Tweets by @Tweetsbysuku myblog: පදනම් ආයතනෙයදි කල දේශනයෙන්

Facebook Fan Page

Thursday, December 26, 2019

පදනම් ආයතනෙයදි කල දේශනයෙන්


පහුගිය 17 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් රාජ්‍ය නිලධාරින්ට  තොරතුරු තාක්ෂණය සහ ඒ සම්බන්ධව කරන ලද දින කීපයක වැඩමුළුවෙදි, Google Maps සහ Google My Business ගැන ඔවුන් දැනුවත් කිරීමේ දේශනය මට පැවරුනා.
මුල ඉදලම ගුගල් මැප් එක භාවිත කරන විදිය, ගෙදර සහ තමන්ගේ හිතවත් සහ තමන්ට වැදගත් තැන් මැප් එකට ගන්න විදිය වගේම ගූගල් එකේ රිවිව් එකක් දාන විදියත්, ඒ අනුව රටට කරන සේවය ගැනත් ලංකාවේ ඉන්න Google Local Guides සමාජය ගැනත් දැනුවත් කරා.
     

මෙතනදි තරමක ගැටළුවක් උනේ එක් එක් නිලධාරියා සතුව තිබුනු මොබයිල් ෆෝන් වල තියෙන ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් වල තිබුනු වෙනස්කම්. ඒ අනුව තරමක වෙලාවක් ඒව පැහැදිලි කරන්න ගියත් සාර්ථකව කටයුත්ත කරන්න හැකි උනා කියල හිතනවා. තවත් සමාජ මාධ්‍ය භාවිතයට අදාලවත් එයාලට පැහැදිලි කරන්න හැකියාව ලැබුනා. ඒවගේම Google My Business කටයුත්ත කරන හැටිත් කියල දුන්න, එතන හිටිය එක් නිලධාරියෙක්ට තමන් කරන ඉංග්‍රිසි උපකාරක පන්තිය ගුගල් මයි බිස්නස් වල ඇතුලත් කරල දෙන්නත් විනාඩි ගානකින් හැකිවීම ගැන ඇත්තටම සතුටක් දැනුනා.
ඔවුන් බොහෝමයක් නිපුණතා සංවර්ධන නිලධාරින් ( Skill Development Officers) නිසා විය යුතුයි ඔවුන් බොහොම සුහදශීලියි. මම ඒක ඇහුවාම තමයි කිව්වෙ එයාල පාසල් දරුවන් ඉදන් හැමෝම නිතර මුණගැහෙන බව. එනිසා ඒ අත්දැකීම ගැන සතුටුයි.
මට මේ අවස්ථාව ලබා දෙන්න මූලික උනේ පදනම් ආයතනයේ පර්යේෂණ අංශයේ සිටින ඉංජිනේරුවරියක වන නිරංජලා දිල්හානි..



No comments:

Post a Comment