Tweets by @Tweetsbysuku myblog: ධර්ම යුද්ධය චිත්‍රපටය

Facebook Fan Page

Wednesday, November 18, 2020

ධර්ම යුද්ධය චිත්‍රපටය



“ ධර්ම යුද්ධය “ කතාව ගැන, අයිය කෙනෙක් කියපු කතාවෙදි, මාත් ගොඩක්  කැමති වෙච්ච, Drishyam (2015) කියල හින්දි චිත්‍රපටිය ගැන මතක් උනා. මේකට බොහෝම සමාන සිනමා පටයක් හොලිවුඩ් වගේම, තමිල්නාඩු සිනමා පටයකුත් තියෙන කියල අහල තියෙනවා. 

- Drishyam (2015) වල ප්‍රධාන නළුවා අජේ දේව්ගන්. බොහෝම අගේට කරනවා. මේ කතාවෙ ප්‍රධාන නළුවා ජැක්සන් ඇන්තනී. දෙන්නම බොහොම  හොදට රඟපෑවා උනත්, අවාසනාවකට වගේ හින්දි චිත්‍රපටය එක්ක බලද්දි  සාපේක්ෂව අපේ එක ගැන තියෙන්නෙ කණගාටුවක්. හින්දි චිත්‍රපටය කලින් බැලුවත්, ඒකට ඒ තරම කැමති උනත් අපේ කතාවේ සාපෙක්ෂව දන්න නළු නිලියෝ බොහෝමයක් හිටිය නිසා අමුතුවෙන් හින්දි කතාවට මම කැමති වීම  පක්ෂපාති වීමක් කියල හිතෙන්නෙ නෑ..

- කුමාර තිරිමාදුර කියන්නෙ බොහෝම මානුෂීය වගේම හැඟුම්බර කෙනෙක් මම හිතන විදියට. එයා, ඔය වගේ දුෂ්ට චරිතයකට ගැලපෙන්නෙ නෑ. ඒක මම චිත්‍රපටය පුරාම දැක්කා. ගයිතොන්ඩේ කියන හින්දි කතාවෙ හිටිය කෙනා බොහොම අමානුෂීය විදියට, සරලව කිව්වොත් නරුම විදියට වැඩ කරන කෙනෙක්. එහෙම ඒවා හරියට අපේ චිත්‍රපටයේ පෙන්නුවේ නෑ. ඒවගේම කතාවෙ ගලායාම හින්දි චිත්‍රපටය තරම් හොඳින්ම තිබ්බෙත් නෑ. සමහර තැන් වල ඒ අදහස කියෙනවා මදි.

ඒත් හැඟීම්බර වීම වගේම භාවාත්මක ප්‍රකාශනය, රංගනය එක්ක ජැක්සන් ඇන්තනීගේ රංගනය අජේ දේව්ගන්ට වඩා හොදයි කියල හිතෙනව. ඒවගේම ඒ අසරණකම එක්ක එන හැඟීම්  ප්‍රකාශනය තනි පුද්ගල විදියට ගත්තොත් ජැක්සන් ඇන්තනී හොදින්ම දියුණුයි..

අම්ම විදියට ඉන්න දිල්හානි ඒක නායකයත්, ලොකු දුව විදියට ඉන්න තිසුරිත් හොදට රඟපානවා. සාපේක්ෂ කලොත් වඩා හොදයි. 

කුසුම් රේණුගේ විශාල බලයක් තියෙන චරිතය හරිම විදියට ආවෙ නෑ කියල හිතෙනව..


- ඊලග කාරණාව, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට පොලිසියෙන් ආරක්ෂාවට දෙන්නෙ 2යි. කැබිනට් අමැතිට උනත් 7යි. මේකෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ඉන්නවා 20කට වඩා. අනික ඒ ඉන්න අය  ඇමති ආරක්ෂක අය (MSD) වගේ පේන්නෙ. පක්ෂ ලේකම්වරියක් උනත් අමුතුවෙන් ආරක්ෂාවක් එහෙම ලැබෙන්නෙ නෑ. සමහරවිට ප්‍රයිවට් ආරක්ෂාවද මංදා..

- හින්දි කතාවේ, පොලිසියේ ඉන්නවා පොලිස් පරික්ෂකලා 2ක්. අයීපිලා 2ක්. 1ක්  සීනියර්. එයා තමයි ඒ පොලිසියේ ඕඅයිසී. ඉන්දියන් පොලිසියේ තරු 3 තමයි  ඉන්ස්පෙක්ටර් වෙන්නෙ. තරු 2 සබ් ඉන්ස්පෙක්ටර් ( උප පොලිස් පරික්ෂක) මේ කතාවේ එක අයිපී කෙනෙක් ඉන්නවා එයා ( තරු 2) ( රොෂාන් පිලපිටිය), හැබැයි එකම තරු 1 තියෙන එස් අයි කෙනෙක්  ( උප පොලිස් පරීක්ෂක) කෙනෙක් නෑ. 

 

හින්දි කතාවේ, දූෂිත චරිතය වෙච්ච ගයිතොන්ඩේ තරු 2ක් තිබ්බ, උප පොලිස් පරික්ෂක කෙනෙක්. හැබැයි අපෙ කතාවේ ඒ චරිතය තරු 01ක්වත් නෑ විතක් නෙමෙයි, සාජන් කෙනෙක්වත් නෙමෙයි වගේ. 

ඒක ටිකක් වෙනස්.


- ධර්ම යුද්ධය සිනමා පටය ගැන දැනගන්න කලින් මම පූර්ව ප්‍රචාරක පට වගේ  ඒවයෙන් දැක්කත්, මම දැනන් හිටිය කතාවෙම කොපියක් කියල මම දැනන් හිටියෙ නෑ. දැන් තමයි ඒක තේරුනේ. කොහොම උනත් ඔයිට වඩා හොදින්  කරන්න තිබ්බ කියල හිතනව, හොදම නළු නිලියෝ හිටිය නිසා. 


No comments:

Post a Comment