Tweets by @Tweetsbysuku myblog: “ බාමියන් බුදු පිලිම කැඩීම සහ රම්බොඩගල්ල බුද්ධ ප්‍රතිමාව “

Facebook Fan Page

Sunday, December 15, 2019

“ බාමියන් බුදු පිලිම කැඩීම සහ රම්බොඩගල්ල බුද්ධ ප්‍රතිමාව “

කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පීඨාධිපති ගල්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ විසින් පවසන ලද කතාව මගේ අදහසද සහිතව..

තලේබාන්වරු විසින්, බාමියන් බුදු පිලිම කැඩූ කාලයේ එක්තරා තරුණ පිරිසක් රම්බොඩගල්ල බුදු පිලිමය සාදන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකල හාමුදුරුවන් හමුවට ගොස් ඇත. එයින් 1 තරුණයෙක් තලේබාන්වරු කලාක් මෙන්, ඉස්ලාමීය පල්ලි කැඩීමට යෝජනා කර ඇත.
● අප විසින් කල යුත්තේ පල්ලි කැඩීම නොව, නව බුද්ධ ප්‍රතිමා, නිර්මාණ කිරිම බව හාමුදුරුවන් විසින් තරුණ පිරිසට පැහැදිලි කරන ලදුව ඔවුන් විසින් බුද්ධ ප්‍රතිමාවක් සෑදිමට මූලික කටයුතු වන මුදල් එකතු කිරීම කර යම් මුදලක් ඒ ආකාරයට උන්වහන්සේට භාර දෙන ලදි.

● එම හාමුදුරුවන්ද එම කටයුත්ත ගැන උනන්දුව සිටියදි හනුමන් දේවාලක් සෑදු “ඊශ්වරන් බ්‍රදර්ස් “ නම් ව්‍යාපාරිකයන්ව දැනගෙන ඔවුන්ගේ උදව් ඇතිව දකුණු ඉන්දියාවේ ප්‍රතිමා නෙලන අය වෙතද ගොස් කාරණය පැහැදිලි කරන ලදි.
එයට කියන ලද මුදල ඉන්දියන් රුපියල් කෝටි ගණනක් වූ නිසා අසරණ වූ හාමුදුරුවන්ට, ඊශ්වරන් බ්‍රදර්ස් විසින් මෙම අයකිරීම බොහොම සාධාරණයි, මේ කටයුත්තට කැමති වෙන්න අපිත් උදව් කරන්නම් ලෙස පවසා ඇත.

- ඒ අනුව ඊශ්වරන් බ්‍රදර්ස්, දකුණු ඉන්දියානු ප්‍රතිමා නෙලන අය, එවකට ජිවත්ව සිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාද ( කතෝලික) සමග මහජනතාව විසින් ලබාදෙන ලද ආධාර අනුව මෙම ප්‍රතිමාව කල බව උන්වහන්සේ විසින් කැළණිය විශ්ව විද්‍යාලයෙන් එම ප්‍රතිමාව නැරඹීමට ගිය ඉතිහාස අංශයේ ගෞරව උපාධි අපේක්ෂකයන් ඇතුළු පිරිසට දැනුම් දෙන ලදි.
ගල්කන්දේ ධම්මරතන හාමුදුරුවන් විසින් පසුව අසන ලද්දක් නම්, ඉස්ලාමීය ජනතාව මෙම කටයුත්තට දායකත්වයක් ලබාදුන්නාද යන්නය ? එය මුලදි නොකියවනු කරුණකි.

● එවිට පෙර කී හාමුදුරුවන් පවසා ඇත්තේ සුළුතර ජනතාවක් වන මුස්ලිම් අයගේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස ගත්විට සිංහල බෞද්ධයන්ට වඩා වැඩි බවය. ඔවුන් පන්සලට පැමිණි සෑමවිමට ප්‍රතිමාවට ආධාර කල බවද, එස්කැවේටර් යන්ත්‍ර අවශ්‍ය වේලාවෙදි එක් මුස්ලිම් මහතෙකු ස්ථාන ගණනාවකට වඩම්මාගෙන ගොස් ඒවාට උදව් කර ඇති අන්දමද විස්තර කර ඇත.

- ඒ අනුව එම ප්‍රතිමාව සියලු ජන කොටස් වල සහභාගිත්වයෙන් සිදුවී ඇත.

- නමුත්, අදටත් ඉතිහාසය ලියැවුනු අයගේ අවුලකටදෝ මන්දා වැඩියෙන් අහන්නට ලැබෙන්නෙ ජාතිවාදය සහ වර්ගවාදය තමන් උසස් යන්න පිලිබිඹු කෙරෙන කතා වැඩියෙන්ය. කෙසේ වුවද ඒවා සියල්ලම පාහේ දේශපාලන පසුබිමකින් සිදුවූ ඒවා වන අතර වත්මන් රජය නිසා එම තත්වයන් සමනය වනු ඇතැයි බලාපොරොත්තු වෙමු..

#lka

No comments:

Post a Comment