Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Saturday, December 28, 2019

ශ්‍රීපාද ගමනෙන්..


සතියකට කලින් දෙසැ 20 වෙනිදා එරත්න පාරෙන් උදේ 7.15ට විතර පිටත් වුනු අපි ශ්‍රී පාද උඩමළුවට ආවේ 21 වෙනිදා උදේ 7.30ට විතරය.
නොහිතපු විදියට වැස්ස( කලින් දිනවල නොතිබුනු), නිසා ගමනට සෑහෙන බාධා ආව. එරත්න පාරේ පඩි පෙලවල් නැ. යන්න තියෙන්නෙ බොහෝ අවස්ථා වල ගල් උඩින්. ඒවගේම දිය පිරුණු, ඇල දොල වගේ ඒවත් සෑහෙන්න තිබුනා ඒවා උඩින් තමයි යන්න උනේ. දිගටම වැස්සත්, හීතලත් නිසා තරමක අපහසුතා ඇති උනා. මඩ වෙලා යන්න උනා ඒවගේ ගැටළු තිබුනා. ඒනිසා ගමන හෙමින් උනේ.
කොහොම උනත් ඒ පාරෙ නම් කුණු නොතිබුනු තරම්. අතරමගදි මුණගැහුනු නඩයත් බොහෝම හොද - උදව් කරපු සහ කරන්න සූදානම් අය උනා. සීත ගගුලෙන් එගොඩ වෙන්න උනේ දණිසට වඩා උඩින් වතුර යද්දි දෙපැත්තනේ අල්ලගෙන. එතනදි ඉවසීමත් අනිත් අයගේ උදව්ත් නිසා කරදරයක් උනේ නෑ. නමුත් තරමක අවදානමක් තිබුනා. අර කියපු නඩය අපිට මගහැරුනා සීත ගගුලෙන් පස්සෙදි.

ඊටපස්සෙ එකදිගටම තනියම යෑමක් තිබුනෙ. උවමනා උනත් කිසිම සිග්නල් එකක්වත් නැතිව එක දිගට යන්න උනා.
මහගිරිදඹට කලින් රෑ 10ට විතර විවේකයක් අරගෙන උදේ 5න් පස්සෙ තමයි ආයෙ ගමන ආරම්භ කලේ.
කොහොම හරි වැඳලා, ඝාණ්ඨාරය හඬවලා 9ට විතර පටන්ගෙන හවස් වෙද්දි පහලට බැහැ ගත්තා.

Friday, December 27, 2019

සිංහලකම ලොකුවට කතා කරන අපේ බහුතරය නිසා කලකිරිම ඇතිවී ඇත.


● දෙමල අප ඉගෙනගත යුතු නැති බවද, පැරදුනේ ප්‍රභාකරන් නිසා ඔවුන් සිංහල කතා කල යුතු බවද කියයි.
නමුත් උවමනාවකදී අප සමග කටයුතු කරන දෙමල හෝ මුස්ලිම් අයට සිංහල බැරි වූයේ නම් ඇතිවන තත්වය කුමක්ද යන්න නොසිතති.
- සැබවින්ම අපට දෙමල බැරි නම්, සන්නිවේදනය පවත්වාගෙන යාමට අන්‍ය ජනවර්ග වලට සිංහල පුලුවන් වීම ගැන අප සතුටු විය යුතුය.

● වැඩිහිටි නිවාස, ළමා නිවාස වල පිරී ඇත්තේ සිංහල ජනතාවය.

● පන්සිල් පද 5වත් හරියට රකින්නේ නැත. හැබැයි මහා සිංහලකමක් සිතති.

● රාවණා නැගිටලා සිංහලය බේරාගන්නා තුරු බලා හිඳිති.
හැබැයි මහා රාවණ යනු සිංහලයෙක් නොවන බවවත්, හෙලයෙක් බවවත්, සිංහලයන් ඇතිවන්නේ හෙලයන් විනාශ කරගෙන බවවත් නොදනිති.

● මහ විරු සමරුවට විරුද්ධව කතා කරති.
හැබැයි අපේ මහා වීරයා වූ දුටු ගැමුණු රජතුමා, එලාර නම් දමිල රජාව පරාජය කර, එලාර රජුගේ සොහොන සෑදූ ස්ථානයට ගරු කල යුතු බවට නියෝගයක්ද කර ඇති බව ඉතිහාසය කියයි.
ඒ තරමවත් ගරුත්වයක් දෙන්නට, අඩු තරමින් මැරුණු අයට ගරුත්වයක් දෙන්නට තරම්වත් මානුෂීය නොවෙති, හැබැයි සිංහල - බෞද්ධකම ගැන කියති.

‍- දේශපාලනික යටි අරමුණු ඇතිව අන්ත ජාතිවාදය ඇරඹුනත්, පවත්නා සියලු රජයන් සහ හමුදාව - පොලිසිය “ උගත් පාඩම් “ සිතේ තබාගෙන කටයුතු කිරීම ප්‍රශංසනීයය !!!

- පහුගිය දවසක මම, නිලධාරින් පිරිසකට කල කතාවක කොටසක් ..

#යථාර්ථවාදිජනතාවාදි #tshdec2019 #srilanka

Thursday, December 26, 2019

පදනම් ආයතනෙයදි කල දේශනයෙන්


පහුගිය 17 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් රාජ්‍ය නිලධාරින්ට  තොරතුරු තාක්ෂණය සහ ඒ සම්බන්ධව කරන ලද දින කීපයක වැඩමුළුවෙදි, Google Maps සහ Google My Business ගැන ඔවුන් දැනුවත් කිරීමේ දේශනය මට පැවරුනා.
මුල ඉදලම ගුගල් මැප් එක භාවිත කරන විදිය, ගෙදර සහ තමන්ගේ හිතවත් සහ තමන්ට වැදගත් තැන් මැප් එකට ගන්න විදිය වගේම ගූගල් එකේ රිවිව් එකක් දාන විදියත්, ඒ අනුව රටට කරන සේවය ගැනත් ලංකාවේ ඉන්න Google Local Guides සමාජය ගැනත් දැනුවත් කරා.
     

මෙතනදි තරමක ගැටළුවක් උනේ එක් එක් නිලධාරියා සතුව තිබුනු මොබයිල් ෆෝන් වල තියෙන ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් වල තිබුනු වෙනස්කම්. ඒ අනුව තරමක වෙලාවක් ඒව පැහැදිලි කරන්න ගියත් සාර්ථකව කටයුත්ත කරන්න හැකි උනා කියල හිතනවා. තවත් සමාජ මාධ්‍ය භාවිතයට අදාලවත් එයාලට පැහැදිලි කරන්න හැකියාව ලැබුනා. ඒවගේම Google My Business කටයුත්ත කරන හැටිත් කියල දුන්න, එතන හිටිය එක් නිලධාරියෙක්ට තමන් කරන ඉංග්‍රිසි උපකාරක පන්තිය ගුගල් මයි බිස්නස් වල ඇතුලත් කරල දෙන්නත් විනාඩි ගානකින් හැකිවීම ගැන ඇත්තටම සතුටක් දැනුනා.
ඔවුන් බොහෝමයක් නිපුණතා සංවර්ධන නිලධාරින් ( Skill Development Officers) නිසා විය යුතුයි ඔවුන් බොහොම සුහදශීලියි. මම ඒක ඇහුවාම තමයි කිව්වෙ එයාල පාසල් දරුවන් ඉදන් හැමෝම නිතර මුණගැහෙන බව. එනිසා ඒ අත්දැකීම ගැන සතුටුයි.
මට මේ අවස්ථාව ලබා දෙන්න මූලික උනේ පදනම් ආයතනයේ පර්යේෂණ අංශයේ සිටින ඉංජිනේරුවරියක වන නිරංජලා දිල්හානි..



Sunday, December 15, 2019

“ බාමියන් බුදු පිලිම කැඩීම සහ රම්බොඩගල්ල බුද්ධ ප්‍රතිමාව “

කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පීඨාධිපති ගල්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ විසින් පවසන ලද කතාව මගේ අදහසද සහිතව..

තලේබාන්වරු විසින්, බාමියන් බුදු පිලිම කැඩූ කාලයේ එක්තරා තරුණ පිරිසක් රම්බොඩගල්ල බුදු පිලිමය සාදන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකල හාමුදුරුවන් හමුවට ගොස් ඇත. එයින් 1 තරුණයෙක් තලේබාන්වරු කලාක් මෙන්, ඉස්ලාමීය පල්ලි කැඩීමට යෝජනා කර ඇත.
● අප විසින් කල යුත්තේ පල්ලි කැඩීම නොව, නව බුද්ධ ප්‍රතිමා, නිර්මාණ කිරිම බව හාමුදුරුවන් විසින් තරුණ පිරිසට පැහැදිලි කරන ලදුව ඔවුන් විසින් බුද්ධ ප්‍රතිමාවක් සෑදිමට මූලික කටයුතු වන මුදල් එකතු කිරීම කර යම් මුදලක් ඒ ආකාරයට උන්වහන්සේට භාර දෙන ලදි.

● එම හාමුදුරුවන්ද එම කටයුත්ත ගැන උනන්දුව සිටියදි හනුමන් දේවාලක් සෑදු “ඊශ්වරන් බ්‍රදර්ස් “ නම් ව්‍යාපාරිකයන්ව දැනගෙන ඔවුන්ගේ උදව් ඇතිව දකුණු ඉන්දියාවේ ප්‍රතිමා නෙලන අය වෙතද ගොස් කාරණය පැහැදිලි කරන ලදි.
එයට කියන ලද මුදල ඉන්දියන් රුපියල් කෝටි ගණනක් වූ නිසා අසරණ වූ හාමුදුරුවන්ට, ඊශ්වරන් බ්‍රදර්ස් විසින් මෙම අයකිරීම බොහොම සාධාරණයි, මේ කටයුත්තට කැමති වෙන්න අපිත් උදව් කරන්නම් ලෙස පවසා ඇත.

- ඒ අනුව ඊශ්වරන් බ්‍රදර්ස්, දකුණු ඉන්දියානු ප්‍රතිමා නෙලන අය, එවකට ජිවත්ව සිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාද ( කතෝලික) සමග මහජනතාව විසින් ලබාදෙන ලද ආධාර අනුව මෙම ප්‍රතිමාව කල බව උන්වහන්සේ විසින් කැළණිය විශ්ව විද්‍යාලයෙන් එම ප්‍රතිමාව නැරඹීමට ගිය ඉතිහාස අංශයේ ගෞරව උපාධි අපේක්ෂකයන් ඇතුළු පිරිසට දැනුම් දෙන ලදි.
ගල්කන්දේ ධම්මරතන හාමුදුරුවන් විසින් පසුව අසන ලද්දක් නම්, ඉස්ලාමීය ජනතාව මෙම කටයුත්තට දායකත්වයක් ලබාදුන්නාද යන්නය ? එය මුලදි නොකියවනු කරුණකි.

● එවිට පෙර කී හාමුදුරුවන් පවසා ඇත්තේ සුළුතර ජනතාවක් වන මුස්ලිම් අයගේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස ගත්විට සිංහල බෞද්ධයන්ට වඩා වැඩි බවය. ඔවුන් පන්සලට පැමිණි සෑමවිමට ප්‍රතිමාවට ආධාර කල බවද, එස්කැවේටර් යන්ත්‍ර අවශ්‍ය වේලාවෙදි එක් මුස්ලිම් මහතෙකු ස්ථාන ගණනාවකට වඩම්මාගෙන ගොස් ඒවාට උදව් කර ඇති අන්දමද විස්තර කර ඇත.

- ඒ අනුව එම ප්‍රතිමාව සියලු ජන කොටස් වල සහභාගිත්වයෙන් සිදුවී ඇත.

- නමුත්, අදටත් ඉතිහාසය ලියැවුනු අයගේ අවුලකටදෝ මන්දා වැඩියෙන් අහන්නට ලැබෙන්නෙ ජාතිවාදය සහ වර්ගවාදය තමන් උසස් යන්න පිලිබිඹු කෙරෙන කතා වැඩියෙන්ය. කෙසේ වුවද ඒවා සියල්ලම පාහේ දේශපාලන පසුබිමකින් සිදුවූ ඒවා වන අතර වත්මන් රජය නිසා එම තත්වයන් සමනය වනු ඇතැයි බලාපොරොත්තු වෙමු..

#lka

Saturday, December 14, 2019

1972 අයර්ලන්තයේදි බ්‍රිතාන්‍ය හමුදාව කල සටනේ සටහනක්..


බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කරපු සටනෙදි තමන්ගෙ පෙම්වතා තුවාල උනාම ඔහු වෙනුවෙන් ඇය තුවක්කුව ගෙන දිගටම සටන් කලා.

😳

● තුවාල උනු ඇගේ පෙම්වතාව ආරක්ෂිත ස්ථානයකට යැව්වට පස්සේ ඔහුගේ ජිවිතය බේරුනා.

ඒත් ඇය දිගටම සටන් කලා මිය යන තුරුම.

● යුද්ධයෙන් පස්සෙ, එංගලන්ත හමුදාවේ සොල්දාදුවන් හොයාගන්නවා එයාල මේ ගැහැණු කෙනෙක් එක්ක සටන් කලේ කියල. අණ දෙන නිලධාරියා නියෝගයක් දෙනවා කිසිම සොල්දාදුවෙකුට ඇයගේ මෘත දේහය ස්පර්ශ කරන්නට තහනම් බවත්, අයර්ලන්ත ජාතිකයන්ට ඇයගේ සිරුර භූමදානය වෙනුවෙන් ගෙනා හැකි බවත්.

ඒ වගේම ඔහු මෙහෙමත් දෙයක් කියනවා..,

“ අපි සටන් කරනවා මහ රැජින වෙනුවෙන්, ඇය අපි ගැන තැකීමක් කරන්නෙ නෑ. ඒත් මේ කාන්තාව තමන්ගේ රටත්, පෙම්වතාත් වෙනුවෙන් ජිවිතය පවා දුන්නා “

- මේ පින්තූරය අයර්ලන්තයේ කාන්තා දිනයේදි තෝරාගත් පින්තූරය උනා.

“ ශක්තිමත් කාන්තාවක් එක්ක සම්බන්ධ වෙන්න බය වෙන්න එපා. දවසක “ ඇය “ ඔබගේ එකම ආරක්ෂාව වේවි !!!

#bloodysunday

Thursday, November 21, 2019

Remain in Exile

ජිවිතේ දේවල් තේරුම් ගන්න, හිතන්න නම් ඉතින් පරදින්න - වරදින්න ඕනමයි..

පහුගිය ඡන්දෙ, ජනාධිපතිවරණය මම හිතුවා සජිත් ප්‍රේමදාස දිනාවි කියල. තරමක් උතුරු පැත්තේ සංචාරයත් කරන්න ලැබෙන නිසාත්, විශේෂයෙන් පොලවෙදි මුණගැහෙන මිනිස්සු නිසාත් සජිත්ට විශාල ජනතා ආකර්ෂණයක් තියෙන බව මම හිතුවා. අවුරුදු ගණනාවක් සජිත්ට ඡන්දෙ ඉල්ලන්න දෙන්න කියල එජාපයට ලැදි පිරිස් කියන නිසාත් ඒකත් මම හිතුවා. කොහොම හරි ඒක උනේ නෑ. සජිත් පැරදුනා. ගෝඨාභය රාජපක්ෂ දිනුවා. සරල දිනුමක් නෙමෙයි වැඩි ඡන්ද ලක්ෂ 14කටත් වැඩිය.
පැහැදිලිවම සිංහල - බෞද්ධ පදනමේ ඉතා විශාල දායකත්වයක් ලැබුනා ඒකට. එජාපයට හෝ සජිත් හිතවාදි අයට බැරි උනා ඒකේ තත්වයන් ජනතාවට තේරුම් කරන්න. අවු 4-5ක් ලංකාවෙ වැඩියෙන්ම බලන මාධ්‍ය නාලිකා 2ක් එක්කත්, සමාජ ජාල ඇතුළු විශාල ප්‍රමණයක පිරිසක් එක්කත් ලොකු වියදමක් කරමින් කරපු ඒ ඡන්ද ව්‍යාපාරය අභිබවන්න අපිට බැරි උනා.
මම ඇත්තටම වැඩ කලේ ස්වෙච්ඡාවෙන්. ඒකට හේතු උනේ සමහර ආපු ඉල්ලීම් වලට මම එකග නැති වෙච්ච එකත්, සමහර පිරිස් එක්ක වැඩ කරන්න මට කැමැත්තක් නොතිබීමත්. කොහොම උනත් මම පොඩියට උනත් දෙයක් කලා.
ඒ අතර විශේෂයෙන් රට පුරා ඇති කරපු, මවපු වර්ගවාදි - අන්තවාදි - ජාතිවාදි දේවල් ගැනත් හිතට එනවා. සිංහල ජනතාව අසරණයි, කිසි කෙනෙක් නෑ කියන මතය රට තුල කිඳා බස්සවල අන්තිමට මේ ප්‍රතිඵල ආවා..

“ ජයග්‍රහණයට පියවරු 1000කි. පරාජය අවජාතකය “

ප්‍රතිඵල පටන් ගත් මොහොතේ සිට මේ දක්වා සියල්ල ගැන සිතීමේදි තිබුනු මානසික පීඩනය සහ අවලාද, තර්ජන ගර්ජන වගේ සියල්ලද සිත් රිදවීම්ද ගැන හිතෙද්දි ලංකාව වගේ රටක දේශපාලනය කරන එක කොයිතරම සුදුසුද යන කාරණය ආයිත් හිතෙන්න ගත්තා. 1-2ක් ඇරුණාම අතිබහුතරය විරුද්ධව කතා කල අයගේ සීලාචාරකමත්, මනුස්සකමුත් ඇත්තේම නෑ. දේශපාලන තීරණයට අනුව මම වැඩ කලේ, වාසි සහ වරප්‍රසාද ලේසියට ගන්න තිබුනු පැත්තට නොවෙන්න මූලික හේතුවක් අනිත් අය හැසිරුනු සහ ක්‍රියා කල ආකාරයන්.

කොහොම උනත් අලුත් ජනපති, විශේෂ කෙනෙක්. දේශපාලනයේ නොයෙදුනු කෙනෙක්. එනිසාම එතුමා නිවරදි දේ රට වෙනුවෙන් කරාවි කියන විශ්වාසය බොහොම දැඩිව තියෙනවා, අතීත අත්දැකීම් සහ ඒ අනුව මෙසේ වේවි කියල හිතෙන් කිව්වත්. එහෙම අඳුරු යුගයක් අපේ රටට දරාගන්න බැහැ. දැනටත් ඒවගේ සැහෙන කාලයක් පසුකර ඇති නිසා.

අද ඉඩම් අමාත්‍යංශයටත් ගිය නිසා, එතනත් අවසාන දිනය. ජනපතිවරණය ගැසට් කරනකොටම ස්ථිර නැතිව හිටිය හැමෝම ස්ථිර කිරීම තුල, රැකියා නැති වීමේ අවදානමක්  හෝ බියක් ( ඔක් 26 ) තිබුනේ නෑ. මට රස්සාවක් නොතිබුනත්, මම මාසෙකට වතාවන් කිපයක් අමාත්‍යංශයටත්, පාර්ලිමේන්තුවටත් කාට හරි උදව්වකට යන නිසා ආයෙ නොයන්න වෙන ඒ වෙන්වීම ගැන තියෙන්නෙ දුකක් තරමකට.. හ්ම්..

- රට වෙනුවෙන්  කරන කටයුතු තාවකාලිකව මේ තත්වයේ උනත් බොහෝවිට ඉදිරියේදි අවශ්‍යතා ඇති වේවි කියලත් නිකමට වගේ හිතෙනව..

Thursday, September 12, 2019

Video Leak

අපේ රටේ හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැත. දෙමාපියන් - වැඩිහිටියන් බොහෝමයක් ඒ ගැන කතා කරන්නටත් බය වෙති.
හැබැයි ලිංගික කටයුතු නිසා දරුවන් නොහැදෙනවාද ? ඒක වෙනවාය..

- ඉස්කෝලෙදිද ඕවා හරියට උගන්වන්නේ නැත.
අපි උසස් පෙල කරන කාලයේ අපේ ජීව විද්‍යා ගුරුතුමිය අපට “ ප්‍රජනනය“ පාඩම ඉගැන්වූයේ නැත. එහෙව් රටකි මෙය !!!

- එහෙම රටක, ලිංගික අසහනය විශේෂයෙන් තිබෙන දෙයකි.

- මනුස්සයන් විදියට හිතනකොට ඕන කෙනෙකුට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්නට අයිතියක් තියෙනවා විය යුතුය. නමුත් වයස 18ට අඩු නම් නීතියට අනුව වරදකි..
ඔතන මූලික ගැටළුව, ඒවා වීඩියෝ කිරීමය.. ඉන්පසුව රටටම කොයි කාලෙක හෝ මේක ආවාට පසුව විවිධාකාර නොසිතූ අපහසුතා වලට මුහුන දීමට සිදු වීමයි..

- කාට උනත් වරදින්නට පුලුවන්ය.. නොවැරදී හරි ගිය මිනිසුන් ලෝකයේ නැත.

“ ලෙඩක් හැදුනාම, ලෙඩේට බෙහෙත් නොසොයා, ලෙඩා මරණ ක්‍රමය අපි දැන්වත් නතර කල යුතුමය... “

- Thivantha Harischandra 


වල්පොල රාහුල පදනමේදී අද Galkande Dhammananda හිමියන් මුණගැහුනා. උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානීද වනවා.

● උන්වහන්සේ සමග රටට වැදගත් සහ තත්වයන් ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට හැකියාව ලැබුනා. විශේෂයෙන් භික්ෂුන්වහන්සේගේ කාර්යභාරය ගැන මට අවබෝධයක් ලැබුනා. ඒවගේම භික්ෂූන්වහන්සේ කෙනෙක් කියන්නෙ ඉතාම දැන උගත්, බුද්ධිමත් කෙනෙක් වීමේ වැදගත්කමත් රටටත් අදාලව තේරුම් ගියා..

- රට තුල දේශපාලන අරමුණු මූලික කරගනිමින් පවතින ජාතිවාදයත් ඒ හා බැදුනු කාරණා ගැනත් මම හිතේ තියාගෙන ඇහුවත්, උන්වහන්සේ ඒවාට පිලිතුරු දුන්නේ ඒ අර්ථයන්ගෙන් නෙමෙයි. අපේ හිතේ තියෙන දේශපාලනමය අදහස් වලට විරුද්ධව හෝ පක්ෂව උන්වහන්සේ අදහස් දැක්වූයේ නෑ. භික්ෂූන්වහන්සේ නමකගේ ඉතාම වැදගත් දෙයක් විදියට මම ඒක හිතනවා.

- විශේෂයෙන් ජානමය පදනමත්, ජාතිකවාදයන්, ජාතිවාදයන් කියන කාරණා ගැනත් බොහෝම නිදහස්ව වගේම සහනශීලිව උන්වහන්සේ අදහස් පල කලා. ඒවගේම වැදගත් දෙයක් විදියට, අපේ උතුරේ සහ ලංකාවේ දෙමල බොහෝම අය, ඉන්දියාවේ දෙමල අයට වඩා සිංහල අයට ජාන විද්‍යාත්මකව ලං වී ඇති බවත්, ලංකාවේ සිංහල අය, උතුරු ඉන්දියාවට නොව දකුණු ඉන්දියාවට වැඩි සබදතාවයක් ඇති බවත් විශ්ව විද්‍යාලයක කල පරීක්ෂණයක ප්‍රතිඵල විදියට නිකුත්ව ඇති බවත් උන්වහන්සේ වදාලා.

● රට ජාතිය වෙනුවෙන්, විශේෂයෙන් හොද රටක් අපේ රටේ ඉන්න හැමෝටම ඇති කරන්නට, භික්ෂූන්වහන්සේගේ ඉතිහාසගත කාර්ය විය යුත්තේ දේශපාලන අතකොලු නොවී බුදුන්වහන්සේ වදාල ගමනේ යමින් කියල මට ආයෙත් තේරුනා - හිතුනා... හ්ම්...

තවද, නිදහස් අධ්‍යාපනය ලංකාවට ලබාදීමේදී කන්නන්ගර මහතා විසින් කරනු ලැබූ යෝජනාව වසර 3ක් දක්වා සභාවේ කතා නොවුනු බවත්, එවකට විද්‍යාලංකාර පිරිවෙන මූලිකව රට පුරා ඒ වෙනුවෙන් ජන මතයක් ඇති කල බවත් ඒ අනුව වැදගත් වන්නේ ඒ අනුව සිතීම සහ කටයුතු කිරීම බවත් පැහැදිලි උනා..

#tshsep2019

Friday, September 6, 2019

පරණ මතකයන්.. ආයෙත් මතක් කල ගීතයක්...

                                       
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...
ඔබ එන මග මා පවන් සැලී...
පෙර දිනයක අප හමු වූ තැන හිඳ...
වෙන්වන්නට මුණගැසෙමු යළි ...//

වෙරලේ හැපෙනා දළ රළ අතරේ..
මුමුණයි හෙමිහිට අපේ කථා...
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්,
සුදු වැලි මුමුණයි අපේ කතා...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය...
නැති ලෙස හදවත හඬා වැටේ...
එනමුදු අප පෙම් කතාව නිම වී...
සමුගන්නම් අද තරහ නොවී.....

-
නැසී ගිය ගායක - ප්‍රින්ස් උදය ප්‍රියන්ත මුල් ගායනය...

#weralakonakahida #princeudayapriyantha #lka



Wednesday, September 4, 2019

“ අපිරිසිදු බඳුනකට දිගටම පිරිසිදු වතුර වත් කරන්න. එවිට එම ජල බඳුන පිරිසිදු වේවි “ - බුදුන්වහන්සේ

දැන් Trend එක රට හදන, වැරදි කරන අයගේ වැරදි පෙන්වන එක !

● එහෙම ඒවා වෝල් එකේ, කවි - සිංදු - කතා හැමදේම තියෙනවා දැන්. රට හදන කතා කියන්නයි, රට කරවන අයට බණින්නයි නම් බොහෝම අය ඉන්නවා. හැබැයි ඒ අතිබහුතරය ඇත්තටම ඒ අදහස් තමන්ට අනුගත කරගන්නවාද කියන එක ප්‍රශ්නයක්...
එහෙම කියවන සමහර අය තමන්ට උවමනාවක් ආවාම, දේශපාලන උදව් ගන්න උත්සහ කරන අවස්ථා ඕන තරම් අත්දැකීමෙන් අපි දන්නවා. හැබැයි වෝල් එකේ එක දිගට දේශපාලකයන්ට බණිනවා, හරියට තමන් හරි දේ විතරක්ම කරන පරමාදර්ශී චරිත වගේ....
( ඒ අයගේ බොරු මවාපෑමයි, ඇත්තයි අතර වෙනස හිතද්දි, ඊට වඩා හොදයි දේශපාලකයන්ට කඩේ යන අය කියල හිතෙනවා)

● තව සමහර අය system එක වෙනස් කරන්න කතා කරනවා. ඒ සම්බන්ධව project කරනවා. ඒවට එයාලට හොදට ගෙවීමුත් ලැබෙනවා. හැබැයි පටන්ගන්නෙම මේක හරියාවිද දන්නෙ නෑ කියන වචන වලින්. අපි ජරාජීර්ණ වෙච්ච පක්ෂ දේශපාලනය තුල උනත් වැඩ කරන්නෙ රටට හොදක් කරන්න පුලුවන් සහ හරියනවා කියන අදහසේ ඉදන්. ඉතින් තේරෙනවා අර විදියට කරන එක රට ගැන නෙමෙයි, ලැබෙන ගාන අනුව කරන දෙයක් කියල..

● විදේශගතව ඉන්න ගොඩක් අය ඉන්නවා. එයාලට ලංකාවෙ ඉද්දිට වඩා රට ගැන ඇත්ත හැඟීමක් කැක්කුමක් දැන් තියෙනවා. ඒක දැනෙනවා. ඉතින් එයාල ඒ වෙනුවෙන් විවිධාකාර වැඩ කරනවා. හැබැයි එයාලට රට ගැන ලැබෙන තොරතුරු එක්කෝ වෙබ් අඩවි වලින් විතරක් ලැබෙනවා. නැත්නම් අදුනන යම් පිරිසක් විතරක් කියනව. එනිසාම හරිම දේ ලැබෙන්නෙ නෑ. ඉතින් හිතාගෙන ඉන්න දේයි, ඇත්තයි අතර වෙනස රට දියුණු කරන්න බාධාවක් වෙනවා.

● ඔය හැමදේම අතර, යුද්ධය අවසන් කිරීම මහින්ද රාජපක්ෂ මහතා කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු පනත, මාධ්‍ය නිදහස වගේ ඒවයෙදි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත්, ඊලගට රට ඉදිරියට ගෙනියන එක ඊලග ජනාධිපතිවරයා කරාවිය අදට වඩා හොද කාලයක් 2025දී රටටම තියේවිය කියල හිතාගෙන මාත් ඉන්නවා..

#lka #tshaug2019 #srilanka #slpoltics #slppl

Thursday, August 29, 2019

අපේකම් අපෙන් ඉවත් කරන්නට කල කී දෑ....

* වීර කැප්පෙටිපොල නිලමේතුමා හිසදුන් ස්ථානයේ බෝගම්බර හිර ගෙදර... එදා තිබුනු වැව වහලම දමා ඇත. අද ඇත්තෙ වෙන වැවකි.

* මුල්ලේරියාවෙදි ආසියාවෙ පෘතුගිසින් ලද දරුණුතම පරාජය.... (1562) එයට බියවුනු පෘතුගිසින් හා ඉංග්‍රිසින්..... පිස්සන් කොටුවක් නියම වචනයෙන් කියනව නම්, මානසික රෝහලක් ඇති කලා... ඒතුලින් අංගොඩ මුල්ලේරියාව කියද්දි වීරත්වය, ආඩම්බරය නැති කරලා ලැජ්ජ හිතෙන අසරණකමක් දැනෙන මානසිකත්වයක් ඇති කලා....

* කොළකැඳ ඉතා ගුණදායක ආහාරයකි...
නමුත් අද කෙනෙක් කම්මැලිකමින් සිටියොත් අහන්නෙ කැඳ බීලද කියලයි....
(මා අංගම්පොර මාස්ටර් කෙනෙකුගෙ ගෙදර සිටිනා කාලයේදි එහේ ලොකු අක්කා ආයුර්වේද දොස්තර නෝනෙක් නිසා අපිට කෑම බීම ගුණදායක දේවල් පමණක් ලැබුනා, එහිදි මස් මාළු අඩුවෙන් අපිට ලැබුනු අතර, නිතරම කැඳ බොන්න ලැබුන මතකයි... ඒ මාස 1 හමාර තුල හැම අතින්ම දියුණු වූ බවක් දැනුනා, විශේෂයෙන් මානසික සැහැල්ලුවත්, මානසික ඒකාග්‍රතාවත් වැඩි උනා)

මේව කරලා වර්ගවාදය, ජාතිවාදය අපි තුල ඇති කරල සුද්දන්, වෙනත් අය කටයුතු කලේ අපිව හැමදාම එයාලගේ පයින් පාගගෙන එයාලට අපිව සූරා කාලා වැජඹෙන්නයි... ඒක යුද්ධ නොකර බුද්ධියෙන් වෙනස් කරගන්නවද නැද්ද කියල තීරණය කරන්න ඕන අපිම තමයි....
{යම් උදාහරණ ගතෑකි, ඉන්දියාව, චීනය, වියට්නාමය, කියුබාව වගේ රටවල් වලින්(අපිට අදාල නෑ ඒවා ඒව කරන්නෙ එයාල එයාලගෙ විදියට නිසා, අර රටවල් කිව්වෙ සමාජවාදය ගැන එහෙම නෙමෙයි) }

#යථාර්ථවාදීජනතාවාදියා #srilanka 

Monday, August 26, 2019

Galkande Dhammananda හාමුදුරුවන්ගෙ ධර්ම දේශනයක් ඊයෙ බත්තරමුල්ල පූර්වාරාමය පන්සලේදී ඇහුවා..

උන්වහන්සේගෙ කතාවෙ තිබුනේ, “ තුවාල වීම සහ තුවාල වීම් වලින් සුවපත් වීමත්, අනිත් අයව - රටත් සුවපත් කිරීමත් ගැන“
ඒකෙ පදනම වැටිලා තිබුනේ “මෛත්‍රිය“ ගැන..

අපි හැමෝම වගේ කොයිම විදියකින් හරි තුවාල වෙච්ච අය. කායිකව වෙන තුවාල වලට වඩා මානසිකව වෙන තුවාල බොහෝම වේදනාකාරීයි වගේම පීඩාදෙන සුළුයි.

● පහුගිය වසර 30ක යුද්ධෙත් ඊට කලින් අවස්ථා ගණනාවකදීත් යුදමය අත්දැකීම් තියෙන රටක් ජාතියක් විදියට අපි තුවාල බොහෝමයක් තියෙන අය. තුවාල වලින් සුවපත් වීම තමයි කල යුත්තේ. ඒක මෛත්‍රිය තුලින්ම කල යුත්තක්. තුවාල සුවපත් නොවුනොත්, ඒක ඊලග පරම්පරාවටත් ගිහිල්ලා ආයෙත් ඒව මතු වෙනවා.
- ඒකෙ ප්‍රතිඵලය තමයි රට පස්සට යන එක.... 🇱🇰

● බුද්ධ දේශනාවේ කියවෙන්නෙ “ සබ්බේ සත්ථා “ කියල. ඒකියන්නෙ ජිවත් වන සෑම සත්වයෙක්ටම අදාලවයි අපි මෛත්‍රී කරන්න ඕන. මෛත්‍රිය කල යුත්තේ, “ මාතායථා නියං පුත්තා ආයුසා ඒක පුත්තමනු රක්ඛේ “ කියල කරණීයමෙත්ත සූත්‍රෙය් කියවෙන විදියට, මවක් තම එකම දරුවා රකින්නේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයට මෛත්‍රිය වැඩිය යුතුයි කියල.

● වතාවක් උන්වහන්සේ කිලිනොච්චියට වැඩි ගමනකදී, බෞද්ධයන් නැති පලාතක බුදු පිළිමයක් වඩම්මලා තියෙනව දැකල තියෙනවා. බෞද්ධයන් නැති තැනක එසේ කිරීම බලය ප්‍රකාශ කිරීමක් බවත් එනිසාම ඉවත් කල යුතු බවත් උන්වහන්සේ කල්පනා කරල තියෙනවා. නමුත් ඒ ප්‍රදේශයේම තරුණියක් වෙච්ච Rathikutty ( රාධිකා) කියල තියෙනවා අපි මෙතන හින්දු දෙවියන්ගේ පිලිමත්, ක්‍රිස්තුත් වහන්සේගේ පිලිමත් තියමු කියල. එතකොට ආගම් වල ශාස්තූවරුන් සිටිනවා එකට, අපිටත් සහජීවනයෙන් ජිවත් වෙන්න පුලුවන් කියල මිනිස්සු හිතයි කියල ඇය කියල තියෙනවා..

- ටිකක් අමතකවේගෙන ආව මෛත්‍රී භාවනාව ආයෙ මතක් උනා ඒ කරුණු එක්ක. ඒවගේම ගිය අවුරුද්දෙ කඨින කාලයේ අපෙ කුසලානන්ද හාමුදුරුවන්ගෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම ජිවිතේට සෑහෙන්න හොදක් කරන්නට හේතු උන බවත් මතක් උනා.... හ්ම්..

#tshaug2019 #maithreeya