Tuesday, April 2, 2019
Sunday, March 24, 2019
පෙම...
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට...
ආවේ ඇයිද විරහී සිත අද්දරට ...
විශ්මිත ගමට අදහන්නට බෑ තවම..
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින...
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින ...
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් ...
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් ...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් ...
තව කුමකටද දුක් ගී කල්පනාවන් ///
#RohanShanthaBulegoda #එක්පෙතිමලක් #ekpethimalak #slmusic
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට...
ආවේ ඇයිද විරහී සිත අද්දරට ...
විශ්මිත ගමට අදහන්නට බෑ තවම..
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින...
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින ...
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් ...
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් ...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් ...
තව කුමකටද දුක් ගී කල්පනාවන් ///
Tuesday, March 19, 2019
“ යාපනයේ මගේ අත්දැකීම් “ - පූජ්‍ය දෙල්ගල්ලේ පදුමසිරි හිමි.
( වසර 33කට පෙර) ( 1985 පළමු මුද්‍රණය )
කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්,
පසුගිය දිනවල මුලතිව් බුදු පිලිමයක් සහ පන්සලක සිද්ධියක් අපි ඇසුවෙමු.
ඒ හාමුදුරුවන් ඒ කාලයේ ඒවාට මුහුණදුන් අයුරු.
පන්සල ආරම්භ කල මුල් කාලයේ සිදුවීමක්,
* මුලදී අපිට කොල්ලො හූ කීවා. “මොට්ටයෝ“ කිව්වා. දෙමලෙන් මොට්ටයෝ කියන්නෙ තට්ටයන්ට.
පන්සල කිට්ටුව හමුදා කඳවුරක් තියෙනවා. හමුදා උදවිය ලෑස්ති උනා, මොට්ටයෝ කියන මේ තරුණයන් ගඩොල් වලින් මර්දනය කරන්න. මම කිව්වා එහෙම කරන්න එපා මම මේක නතර කරන්නම් කියල.
● මම කොහොමද කලේ ?
කුණුහරුප කියාගෙන, මොට්ටයෝ කියාගෙන කොල්ලො යනකොට මම මොකද කලේ ?
මම කටපුරාම හිනා උනා..
දවස් 2යි එහෙම කලේ. ඊටපස්සෙ කවදාවත් හූ කිවේවත්, අර විදියට බැන්නෙවත් නෑ...
- ඊලග සිද්ධිය
ඒ පැත්තක නගරාධිපති කෙනෙක් කල බලපෑම.
● මුලදී අපට නගරාධිපති කෙනෙක් නොයෙක් බලපෑම් කලා. පෝයට ලයිට් කපනවා. බොන්න වතුර ටික ගන්න දෙන්නෙ නෑ. තරුණයින් ලවා අර විදියට කලා. නොයෙක් ප්‍රශ්න අවි ආයුධ බලෙන්වත්, මිල මුදලින්වත්, වෙනත් ක්‍රමයකින්වත් හැප්පෙන්න බෑ ඔවුන් එක්ක.
අපේ බුදු හාමුදුරුවෝ උගන්වපු කරුණාවෙන් දයාවෙන් විතරයි හැප්පෙන්න පුලුවන්. මම කල්පනා කලා මේකට විසදුම.
අපිටත් පින් සිද්ධ වෙනවා. තෙලිප්පලේ, මහ ඉස්පිරිතාලයට වෙසක් පෝයදාක දානයක් සූදානම් කලා. හමුදාවත්, සිංහල පිරිසත් එක්ක.
● දානයක් දීලා මගේ ඇඟේ ලේ දන් දීලා ඒ පුද්ගලයාට ලියුමක් ලියල යැව්වා.
- අපේ ආගමේ හැටියට, නිරෝගීකම ලැබෙන්න හේතුවක් මේක. තමුසෙට කොච්චර සල්ලි තිබුනත්, මේ වගේ වැඩක් කලේ නෑ. තමුසෙගෙ නෑදෑයින්ට, අසල්වාසීන්ට මට මෙහෙම වැඩක් කලා. ඒකෙන් තමුසෙටත් නිරෝගීකම ලැබෙවායි ප්‍රාර්ථනා කලා - ඒකෙන් නගරාධිපතිගේ හිත වෙනස් උනා...
● අපට ශක්ති පමණින් කල උදව් තුලින් අසරණ අහිංසක ද්‍රවිඩ ජනතාව අප ගැන පැහැදීමක් ඇති කරගත්තා. විශේෂයෙන් පෝය දවස් වල බෞද්ධයින් එකතුව, මහ රෝහලේ රෝගීන්ට දන් දීම, අවශ්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කලා. ඒවගේ දේවලට යුද හමුදාවෙත් සහය ලැබුනා.
මට දවසක් කල්පනා උනා, 56ට ඉස්සර යාපනේ ඉස්සර අපේ හාමුදුවරු ඉගෙනගත් බව. ස්කවන්ධරෝදය කොලිජියේ දෙමල, ඉංග්‍රිසි ඉගෙන ගෙන තියෙනවා හාමුදුරුවරු බොහෝදෙනෙක්. බලෙන් නෙමෙයි කැමැත්තෙන්ම. දෙමල අය සිංහල ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාල වල මේ අධ්‍යාපන ක්‍රමය සුළුවෙන් හෝ පටන් ගත යුතුයි හිතුවා. පොඩි ළමයින් අතර දෙමල සහ සිංහල ගෑණු ළමයින් 2ක් අනුරාධපුරේ සර්වෝදය මධ්‍යස්ථානයට යවලා පුහුණු කරලා පෙර පාසලක් ආරම්භ කලා. දෙමල ළමයින් හා සිංහල ළමයින් දෙගොල්ලන්ටම, පෙර පාසල ආරම්භ කරපු වෙලාවේ සියලු ආගම් වලට අයත් දෙමල, සිංහල පූජකතුමන්ලා ඇතුළු බොහෝ අයත් හිටියා.
● කන්කසන්තුරේ සුළු නගරාධිපති ජයබාලසිංහම් මහත්තයා වැදගත් කතාවක් කලා,
කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඇති කිරීම බෞද්ධයන්ගේ පමණක් නොව, මෙහි වෙසෙන ද්‍රවිඩ ජනතාවගේද වාසනාවක් බවත් දෙල්ගල්ලේ පදුමසිරි හිමියන් ජාති ආගම් භේදයකින් තොරව කාටත් සේවය කරන බවත්, බෞද්ධයා කවුද ? සිංහලයා කවුද තේරුම් ගත්තේ මේ හිමියන්ගෙන් බවත් එතුමා ප්‍රකාශ කලා.
- එතුමා කොයිතරම පැහැදුනාද කිව්වොත්, පෙර පාසලට අවශ්‍ය රුපියල් දහස් ගණනක් දේවල් පමණක් නොව, විහාර මන්දිරයට අවශ්‍ය උළු - සිවිලිම් තහඩු ආදියත් පරිත්‍යාග කලා.
පන්සල ආරම්භ කරන්නට යනවිට ඊට විරුද්ධව කටයුතු කල නගරාධිපති කෙනෙක් ගැන මම කිව්වා ?
ඒ නගරාධිපති තමයි මේ අන්දමට පන්සලේ හොදම දායකයා බවට පත් උනේ !!!
● ද්‍රවිඩ මහතෙක් හාමුදුරුවන්ට ගරු කල ආකාරය.
පන්සල ලගින් යනවා ග්‍රාමසේවක මහත්තයෙක්. පන්සල ලගදි හැමදාම පන්සල බයිසිකලෙන් ලගින් බැහැලා, පාස් උනාම නැගල යනවා. මම දවසක් ඇහුවා ඇයි හැමදාම බැහැල යන්නෙ ?
“ අපි බෞද්ධයෝ නෙමෙයි. නමුත් අපි හාමුදුරුවරු ආශ්‍රය කරල තියෙනවා. කඩුගන්නාවේ රාජකාරි කරල තියෙනවා. අපි දන්නවා ගරු කරන්න“.
මම මේ පුද්ගලයා පන්සලට එක්කගෙන ගිහිල්ලා අපේ ගමෙන්, කිරි දොදොල් එහෙම ලැබිලා තිබුනා. ඒව දීලා කතාබස් කලා.
- අන්තිමට ඔහු නිතර නිතර පන්සලට එනවා විතරක් නෙමෙයි. ගෙදර ගහේ ඉස්සරෝම හැදෙන කොස් ගෙඩිය ඉදවලා පන්සලට ගේනවා. මමත් යම් යම් උපකාර කලා.
මෙයා බොනවා. මෙයාගේ නෝනා කිව්වා මෙයා බොනව හරියට. මේක නවත්තන්න පුලුවන් හාමුදුරුවන්ට. මම කිව්වා නවත්තන්න. නැවැත්තුවා.
- ඊටපස්සෙ වෙව්ලන එක පටන් ගත්තා. මාස කීපෙකින් ලෙඩ උනා. වෛද්‍යවරු බොන්න කිව්වා. කොහොම හරි බිව්වා වැඩි උනා. මැරෙන මොහොතට පත් උනා. මම ගියා බලන්න.
- මාත් එක්ක තිබුනු සම්බන්ධය ඒ විදියටම මගේ දරුවන් එක්ක පවත්වන්න කියල ඉල්ලීමක් කලා.
● මළ ගෙදර මම ගියා. අවමගුලකට පලවෙනි වතාවටයි, මංකොල්ලායි කියන ඒ ගමට භික්ෂුන්වහන්සේ කෙනෙක් විදියට වැඩියේ මමයි.
● දෙමළ මිනිසුන්ට ඇති ප්‍රශ්නය ගැන උදාහරණයක් !
දවසක් දෙමල ළමයෙක් ඔහුට සිංහලෙන් ලියා තිබූ ලිපියක් තේරුම් කරගන්නා කෙනෙක් දවස් 2-3ක් හොයලා බැරිම තැන මාව හොයාගෙන ආවා. රෑ 8ට පමණ ඇති. රැකියාවක් සදහා සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපියක්. ඒක පහුවදා උදේ 8.30ට කොළඹදී. මේක දැනගත්ත දෙමල තරුණයා විලාප දෙන්න ගත්තා. අවසාන කෝච්චිය ඒ දවස් වල තිබුනේ සවස 6.30ට. ඒක පිටත් වෙලා ගොහින් පැයකටත් වැඩියි. දහස් ගණනක් දීලා වාහනයක් අරගෙන කොළඹ යන්න වත්කමක් මේ අයට නෑ. ඉගෙන ගෙන රැකියාවක් කරලා දුප්පත්කමින් ගොඩ ඇවිත් දෙමාපියන්ට - සහෝදර සහෝදරියන්ට සැලකීම යනාදි සියලු අනාගත බලාපොරොත්තු සුන් උනා. “ භාෂාව පිලිබද ප්‍රශ්නය නිසා “
( ඒ ලියුම අනිත් පැත්තේ දෙමලෙනුත් ටයිප් කර එවා තිබුනා නම් මොකක්ද ඒකෙ වරද ? ?
- ● - උතුරේ අධ්‍යාපනය ආභරණයක් නොව ආයෝජනයකි. දකුණෙ අධ්‍යාපනය අතහැරැනද කරන්න දෙයක් තිබිය හැකිය. උතුරේ එසේ නොවේ. අධ්‍යාපනය ගිලිහුනොත් ඔවුන් විශාල ආගාධයකට වැටේ. කෘෂිකර්මාන්තය වුවද කල යුත්තේ ඉතා දුක් විඳ මහන්සි වී ජලය ලබාගෙන කල යුතුය. ඒ නිසා ඔවුන් අධ්‍යාපනයට වියදම් කරන්නේ ආයෝජන මානසිකත්වයෙනි. එනම් එය කෙසේ හෝ නැවත ලැබිය යුතුය යන සිතිවිල්ලෙනි.
- එනිසා ඔවුන්ට ජාතිකත්වය මත උසස් අධ්‍යාපන වරම් නොලැබී යාම ඔවුන්ව දැඩි ජාතිවාදී මානසිකත්වයකට ඇද දමයි !
පුණ්‍යානුමෝදනීය ස්තූතිය Yatalamate Kusalananda හිමියන්ට
Saturday, March 2, 2019
නිවනට මග සදන ස්ථූප - පූජ්‍ය කකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ
“ බුදුන්වහන්සේ කාගෙවත් වන්දනාවක් අල්ප මාත්‍රයකින්වත් බලාපොරොත්තු උනේ නෑ. නමුත් මනුෂ්‍යයන් ප්‍රතිපත්තියකට යොමු කිරීමේ මගක් වශයෙන් බුදු ගුණ සිහිකර වැඳුම් පිදුම් කරන්න අනුදැන වදාලා.
අකුසලයෙන් බැහැර වෙලා, කුසල් දියුණු කිරීමේ වැඩපිළිවෙල = ප්‍රතිපත්තිය
- නුවණ තියෙන අයට පිලියමක් නැතත් බුදු ගුණ සිහි කරන්න පුලුවන්. ජීවමානව නොහිටියත්.
නමුත් හැමෝගෙම නුවණ එක පමණට වැඩිලා නෑ. මිනිස් සිතේ දුබල තැන් අදුනන නිසා, බුදුන්වහන්සේ මිනිසුන්ව ප්‍රතිපත්ති මාර්ගයට යොමුවන වැඩ පිලිවෙලක් දේශනා කලා. තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් බුදුහිමියන්ගෙ ගුණ සිහි කරන්න, හිතන්න, කල්පනා කරන්න, වදින්න, පුදන්න දේශනා කලේ ඒ නිසයි. වදිනවා පුදනවා ගරු කරනවා කියන මේ වචන ඔක්කෝම කියන්නේ, “ ගුණයක් පිලිබදව මනසින් ඇගයීම“. හරියාකරාව මනසින් අගයන්නට පුලුවන් නම් තමන් තුලත් ටිකෙන් ටික එබදු ගුණ වැඩෙනවා. ඒකයි හැබෑ වන්දනාව !!!
● බුදු පිළිමයක් ඉදිරියට ගිහින් බොහේ වේලාවක් වැන්දා කියල නමස්කාර වෙන්නේ නෑ !
බුදු හිමියන්ට නමස්කාර වේවා කියල 100 - 1000 වර කිව්වත්, එය වචන ටිකක් පමණක් වෙනවා, මනසින් ගුණ සිහි කරගෙන සැබෑ ගරුත්වයක් ඇති නොවෙනවා නම්. කායික ඉරියව්වකින් හෝ වචනයෙන් යමක් ප්‍රකාශ නොකලත්, මනසින් ගුණය සිහි කරද්දි, ගුණයට නැමුණු, ගුණය වෙත ගරු කරන ස්වභාවයක් යම් සන්තානයක් තුල පහල වෙනවා නම්, ඒකට කියනවා නමස්කාර/ වන්දනා කිරීමයි කියල.
● මල් - පහන් - සුවද දුම් -පැන් පූජා කරන්නේ ඒ ගුණයට අපේ මනස නැඹුරු කරගන්නයි. කාලයක් තිස්සේ ගුණයට ගරු කරන කොට, අපේ මනස තුලත් ඒ ගුණවත් භාවය ඇති වෙන්න එය හේතු වෙනව.
● පෘතග්ජන ස්වභාවය තමයි අනුන්ගේ දෝෂ දැකීම - 1000ක් හොද අය අතර 1 නරක කෙනෙක් හිටියොත් පෙළඹෙන්නෙ දකින්නේ ඒකයි. ඒක හිතුවාම මනස තුල ද්වේෂය හටගන්නවා. කෝපය හටගන්නවා... කෙලෙසන්නේ කවුද ? අපේ හිතයි.
අපි ගුණවතෙකුගේ ගුණ සිතන්ට, අගයන්ට පුරුදු උනාම ඒ ගුණ අප තුලත් මනසේ වැඩෙනවා..
● ප්‍රතිපත්තියට යන්න, අකුසලය මැඩ පවත්වා කුසලය වඩන්න ඕන. ගුණය වඩන්න නම්, මුලින් ගුණය අගය කරන්න ඕන. අගය කරන්න නම්, ගුණයට ගරු කරන්න ඕන. නමස්කාර කරන්න ඕන. ප්‍රඥාවෙන් නොවැඩුනු අයට ඒ සදහා යම් ආමිස පිලිවෙතක් අනුගමනය කිරීම පහසුවක් වෙනවා. ඒනිසයි බුදු හිමි දෙසූවේ පිරිණිවනින් පසුව ගුණ සිහි කරලා ධාතු චෛත්‍ය පුදන්ට කියල.
Friday, February 1, 2019
පන්සල් ආවම,
පන්සලට ආවම සමහර අයට ආයෙ යන්න තියෙන කලබලය තමයි තියෙන්නෙ.., නමුත් පන්සල් ආවම කලබල නොවී සතුටින් හරි සිහියෙන් කල යුතු දේ කරන්න ඕන..
බෝමළුව අමදින එක, මලසුන් පිරිසිදු කරන එක, මල්-පහන්-පැන්-හදුන්කූරැ තියල වදින එක වටිනව..
ඒවගේම බෝධින්වහන්සේට පැන් වත් කරන එකත් බොහොම වටිනව..
-හැබැයි වැස්ස දවසට බෝධියට පැන් වත් කරන එක කල යුතුද කියල ටිකක් හිතන්න ඕන. කැළණියෙදි දකිනව වැස්ස දවසටත් සෙනග බෝධියට පැන් වත් කරන්න පෝලිමේ - බුදු හාමුදුරැවන්ට උනත් වැඩියෙන් දානය පිලිගැන්නුව කියල හිතමු, උන්වහන්සේට වළදන්න පුලුවන්ද ?..
- තව සමහරැ බයයි තමන්ගෙ පින් අඩු වේවි කියල, පින අඩු වෙන දෙයක් නෙමෙයි.. වැඩි වෙන දෙයක්.. එකතු වෙලා පින් කලාම තමයි යාලුවො, හිතවතුන් වැඩිය ලැබෙන්නෙ...
- අනිත් අය තියපු පහන් වලට තෙල් වත් කරන එක, මල් වලට පැන් ඉසින එක බොහොම හොදයි...
* තව පුලුවන් නම් විනාඩි 5ක්, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතයි හරි මෛත්‍රී භාවනාව, ආනාපානසතිය වඩන්න... බොහොම හොදයි..
- අවසානයේ මේ සියලු පින් කුසල් සියලු දෙවියන්ට, සියලු ඥාතීන්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කිරීමත් ඉතාම වැදගත් දෙයක්.. හ්ම්...
#පින #කුසලය #karma

Tuesday, January 29, 2019
එදා අද හැමදාම
ජිවිතයේ තියෙන දුක් එක්ක හිතුවාම, ප්‍රිය විප්ප යෝගය සරල නැහැ. හරි වේදනාත්මක, සමහරවිට ලැජ්ජ හිතෙන්නත් වෙන දෙයක්.. මොකද ලෝකෙ මිනිස්සු මනින විදිය අනුව.. දකින දේ අනුව ඒකට තියෙන ප්‍රසිද්ධිය නැත්නම් ෂෝ එකට අනුවයි මිනිස්සු තීරණ ගන්නේ.. එයාල හොදින්ද නරකින්ද කියල පවා..
ඒකියන්නෙ මිනිස්සු හිතන පතන විදියට කරන්න බැහැ..
මොන බැරිකම තිබ්බත්, මොන අඩුපාඩුව තිබ්බත්, පෙම්වතෙක්ට පෙම්වතීව පුදුම විදියට වටිනවා....
ඒක ගොඩක් වෙලාවට ලෝකෙ හැටි.. හැබැයි ඉතින් ඔය කිව්වට දැන් ඉන්න පොඩි ළමයි බහුතරයකගේ අදහස නම්, එකපාරට 1-2-3කට ලෑස්ති වෙලා ඉන්න එක කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් එහෙමයි.. වැඩියෙන් එහෙම ගෑණු ළමයි එකත් කාලයේ විපරීත වීමේ හේතුවක්ද මංදා.
කොහොම උනත් මම කැමති නෑ ඉස්සර හොදයි දැන් හොද නෑ කියන කාරණාවට..
සංසාරගත ප්‍රේම 2ක් මේ ජිවිතේ මුණගැහුනු කෙනෙක් විදියට, ඒ දෙන්න ගැන හිතුවත් 2 විදියක දෙන්නෙක්..
හැබැයි එක දෙයක් සංසාරගත ප්‍රේම කතා ටිකක් ලේසියි. ඒකට හේතුව දෙන්න දෙන්නව කලින් ඉදන් දැනගෙන ඉන්න එක. ඒකෙ පොඩි හොදක් තියෙනවා. හැබැයි ඉතින් අකුසල් තියෙද්දි නම්, හ්ම් ඒක ලේසි නෑ කරදර තව වැඩි වෙන්නත් පුලුවන්..
මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් විදියට, ආදරේ කරන්න හිතුවත් ඒක ලේසි නැහැ...
සියුමැලි දෑතින් ඔබ හිස අතගා.... ඔබ නිදි කරවා... මම යන්නම්...
ටයිප් කරගෙන ආවට මුල ටිකක් අමතකයි ඒපාර.. එනිසා මෙතනින් නවතින්න වෙනව..
Monday, January 28, 2019
Tiktok
ටික්ටොක් ගැන දන්නෙ නැති උනත්, තේරුමක් තාම නැති උනත් හිතෙන විදියට විඩියෝ හදාගෙන කරගෙන යනවා.. හසලක ගාමිණි විරු ස්මාරකය අභියස කල විඩියෝව..
https://m.tiktok.com/v/6650767645186460933.html
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...
පස් පිඩක් ගිලිහී නොයන්නට... රන් වැටක් ඇත සිව් කොණේ.....
ලොව්තුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ....
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ....
#රන්මලක් #ලංකාව #හමුදාව #හසලකගාමිණී #යුධවිරුවන්
#ranmalaklesa #lankawa #slarmy #hasalakagamini #warheroes #lka #sltiktok #ceylontiktok

Friday, January 18, 2019
I'm a spiritual person - not a religious one !
මම අධ්‍යාත්මික කෙනෙක්මි - ආගමික කෙනෙක් නොවෙමි..
බුදු දහම ආගමක් නෙමෙයි ජීවන දර්ශනයක්...
අද බෞද්ධාගම කියල තියෙන්නෙත් සංස්කෘතික අංග එකතු කරගෙන කරන ආගමානුකූල දෙයක්. සංස්කෘතික අංග වැදගත් ඒව වැරදි කියන්න බැහැ. නමුත් ඒක බුදු දහමේ මූලික දේවල් අතර නැහැ.
- සියල්ල කැපකරලා අපිව දුකෙන් මුදවන්න සිදුහත් බෝධිසත්වයෝ වනගත උනා.. හැමදේම අතෑරියා..
- අපි දන්ත ධාතුන්වහන්සේ නමක් දළදා මාලිගාවෙ වඩා හිදුවලා, රජ කෙනෙක්ට වගේ සලකනවා. ප්‍රශංස්ති පවා තියෙනවා.. ඒව අයිති බුදු දහමට නෙමෙයි - බෞද්ධාගමට - සංස්කෘතික අංග ලක්ෂණ එක්ක. පෙරහැරේ අලි - ඇතුන් යන එකත් සංස්කෘතික දෙයක්..
- සමහර අය අද හැමදේටම වඳින්න ගාථා හොයනවා. අර දෙවියන්ට මොන ගාථාවද ? මේ දෙවියන්ට පින් දෙන්න මොන ගාථාවද ?
● අධිෂ්ඨානයෙන් හිතුව නම් ඇති. සියලු බ්‍රහ්මයන්ට, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට මේ පින් ලැබේවා කියල... ගාථා කියමින් කාලය යවන්න උවමනා නැහැ. ලැබෙන්න - ගන්න ඉන්න හැමෝටම පින ලැබේවි !
-සමහර අය කිසිම ආගමක්වත් කිසිදෙයක් විශ්වාස කරන්නෙ නැ. තමන්ට ඕන විදියට ඉන්නවා. ඒකෙ වරදක් නෑ. අනිත් අයට වරදක් කරදරයක් නොකර ඉන්නව නම් එච්චරයි.. එහෙම අයගෙ පින බලවත්.. ඉතින් පින බලවත් එක හොද උනත්, මොන පින උනත්, පව වගේම ගෙවිලා ඉවර වෙන බව හිතේ තියෙන්න ඕන.. පින කරලා ඒක විදර්ශනාවෙන් හිතලා නිවන්ගාමි වෙන්න වැඩ හිතන්න ඕන..
● ප්‍රේත වත්ථු- විමාන වත්ථු ටිකක් කියෙව්ව නම්, එහෙම නැත්නම් මේ ජිවිතේ අපිට පේන දකින දේවල් ගැන හිතුව නම් සංසාරෙ තත්වය තේරුම් ගන්න ටිකක්වත් තිබ්බා..
- සමහර අය ගොඩක් පින් කරනවා, කරලා සීලය බිඳගෙන පොඩි පවක් කරගන්නවා.. මහ දානයක් දීලා, සමහර අයට මත්වතුර බොන්න දුන්න වගේ.. ඒ පින වටිනවා තමයි, හැබැයි සීලය දුර්වල කරගත්තාම සැපට ඉන්න ලැබෙන පෝසත් තැනක බල්ලෙක් වෙන්න බැරි නෑ කියල තේරෙනව නම්... හ්ම්...
#ආගම #බුදුදහම #බෞද්ධාගම #ජිවිතය #දර්ශනය #religion #religious
#spiritual

Sunday, January 6, 2019
“ හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ...
මම විඳිම් සෙනේ මහමෙරක් වගේ...
ඔබ යමින් නතර වුව ගුවන්තලේ...
මම සෙමින් සෙමින් එමි.... නිසසංසලේ....“
ඝරසරප එකේ වගේ ලේසියෙන් අපිට ලං වෙන එක එක ආකාරයේ යක්ෂ/අසුර, ප්‍රේත, භූත වගේ බලවේග අයින් වෙනව නම්.. හ්ම් ඒනම් හරි ලේසි වේවි..
ඒව හැම එකම කර්ම ශක්තිය මත බලපාන ඒව... අපි වෙන ආත්මයකදී වරදක් කරපු ආත්මයක් ඉන්නව නම්, ඒ ආත්ම භවය අපි දිහා බලාගෙන ඉන්නවා, සමහරවිට අපි අකුසලයේ විපාක බොහෝම විඳල තිබුනත්..
මීට සම්බන්ධ ජිවිත අත්දැකීම් තියෙන නිසා, කර්ම විපාක - ඒවයේ බලපෑම සහ ඒ බැල්ම කියන කාරණා සරලව ඔහොම විසදෙන්නේ නැත. ඍධිමතුන් අතර අග්‍ර වෙච්ච මුගලන් මහරහතන් වහන්සේට පමණක් නෙමෙයි බුදුන්වහන්සේට පවා අකුසල විපාක, ලැබුනා...
- මෑතක ජිවිතේ දැනගත්ත සංසාරගත ප්‍රේමය ආදරිය ගැන හිතුවත්, හ්ම් මට හැමදේම හිතෙන විදියට වෙනස් කරන්න බැහැ.. ඒක කර්ම ශක්තින් වල දේවල්...
“ භව සසර අතරමග සිටියෙම්...
ඔබ ලබන උරුම හැම සතුවෙම්..
රළු සරින් පැමිණියද... ඔබම වේ මට සැනසුම්....
මට සැනසුම්... “
#princess #mylove
Saturday, December 8, 2018
The Child Bride - Cathy Glass
( කදුළු මලක් - කත්‍යානා අමරසිංහ )
සමාජ සේවා වලදීද, උපදේශන කටුයුතු වලදීද, මීට ආසන්න කතා සහ සිදුවීම් අත්දැකීමෙන් දන්නවා වුවද මෙයද සිත රිදවෙන කතාවකි. එවන් අත්දැකීම් මෙහි පල නොකලේ social media යනු, personal media නොවන නිසාය..
පොත් කියවීම අරුත්සුන් දෙයක් විදියට සමහරු කිව්වත්, මෙහෙම පොත් වලින් ලැබෙන අත්දැකීම මෙහෙම සිද්ධීන් වලදී තීරණ ගැනීමේදී ඉතා වැදගත් වන බව අත්දැකීමෙන් දනිමි.
● රට වල පවතින නීතිය සහ නීතියට අදාල නිලධාරීන් ගැන දැනගෙන මෙන්ම අවධානමත්ව සිටීමද අනිවාර්ය කටයුත්තකි. ලංකා නීතිය අනුව 345 දණ්ඩන නීති සංග්‍රහය අනුව ඇස් ගැසීම පවා ලිංගික අඩන්තේට්ටම්(sexual harassment) යටතේ නඩු පැවරිය හැකි දෙයකි. එසේම 18ට අඩු දරැවන් රැකීමටද දැඩි නීති පවති. කෙසේ වුවද ලිංගික අපචාර, දූෂණ උසාවියේ ඔප්පු කිරීම අපහසුය - එංගලන්තය වැනි රටක නීති තද මෙන්ම වින්දිතයින්ට සාධාරණය කරන්නට සැදී පැහැදී සිටී.
● ලංකාවෙ තත්වය තරමක් වෙනස්ය. Big shot නීතීඥ මහතුන් බොහෝවිට අපචාරකයන්ට කතා කරන නිසා ලේසි නැත. වතාවක් එක්තරා මහාධිකරණයකදී මානසික ආබාධ සහිත දරැවෙකුට සිදු වූ අපචාරයකට නිසි සාක්ෂි ගත නොහැකිව සාමාන්‍ය දඩයකින් අවසන් කෙරින.
තවත් වතාවක, ආබාධිත දැරිය සංඥා භාෂාවෙන් සිද්ධිය විස්තර කල අතර, සංඥා භාෂාව උසාවියෙදි පිලිගන්නට නොහැකි විය.
එවන් සිද්ධි කීපයක් අත්විඳ ඇත.
● එංගලන්තය වැනි රටක පුරවැසිභාවය හිමි දරැවෙකුට මෙසේ වුවද ලංකාවෙ එම තත්වය අවම බව කිව හැක.. එය තරමක සැනසීමට කරැණකි. නොදන්නා කතාද අළුයට තිබෙන බව දනිමි..
යුරෝපය පුරා දැඩිව කතා කෙරෙන ආගමික උන්මත්තිකාමය සහිතව රටවල් ඉස්ලාමීකරණය කරන තත්වයන් ගැනද මෙවන් සිදුවීම් නිසා සිතන්නට කාලය එළඹ ඇත...
- ළමයි මල් වැනිය.. මල්.. මල් විදියට පිපෙන්නට ඉඩ ලැබිය යුතුය. එය සමස්ත ලෝකයේම වගකීමකි - යුතුකමකි. ඉන් පිට කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය....
- #kathyglass #thechildbride

Wednesday, December 5, 2018
ඔව් මම සිංහල බෞද්ධ, එතකොට තව කෙනෙක් දෙමල, මුස්ලිම් - බර්ගර් ඕන එකක් 🤔
මම සිංහල බෞද්ධ උනා කියල අමුතුවෙන් විශේෂ දෙයක් මට තියෙන්න ඕනද ?
ජන වර්ගය ආගම මත විශේෂත්වයක් අවශ්‍ය නැත. සිංහලයන්ගේ ගතිගුණ හරියට බලන්නට ඉතිහාසය කියවන්නට ඕනෑය. “ සිංහලේ “ කියල පර ලේ වල වැඩ කරාට හරියන්නේ නැත.
● අපි මහ ජාතිය නම් එහි ගරුත්වය රැකගන්නට උවමනාය. මක්නිසාද යත් ලෝකයේ ඉදිරියට ගිය හැම රටක්ම පාහේ මගේ රට සංකල්පය මත ඉදිරියට ගිය ඒවා නිසාය. ජන වර්ගය හෝ ආගම මත ගිය ඒවා නොවේය. ජාතිවාදය හෝ ආගම් වාදය ඉතා සුළු පිරිසකට යැපිය හැකි, අමන දේශපාලකයන්ගේ දේශපාලනික උවමනාවන් මත කෙරෙන දේවල්ය.
- රටක මූලික විය යුත්තේ නීතියයි. එයට සියලු ආගම් යටත් විය යුතුය. එසේ නොවන තැන් ඇති අතර ඒවා විසදිය යුතුය.
- ඔබ මුස්ලිම් හෝ දෙමල නම් පිටරටකට ගිය අවස්ථාවක ඔබට සලකන්නේ අදහන ආගම අනුවද, ගමන් බලපත්‍රය අයිති රට අනුවද ???
අපේ රටේ ගමන් බලපත්‍රය බොහෝම නොසැලකිල්ලට භාජනය වෙනවා නේද ?
- මුස්ලිම් රටකදී, ඉස්ලාම් ධර්මය ඇදහුවා කියා විශේෂයක් වෙනවාද ? නැත්නම් රට අනුව සලකනවාද ?
මැද පෙරදිග මුස්ලිම් අය, ලංකාවෙ මුස්ලිම් අයව නියම මුස්ලිම් හෝ ඉස්ලාම ධර්මය අදහන අය ලෙස සලකන්නේද නැත...
- දෙමල අයට, හින්දු වූ නිසා හෝ කතෝලික කියා වෙනම සැලකිලි ලැබේද ? ලැබෙන්නේද රටට අනුව නොවේද ?
ඉන්දියන් දෙමල අය ආඩම්බරයෙන් “ I am an Indian Citizen “ කියද්දි අපේ අයටත් මම හින්දු හෝ දෙමල කිව්වාට වාසියක් ලැබේද ?
* කුමන ජනවර්ගයක් හෝ ලංකාවේ වැඩිම ජනගහණය වූවා කියා එයින් සමස්ත ජනතාවට වාසියක් වෙයිද ? උදාහරණයක මුස්ලිම් ජනතාව ලංකාවේ වැඩි වූවා කියා සිතමු, එයින් දුප්පත් මුස්ලිම් අයට වෙන විශේෂ වාසිය මොකක්ද ? අන්තවාදයට උදව් කරන මුස්ලිම් දේශපාලකයන්ට නම් රාජ්‍ය බලය ගන්නට හොද ක්‍රමයක් එච්චරයි නේද ?
- වැඩි වැඩියෙන් දරුවන් හදන්නේ අධ්‍යාපන මට්ටම අඩු ජනතාව බව ලෝකයේම සොයාගෙන ඇති බව දන්නවාද ? උගත් ධනවත් මුස්ලිම් අයට පවා සිටින්නේ දරුවන් කීපදෙනෙකි. එය දමිල අයටද, සිංහල අයටද කියා වෙනසක් නැත.
- ජනගහණය වැඩි වීමෙන් අදාල ජන වර්ගයට සිදුවන වෙනම හොදක් නැත... ඒක තේරුම් ගන්නට මොලයක් තිබිය යුතුය. ඒක නොතේරෙන්නට වැඩ කරන්නේ කපටි සමහර දේශපාලකයන්මය...
අපි මෝඩ උනාම එයාලට රජ සැප නිසාය !
ඒවා දකින්නට හැමෝම දවසක පාර්ලිමේන්තු එක්කන් යන්නට හිතෙනවාය...😂
#සිරිලංකාව #ලංකාව #ජනතාව #ජනවර්ග #සිංහල #දෙමල #මුස්ලිම් #srilanka #lka #lanka #slpeople #couplk #lk

Monday, December 3, 2018
We completed more than 750 Km & visited homes and schools and also restaurants, lakes and many more and returned within 24 hours to Colombo. Thing is, people in North area specially in Kilinochcchi and Vavuniya still not doing well.
I wish I could tell how I felt about famous political slogan " Tigers rising again" by some so called fake patriotic people, and it is so far a politically motivated quote, nothing else.
These people are having difficulties to find even basic needs. Buildings & Roads are not people. Making them won't make people's life.
Government has given lands to them, and that's it. Wild Elephants threat is a crisis here. They don't even have minimum facilities. Ashamed as a Sri Lankan. Also felt so sorry for myself. Politicians whatever the party they represent, still haven't done things to make this civil life a better one. Hope this will change soon !
කිලිනොච්චියෙදි අපිට සහය වූ බොහෝදෙනා සිටින අතර LOLC ආයතනයේ වව්නියාව දිසාවේ ප්‍රධාන නිලධාරි පාලිත ධර්මසූර්ය මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.
- 20 වනදා අළුයම හරියටම 12.00ට කොළඹින් පිටත් වූ අපි, 20 වනදා මධ්‍යම රාත්‍රි 11.45 වනවිට නැවත කොළඹ පැමිණ සිටියෙමු. පැය 24කට අඩු කාලයකදී කිලෝමීටර් 750කටත් වඩා වැඩිදුරක්ද, පාසල්, ආපන ශාලා මෙන්ම නිවාස සැලකිය යුතු ප්‍රමාණයකට යෑමටද, වැව් වලින් නෑමටද මෙන්ම රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, ථූපාරාමය, අභයගිරියද රන්මසු උයනද දැකීමටද හැකියාව ලැබුනි.
- “ කොටි නැගිටිනවා“ ප්‍රකාශය කරන ඊනියා දේශ හිතෛශීහු කිලිනොච්චිය සහ වව්නියා යන පැති වල මිනිසුන්ගේ ජිවිත නොදකින්නේ එය ඔවුන්ගේ අරමුණ වන දේශපාලන ප්‍රකාශනයේ නැති නිසා විය යුතුය. යුද්ධෙ කාලෙ ඇදන් යට සිටි එවන් කාඩ්බෝඩ් වීරයන් ගැන ඇතිවන්නේ කුමක්ද යන්න නොකියමි. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා මෙම පැති වල බොහෝමයක් අසරණ මිනිසුන් අපේ පැතිවල අසරණ මිනිසුන්ටද වඩා අසරණ බව දුටුවෙමි. කැබිතිගොල්ලෑව හා ඒ අවට ගම් වලටද පසුගිය කාල වල ගිය අතර, ඒ ගම් මේ ගම් වලට වඩා බොහෝ අංශ වලින් දියුණුය. මේ මිනිසුන්ට බොන්න වතුර ටික හරියට ලබාගන්නත් සෑහෙන කරදරය. යුද්ධෙට හුරු වූ නිසා දෝ මංදා මේ පැතිවල ඉන්න වල් අලි දරුණුය. අලි වෙඩි 100කටවත් යන්නේම නැත. ගෙවල් වලට ඇවිත් පැල - ගස් විනාශ කරන්නේ ඔවුන්ගේ බිම මේ මිනිසුන් සිටින නිසාද මංදාය. දැනට වල් බිහිව තිබුනත් බොහෝ පැති පෙර මනුෂ්‍ය වාසයන්ය. රජය ඉඩම් දුන්නද ඒවායේ ගෙවල් හදන්නට හෝ ආර්ථික මාර්ග වලට කිසිදු සහනයක් ලබාදී නැත. එනිසා බොහෝ මිනිසුන් යාන්තමට අටවාගත් නිවාස වල තවම වෙසෙති. එහෙව් රටක අපි...
- කොටි සංවිධානයට බැදී කටයුතු කල අය සමහරක්ද මුණගැසුනු අතර, එක් ගැහැණු ළමයෙක් යුද්ධයෙදි තුවාල ලබා, පසුව කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබන කාලයේ සිංහලද ඉගෙන, දියුණුවක්ද ලබා අද කිලිනොච්චියෙ තමන්ගෙ ගෙදරට වී සිටිනවාය. ඇය දක්ෂතා පරිපූර්ණ ගැහැණු ළමයෙකි.
ඇය අප සිංහල බව කී විට මට කියවුනේ අපි “ ශ්‍රී ලාංකික“ බවයි. ඇය ඒ ගැන සතුටු උනු බව දුටිමි. රටක යුද ගිනි දැල් සහ අමන දේශපාලකයන් නිසා අදටද පිටරටකදී අපිට පිලිගැන්මක් නැත. අපේ විදේශ ගමන් බලපත්‍රය ගණන් ගන්නේම නැත. හරිහමන් නිෂ්පාදනයක්වත් නැති රටක අපේ අයට අවශ්‍ය වන්නේ පිටරටවල් අපිට ඕන නැ කියා සිටින්නටය.
- යුද්ධය පැවති කාලයේ ප්‍රදේශයක් භාරව සිටි කිට්ටු නම් එල්ටීටීඊ නායකයා අද දරුවන්ද සමග හොද ජිවිතයක් ගත කරන්නේය. තම නිවස නංගිට සහ පවුලට ලබාදී කුඩා ඉඩක තමන් ජිවත් වන කෙනෙකි. යුද්ධය ගැන බොහෝ අදහස් දැක්වූ ඔහු, “සිංහලයන් කියන්නෙ දෙමල අයව මරණ කොටසක් බවටත්, හාමුදුරුවරු කියන්නේ සිවුර ඇතුලෙ පිහි තබාගෙන මරන්නට ලෑස්ති පිරිසක් බවත් “ කොටි සංවිධානය උගන්වා ඇති බව කීවේය. මෙයට සමාන අදහස් උතුරේදි බොහෝ අවස්ථාවල දැකගත හැකි වේ.
- අන්තිමට සන්නිවේදන දුර්වලතාවයන් සහ මුග්ධ දේශපාලකයන්ගේ අවස්ථාවාදි ක්‍රියා නිසා අවුරුදු 30ක් එකදිගටත් තවමත් අපි වන්දි ගෙවමු !
● මැදවච්චියෙදි සඳමාලි අවන්හල ඉතා විශේෂ සේවාවක් ලබාදෙන තැනකි. පූජ්‍ය පක්ෂය, ගර්භණී මාතාවන්, 70ට වැඩි අය සහ අසරණ අය වෙනුවෙන් නොමිලේ ආහාර ලබාදෙයි. ගොඩක් ආහාර වර්ග කාබනික ඒවා වන අතර රසයද, ගුණයද සහිතය. ඉතා ගරු කටයුතුව ලබාදෙන පාරිභෝගික සේවාවද අගය කරමි. අනිවාර්ය යන්න - https://goo.gl/CZVmyk
● කිලිනොච්චියේ හෙල බොජුන් අවන්හලේ නම, “අම්මච්චිය“. මෙහි එළවළු ආහාර පමණක් ලබාදුන්නද ආහාරයන් සැබවින්ම ඉතාම රසවත්ය. ඒවගේම මිලෙන් අඩුය. පලතුරු බීමද නැවුම්ය. අපි ආහාර ගනිමින් සිටියදී අපට ආහාර වල වටිනාකම සහ ඉතුරු නොකර කෑම ගැනද එතන අයගෙන් අදහස් ලැබුනි. පුදුම තරම් ඒවා ගැන හිතන මිනිසුන්ය. ඒ අයද ශ්‍රී ලාංකිකයෝය !
කිලිනොච්චි ගියොත් යන්න - https://goo.gl/pmn6cw
-
*** දෙමල නොදැනීම සන්නිවේදනයට බරපතල කරදරයක් සිදුකලද, මම පුලුවන් විදියට දෙමල කතා කරන්නට බැලුවේය. අපට උදව් කල පාලිත මහතා හොදින්ම දෙමල බස හැසිරවීමට දැන සිටීම වාසනාවකි. ඉදිරියෙදි සිංහල - දෙමල - ඉංග්‍රිසි 3ම අනිවාර්ය විෂයන් කලේ නම් රටටම හොදය.
#srilanka #northcentral #northprovince #kilinochchi #vavuniya #anuradapura #slpeople
Subscribe to:
Posts (Atom)