Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Saturday, March 11, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ - ඔබ යන ගමන වැරදියි..

 

Thivantha Harischandra



පහුගිය දිනවල උද්ඝෝෂකයන්ට සලකපු විදිය එක්ක කල්පනා කරල බලද්දි, ජනාධිපතිවරයාට හොඳ ඇති. 
නමුත්, ඒක හරිම වැරදියි. 
පාරෙ යන මිනිස්සු, දරුවො පවා කරදරයට පත් වෙන්න ඒවා කරන්නේ, බලය තියාගන්න බව අපි නොදන්නවා නොවෙයි..

මේ හරහා ඔබ ක්‍රියාත්මක කරමින් සිටින්නේ, රටේ තත්වය මහා භයානක කිරීමක මූලාරම්භය බව ඔබටම නොතරෙන්නේ ඔබගේ වයස නිසාදැයි මට තේරෙන්නේ නැත.
එසේත් නැත්නම්, මේ පරම්පරාවන් ගැන ඔබට නොතේරේන නිසාද යන්න මට තේරෙන්නේ නැත.
කොයි විදිය උනත් ඒක එහෙම වෙන්නට නියමිතය. 

01 ) ඡන්දය කල් දැමීම සහ එයට කරන බලපෑම්

- ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නට නොහැකි බව සහ එයට අවශ්‍ය ආරක්ෂාවට පොලිසියේ 65ක් දෙන්න බැරි බව 

02 ) ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට පුරවැසි භාවයක් නැති බව. 
ඇයට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්නට අධිකරණය කිව්වත් ඒ ගැන කිසිවක්  නොකිරීම. 

03)


" ඉගෙන ගන්න ගිය කාලකණ්ණි " ලෙස නිමල් ලංසා විසින් උද්ඝෝෂණය කල සරසවි සිසුන් හැදින්වීම.

04) රුපියල ශක්තිමත් වීම කියන විජ්ජාව..
- මේක නරකයි කියල නොකිව්වත්, ඇත්තටම රටේ තත්වය දියුණු වී නෑ. 
ජනතාවට අතිශයින් අමාරුයි..

05) උද්ඝෝෂණ වලට පොලු සමග පහරදුන් හමුදාවේ මෙන් සිටි අය ගැන විමර්ෂණයක් කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කීම.




Monday, March 6, 2023

Good Health Habits - හොඳ සෞඛ්‍ය පුරුදු ටිකක්.


   Eat red onions - රතුළූණු ගෙඩියක්වත් දවසකට කන්න.
(සෙම තියෙන අයට විශේෂයෙන් හොඳයි, කොහොමත් විෂ බීජ නාශක)

  Eat Garlic - සුදු ළූණු කන්න. බික් එකක්වත් දවස් 3කට විතර වතාවක් කන්න.

( ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙන්න හොඳයි)


  Drink 2-3 Liters of water per day -
දවසකට අඩු තරමින් වතුර ලීටර් 2-3ක්වත් බොන්න. 1 වෙනි ලීටරය දවල් 12 වෙන්න කලින් බොනව නම් වඩා හොඳයි.


  Eat fruits as much as U can & better  before noon. 

ගොඩක් පලතුරු කන එක හොඳ දෙයක්, උදේම කන්න පුලුවන් නම් හොඳයි.

ඒවගේම වැඩියෙන් කන්න ඕන එළවළු, බත් ඇතුළු කාබෝහයිඩේට් ප්‍රමාණය වගේ 3 ගුණයක් එළවළු කන්න ඕන. පලතුරුත් එහෙමයි.


  If you are overweight, drink green tea within 30 min, after every meal..

( Cinnamon tea is also good)

ඇඟේ බර වැඩි නම්, හැම කෑම වේලකටම පස්සෙ ග්‍රීන් ටී 1ක් බොන්න. දවසට 4ක්වත් පුලුවන් නම් හොඳයි. කුරුඳු තේත් හොඳයි.


  After wake up take 1 spoon of Honey...

උදේ නැගිටලා පුලුවන් නම් මිපැණි තේ හැන්දක් බොන්න ( මීපැණි හොඳ ඒව වෙන්න ඕන)


  If you work hard, eat well, even rice is ok... bt if not eating so much rice will make u fat..

බත් වල වැඩියෙන් තියෙන්නෙ පිෂ්ඨය නිසා මහන්සි වෙන අය නම් බත් ගොඩක් කෑවට කමක් නෑ. නැත්නම් වෙන්නෙ මහත් වෙන එක. බඩක් වෙනම එන්නත් ඒක හේතු වෙන්න පුලුවනි. 


  Exercise more than 20 min, if walking more than 1-3 km, n better if could run. Swimming is also preferable..

එක්සයිස් කරනව නම්, විනාඩි 20ක්වත් කරන්න ඕන. ඇවිදිනව නම් අඩු ගානේ කිලෝමීටර් 1ක්/ දුවනව නම් වඩා හොදයි. පිහිනීමත් ගොඩක්ම හොදයි.

* Most importantly sleep at least 6  - 8 hours ...  this is serious.

අඩු තරමින් පැය 6ක්වත් නිදාගන්න එක අනිවාර්යයි. රෑ 10 වගේ ඉදන් උදේ 4 අතර අනිවාර්යයි.  

 ගොඩක්ම හුරු වෙලා ඉන්නෙ 12න් පස්සෙ නිදාගෙන 7 පස්සෙ ඇහැරෙන්න. ඒකෙ විපාක ලැබෙන්නෙ කාලයකට පස්සෙ...


  If you take alcohol, drink it in the afternoon. Don't drink at night...

මත්වතුර බොන කෙනෙක් නම් අඩු ගානෙ හවසටවත් බොන්න පුරුදු වෙන්න. රෑට බොන්න එපා. ගොඩක් අවයව විවේක ගන්නෙ රෑට. ඉතින් රෑට බිව්වම ඒවයෙ විෂ හරණය කරන්න ඒවා රෑ පුරා නැගිටගෙන ඉන්න ඕන. කාලයක් ඕක උනාම නිකන්ම  නරක් වෙනව.



Wednesday, March 1, 2023

ලංකාවේ අර්බුදයේ විශේෂ පැතිකඩ

 ධර්මය වුවද හරියට අල්ලා ගත යුතුය.


" සර්පයෙකුගේ වලිගයෙන් ඇල්ලූ විට, සර්පයා දෂ්ට කරනවා. හිසෙන් ඇල්ලුවොත් හරියට අල්ලන්න පුලුවන් "
- ධර්මයද එසේය..

- වත්මන් ජනාධිපතිවරයා සදාචාර විරෝධි, අසාධාරණ විදියට රට පාලනය කරනවා.

( 01 - උසස් පෙල විභාගය කාලේ දරුවන්ට විදුලිය දුන්නෙ නෑ, බිල වැඩි කලා, විදුලිය කපන්නේ නෑ, 02 - රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගැන අධිකරණයෙන් දුන්න තීන්දුවට නිසි ක්‍රියාත්මක වීමක් නෑ, 03 - රාජ්‍ය ඇමතිවරුන්ට සැප වාහන 239ක් ගෙනත් ( මව්බිම), කෝටි 200ක විදුලි බිල බොල් ණය සේ කපලා ( පත්‍ර වාර්තා) )

* රටේ භික්ෂුන්වහන්සේලා තමයි​ මේ ගැටළුව මේ තත්වයට ඇති කරන්න මූලික වෙලා තියෙන්නෙ. විශේෂත්වය තමයි, ඒ හාමුදුරුවරුන් අතිබහුතරය විතරක් නෙමෙයි සියල්ලම පාහේ භික්ෂූත්වයට පිටින් වැඩ කරන අය වීම.

- ඉස්සර හාමුදුරුවරුන්, රජවරුන්ට උපදෙස් දුන්නා විතරක් නෙමෙයි සෑහෙන දෙයක් කලා. විශේෂයෙන් රජ වැරදි දෙයක් කරනවා නම් කැරලි පවා ඇති කලා.

* ඒ සියලු දේ කලේ සද් සිතින් සහ බොහෝමයක් ඒ ගැන උදාහරණ තියෙනව..

නමුත් අද ඉන්න අතිබහුතරය ඒක කරන්නෙ තමන්ට වරප්‍රසාද ගන්න සහ තමන් සිවුර දරන ගමන් කරන වැරදි දේ වසාගන්න..

ඕක රටේ මූලික අවුලක්...

දැන් හදන්නෙ කොහොමද ? ඒක හදන්න ඇත්තටම අමාරුයි..
සමාජ සංස්ථාවේම වෙච්ච වරදක් තමයි මේ දැන් තියෙන්නෙ.. භික්ෂූන්වහන්සේලාත් සමාජ සංස්ථාවේ 1 දෙයක් තමයි..

#SriLankaCrisis #srilankanstyle #srilankamonks #monks

Tuesday, February 28, 2023

අනිත් අයව ගලවන්න කැමති අය තමයි ඒ

 


ආගම් වෙනස් කරන එක ගැන ලොකු කතාබහක් සෑහෙන කාලෙක ඉදන් තියෙනව. කොහොම උනත්, ඒ අය ඒක කරන්නේ, ඒ කියන්නෙ ආගම වෙනස් කරන්න උදව් කරන්නෙ, සහ ආගම වෙනස් කරාට පස්සේ ඒ අයට රස්සා ඉදන් ජිවත් වෙන්න සෑහෙන උදව් දෙන්නෙ ඇත්තටම මට හිතෙන්නෙ අපිව ගලවා ගන්න කියලයි. 

ඒකෙදි අපේ අදහස සහ තව ගොඩක් දේවල් තියනව. එහම දේවල් හිතන්න ඕන ඉතින්. 

Saturday, October 2, 2021

හිත බැඳි ස්නේහවන්ති නුඹ

 පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල...//

පෙම්වන්තී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට...

නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිරකල...

නුදුරේ මා වුවත් දුරක් ගියේ...., ඔබයි නිහඬවම....



හිත බැඳි ස්නේහවන්ති නුඹ - වැඩිපුර ආලවන්ත වුන...,

උණුහුම් තාල ගේන හිත,  හෙමින් සැලුනා පෙමින් වෙලුනා...

විරසක හීන මංසලක - නැවතුනේ මා නොවෙයි..., එ ඔබ

නුහුරු නුපුරුදුව ඈත දුර - ගිහින් තිබුනා... පෙමින් බැඳුනා ...


විඳගත් හාදුවේ..., දුන් නිකැළැල් ආදරේ

බිඳුවක් මා ළයේ.... නුඹ සොයනා

ඇරයුම් නොකළ පෙම් සාදේ...

නුඹ කෝ අහිමි සඳ මාගේ...,

පිලියම් සොයම් තුන් යාමේ......

තහනම් වචනය කි ආලේ .... !


https://www.youtube.com/watch?v=w8kAjI2MogQ


#viramayak #musicsl #BhashiDevanga #

Friday, July 16, 2021

රටට ආදරේ තරම සහ විමලධර්මසූරිය රජු


එතනදි ආදර්ශ ගන්න කියවද්දි, “ මහාවංශය, රාජාවලිය, දීපවංශය“ ගොඩක් දේවල් තේරුම් ගතෑකි..
- එතනදි කුලල් කා ගැනීම් අධිකයි..
- කොහොම හරි, කෝට්ටේ රාජධානිය 7 වෙනි බුවනෙකබාහු රජුගෙන් පස්සේ ඔහුගේ මුණුබුරා වන දොන් ජුවන් ධර්මපාල රජුගේ දුර්වලතාවය සහ භාරගන්න හිටිය වීදිය බණ්ඩාරගේ නොසැලකිල්ල එක්ක දුර්වල වෙද්දි, සීතාවක රාජධානිය තමයි මූලික වෙන්නෙ..
මායාදුන්නේගේ මරණය එක්ක, ඒ ගැන පශ්චත්තාප වෙන සීතාවක රාජසිංහ රජතුමාට බුදු දහම ආශ්‍රිතව හාමුදුරුවන්ගෙන් සහනදායි දෙයක් නොලැබීම නිසා අරිට්ඨ කී වෙංඩු කියන බොරුකාරයට රැවටිලා බුද්ධාගමට සෑහෙන හානි කලා.
ඒ තුල, පෘතුගිසින්ගෙ උදව්වෙන් කන්ද උඩරටට ගිහින්, අවස්ථාව බලා රජ වෙච්ච කොනප්පු බණ්ඩාර / 1 වන විමලධර්මසූරිය රජතුමාගෙ රට ගැන අදහස සහ ඒ හා බැඳුනු කරුණු අදටත් වටිනවා...

#SriLanka #srilankanhistory #kandy #kandykingdom #slhistory 
#patriotism #thivtuber




 

Monday, January 11, 2021

Monday, December 21, 2020

2 වන සේන රජු


 මෑතකාලීන “ සේන “ නම කෑලි අගට මුලට ආපු අය නිසා එක එක කතා තිබුනත්, ඉතිහාසය හොයාගෙන යද්දි, “ 2 වන සේන රජතුමා “ කියන්නෙ විශිෂ්ට රජ කෙනෙක්..

2 වන සේන රජතුමා රජ වෙන්නෙ 1 වෙනි සේන රජතුමාගෙන් පස්සෙ.

( ක්‍රි.ව. 853 - 887)

⭕ 1 වෙනි සේන රජුගෙ රාජ්‍ය කාලයෙදි, මහාවංශය කියන හැටියට, ක්‍රි.ව. 833දී විතර ශ්‍රී මාර වල්ලභ කියන පාණ්ඩ්‍ය රජු, අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කිරීමත්, එහිදී වෙච්ච සටනෙදි 1 වෙනි සේන රජුගෙ සහෝදරයන් වූ කස්සප ආදිපාද සහ මහින්ද කුමරු මරණයට පත් වෙනවා. 2 වෙනි සේන කියන්නෙ කස්සප ආදිපාදවරයාගෙ පියායි.

අනුරාධපුර රාජධානියට බරපතල හානි කරන ශ්‍රී මාර වල්ලභ, ගිවිසුම් ගතව නැවත රට භාර දී තමන්ගේ රාජ්‍යයට යනවා.

 පියා නැතිව කරදර ඇතිව මලය රට හැදී වැඩෙන 2 වෙනි සේන කුමරු, යුවරජු වෙනවා. ඒකට  හේතුව 1 වෙනි සේන රජුගෙ පුතා රෝගයකින් මරණයට පත් වීම.


⭕  රාජ්‍යත්වයට පත් වී වී කල මුල්ම ක්‍රියා අතරට, රටේ ආරක්ෂාව තර කීරීමත්, බලමුළු වැඩි කිරිමත්, විශේෂයෙන් වෙරලබඩ ආරක්ෂාව තර කිරීමත් කියන්න පුලුවනි. පාණ්ඩ්‍ය සේනාව විනාස කරපු, ලෝවාමහාපාය, මැදිරිගිරිය වටදාගෙය වගෙ වටිනාකම් ඇති ස්ථාන සහ තවත් බොහෝ දේ නැවත ප්‍රතිසංස්කරණය කරල තියෙනව. වාරි කර්මාන්තයටත්, කෘෂිකර්මාන්තයටත් අගය දීලා තියෙනවා, රෝහල්  සෑදීම ගැනත් රජතුමාගෙ නම යටතේ සදහන් වෙනවා.

 

- බලවත් නිසාම වසර 30කට වැඩි රාජ්‍ය කාලය පුරා කිසිම බාධාවක් රාජ්‍යත්වයට හෝ රටට ඇති වෙලා නෑ.


⭕ ක්‍රි.ව. 844දී විතර, පාණ්ඩ්‍ය රජව සිටි ශ්‍රී මාර වල්ලභගෙ පුතා, තාත්තට විරුද්ධව සිංහාසනය වෙනුවෙන් යුද්ධ කරද්දි, 2 වෙනි සේන රජුගෙන් ආධාර ඉල්ලනවා, අතිදක්ෂ සෙනෙවියෙකු සමග සේනාවක් ලබාදෙනවා. 

ඒ යන සේනාව සමග යුද වැදිලා ශ්‍රී මාර වල්ලභ මරණයට පත් වෙනවා. ලංකාවෙන් කොල්ල කාපු ගොඩක් දේවල් සේනාව ගේනවා වගෙම, එයින් පසුව කාලයක් යනතුරුම පඩි රට ලංකාවට යටත් රාජ්‍යයක් විදියට තිබුනු බවත් කියැවෙනවා..


- ඉතින් අද වැඩ බැරි සේනලා ඉන්නව කිව්වට, ඒ කාලේ බොහෝම කරදර මැද හැදී වැඩිලා රට - ජාතිය රැකගෙන වැඩි දියුණු කරපු රජවරු ඉදල තියෙනවා..


- කවදාවත්, අද ඉන්න පාලකයෝ එක්ක එදා හිටිය පාලකයන් සම කරන්න එපා..


#2වනසේන #ඉතිහාසය


Wednesday, November 18, 2020

ධර්ම යුද්ධය චිත්‍රපටය



“ ධර්ම යුද්ධය “ කතාව ගැන, අයිය කෙනෙක් කියපු කතාවෙදි, මාත් ගොඩක්  කැමති වෙච්ච, Drishyam (2015) කියල හින්දි චිත්‍රපටිය ගැන මතක් උනා. මේකට බොහෝම සමාන සිනමා පටයක් හොලිවුඩ් වගේම, තමිල්නාඩු සිනමා පටයකුත් තියෙන කියල අහල තියෙනවා. 

- Drishyam (2015) වල ප්‍රධාන නළුවා අජේ දේව්ගන්. බොහෝම අගේට කරනවා. මේ කතාවෙ ප්‍රධාන නළුවා ජැක්සන් ඇන්තනී. දෙන්නම බොහොම  හොදට රඟපෑවා උනත්, අවාසනාවකට වගේ හින්දි චිත්‍රපටය එක්ක බලද්දි  සාපේක්ෂව අපේ එක ගැන තියෙන්නෙ කණගාටුවක්. හින්දි චිත්‍රපටය කලින් බැලුවත්, ඒකට ඒ තරම කැමති උනත් අපේ කතාවේ සාපෙක්ෂව දන්න නළු නිලියෝ බොහෝමයක් හිටිය නිසා අමුතුවෙන් හින්දි කතාවට මම කැමති වීම  පක්ෂපාති වීමක් කියල හිතෙන්නෙ නෑ..

- කුමාර තිරිමාදුර කියන්නෙ බොහෝම මානුෂීය වගේම හැඟුම්බර කෙනෙක් මම හිතන විදියට. එයා, ඔය වගේ දුෂ්ට චරිතයකට ගැලපෙන්නෙ නෑ. ඒක මම චිත්‍රපටය පුරාම දැක්කා. ගයිතොන්ඩේ කියන හින්දි කතාවෙ හිටිය කෙනා බොහොම අමානුෂීය විදියට, සරලව කිව්වොත් නරුම විදියට වැඩ කරන කෙනෙක්. එහෙම ඒවා හරියට අපේ චිත්‍රපටයේ පෙන්නුවේ නෑ. ඒවගේම කතාවෙ ගලායාම හින්දි චිත්‍රපටය තරම් හොඳින්ම තිබ්බෙත් නෑ. සමහර තැන් වල ඒ අදහස කියෙනවා මදි.

ඒත් හැඟීම්බර වීම වගේම භාවාත්මක ප්‍රකාශනය, රංගනය එක්ක ජැක්සන් ඇන්තනීගේ රංගනය අජේ දේව්ගන්ට වඩා හොදයි කියල හිතෙනව. ඒවගේම ඒ අසරණකම එක්ක එන හැඟීම්  ප්‍රකාශනය තනි පුද්ගල විදියට ගත්තොත් ජැක්සන් ඇන්තනී හොදින්ම දියුණුයි..

අම්ම විදියට ඉන්න දිල්හානි ඒක නායකයත්, ලොකු දුව විදියට ඉන්න තිසුරිත් හොදට රඟපානවා. සාපේක්ෂ කලොත් වඩා හොදයි. 

කුසුම් රේණුගේ විශාල බලයක් තියෙන චරිතය හරිම විදියට ආවෙ නෑ කියල හිතෙනව..


- ඊලග කාරණාව, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට පොලිසියෙන් ආරක්ෂාවට දෙන්නෙ 2යි. කැබිනට් අමැතිට උනත් 7යි. මේකෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ඉන්නවා 20කට වඩා. අනික ඒ ඉන්න අය  ඇමති ආරක්ෂක අය (MSD) වගේ පේන්නෙ. පක්ෂ ලේකම්වරියක් උනත් අමුතුවෙන් ආරක්ෂාවක් එහෙම ලැබෙන්නෙ නෑ. සමහරවිට ප්‍රයිවට් ආරක්ෂාවද මංදා..

- හින්දි කතාවේ, පොලිසියේ ඉන්නවා පොලිස් පරික්ෂකලා 2ක්. අයීපිලා 2ක්. 1ක්  සීනියර්. එයා තමයි ඒ පොලිසියේ ඕඅයිසී. ඉන්දියන් පොලිසියේ තරු 3 තමයි  ඉන්ස්පෙක්ටර් වෙන්නෙ. තරු 2 සබ් ඉන්ස්පෙක්ටර් ( උප පොලිස් පරික්ෂක) මේ කතාවේ එක අයිපී කෙනෙක් ඉන්නවා එයා ( තරු 2) ( රොෂාන් පිලපිටිය), හැබැයි එකම තරු 1 තියෙන එස් අයි කෙනෙක්  ( උප පොලිස් පරීක්ෂක) කෙනෙක් නෑ. 

 

හින්දි කතාවේ, දූෂිත චරිතය වෙච්ච ගයිතොන්ඩේ තරු 2ක් තිබ්බ, උප පොලිස් පරික්ෂක කෙනෙක්. හැබැයි අපෙ කතාවේ ඒ චරිතය තරු 01ක්වත් නෑ විතක් නෙමෙයි, සාජන් කෙනෙක්වත් නෙමෙයි වගේ. 

ඒක ටිකක් වෙනස්.


- ධර්ම යුද්ධය සිනමා පටය ගැන දැනගන්න කලින් මම පූර්ව ප්‍රචාරක පට වගේ  ඒවයෙන් දැක්කත්, මම දැනන් හිටිය කතාවෙම කොපියක් කියල මම දැනන් හිටියෙ නෑ. දැන් තමයි ඒක තේරුනේ. කොහොම උනත් ඔයිට වඩා හොදින්  කරන්න තිබ්බ කියල හිතනව, හොදම නළු නිලියෝ හිටිය නිසා. 


Wednesday, November 4, 2020

මගේ අත්දැකීමේ හැටියට IPhone 11 Pro Max එක,


මම 11 ප්‍රෝ මැක්ස් එක ගන්න කලින් පාව්චිචි කලේ, 7 ප්ලස් එක.
අවු 4ක් විතර කිසිම කරදරයක් නොදී තිබ්බ ෆෝන් එක. අන්තිම කාලෙ බැටරිය මාරු කලා, සිංගප්පූරු ඇපල් ස්ටෝ එකෙන් ගෙන්වලා..

English Translations - https://www.tipsyinsider.com/2020/11/01/iphone-11-pro-max-my-experience/

- 11 ප්‍රෝ මැක්ස් එකේ 1 වෙනි දේ දැක්ක ගමන් අමුත්තක් වෙන්නෙ ඒකෙ විදිය.. හිතට දැනෙනවා සතුටක් එනවා. ඊලගට අතට ගත්තාමත් ඒ වෙනස විශේෂයෙන් තියෙනවා, 7 ප්ලස් එකට වඩා වෙනසක් තියෙනවා. ටච් කරාම හරිම ලේසියි සහ ඉක්මණ්..

- ඒවගේම, බැටරි ලයිෆ් එක සෑහෙන්න හොදයි. 

Low Power Mode නොදා සාමාන්‍ය විදියට දවස් 1 හමාරක් බැටරිය තියෙනව. දුර ගමනක් ගියොත් කිලෝමීටර් 200ට එහා, වව්නියා - කිලිනොච්චි වගේ දවසක් තියෙනව. එහෙම තිබිල තියෙනව.

- ඊලගට කැමරාව, මට දැනුනු දේවල් තමයි Wide Angle පින්තූර,  Portrait පින්තූර තව දියුණු වෙලා තිබ්බා, ඒවගේම Night Mode එක කලින්ට වඩා සැහෙන්න දියුණුයි..

මම ගේම්ස් එහෙම කරන - දන්න කෙනෙක් නෙමෙයි. කරන ගේම්ස් කීපය මම කරන්නෙ අයිපෑඩ් එකේ නිසා මම දන්නෙ නෑ ෆෝන් එකේ කොහොමද ගේම්ස් වෙන්නෙ කියල. 

 - එයාපොඩ්ස් වලට වගේම එයාපොඩ්ස් ප්‍රෝ එක්කත් හොදින් වැඩ කරනවා. ලංකාවෙ ඉන්ටනෙට් අවුල මිසක් හොද ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බ නම් මීට වඩා හොද වේවි කියල හිතෙනව. හ්ම්..

#iPhone11ProMax