුළු පටු නැත. මේ කියන්නේ, බීලා ගානට ඉන්න අය ගැන නොවේ( මත් වතුර ගැනීම හොඳ හෝ නරක යැයි නොකියමි). මත්වතුර ගෙන නැති පිරිමිකමක් ශක්තියක් ලබාගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන වලි දමාගෙන පිහි ඇනුම්, වෙඩි තබා ගැනීම් දක්වා දුරදිග යන කරදර ඇති කරගන්නා අපේම අය ගැනයි.... මේ අලුත් අවුරුද්දේ ගාල්ල, ඇල්පිටිය ආශ්‍රිත ගම් වල සිදුවූයේ මත් වතුර නිසා ගැටළුය. දැන් පොලීසියෙන් එවන් ආරවුල් වලට ඇප ලබා නොදෙන බවක්ද ඇසුනු අතර ඒ ගැන සතුටුය...
සුද්දා ඉස්සර විස්කි විකිණුවේ නැත... නිකම් බොන්නට දුන්නේය. තවමත් එහි පොලියත් සමගම අපිට ලැබේ.... කවදා මේවා හැදේද නැද්ද දන්නෙ නැත... අඩු තරමින් නීතිය නිවරදිවම ක්‍රියාත්මක වන්නෙ නම් මීට වඩා දියුණුවක් ලැබේ යැයි සිතිය හැක.... නීතියෙන් නොව කුඩා කාලයේ සිට ගෙදරින්, පාසලෙන් මේ තත්වයන් හැදිය යුතුව ඇත... හ්ම්

No comments:

Post a Comment