Tweets by @Tweetsbysuku myblog: එදා අද හැමදාම

Facebook Fan Page

Tuesday, January 29, 2019

එදා අද හැමදාම


එදත් අදත් කවදත් අපි ආදරය - ප්‍රේමය වගේ කාරණා වලට සෑහෙන්න මහන්සි වෙන්න ඇති. කැපවීම් කරන්න ඇති. ඒව නැති උනාම පුදුම තරම් දුක් වෙන්න ඇති. ඒ වෙනුවෙන් අඬපු තරම මතක් කරන්නත් බැරි තරම ඇති..
ජිවිතයේ තියෙන දුක් එක්ක හිතුවාම, ප්‍රිය විප්ප යෝගය සරල නැහැ. හරි වේදනාත්මක, සමහරවිට ලැජ්ජ හිතෙන්නත් වෙන දෙයක්.. මොකද ලෝකෙ මිනිස්සු මනින විදිය අනුව.. දකින දේ අනුව ඒකට තියෙන ප්‍රසිද්ධිය නැත්නම් ෂෝ එකට අනුවයි මිනිස්සු තීරණ ගන්නේ.. එයාල හොදින්ද නරකින්ද කියල පවා..
ඒකියන්නෙ මිනිස්සු හිතන පතන විදියට කරන්න බැහැ..

මොන බැරිකම තිබ්බත්, මොන අඩුපාඩුව තිබ්බත්, පෙම්වතෙක්ට පෙම්වතීව පුදුම විදියට වටිනවා....
ඒක ගොඩක් වෙලාවට ලෝකෙ හැටි.. හැබැයි ඉතින් ඔය කිව්වට දැන් ඉන්න පොඩි ළමයි බහුතරයකගේ අදහස නම්, එකපාරට 1-2-3කට ලෑස්ති වෙලා ඉන්න එක කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් එහෙමයි.. වැඩියෙන් එහෙම ගෑණු ළමයි එකත් කාලයේ විපරීත වීමේ හේතුවක්ද මංදා.
කොහොම උනත් මම කැමති නෑ ඉස්සර හොදයි දැන් හොද නෑ කියන කාරණාවට..

සංසාරගත ප්‍රේම 2ක් මේ ජිවිතේ මුණගැහුනු කෙනෙක් විදියට, ඒ දෙන්න ගැන හිතුවත් 2 විදියක දෙන්නෙක්..

හැබැයි එක දෙයක් සංසාරගත ප්‍රේම කතා ටිකක් ලේසියි. ඒකට හේතුව දෙන්න දෙන්නව කලින් ඉදන් දැනගෙන ඉන්න එක. ඒකෙ පොඩි හොදක් තියෙනවා. හැබැයි ඉතින් අකුසල් තියෙද්දි නම්, හ්ම් ඒක ලේසි නෑ කරදර තව වැඩි වෙන්නත් පුලුවන්..

මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් විදියට, ආදරේ කරන්න හිතුවත් ඒක ලේසි නැහැ...

සියුමැලි දෑතින් ඔබ හිස අතගා.... ඔබ නිදි කරවා... මම යන්නම්... 

ටයිප් කරගෙන ආවට මුල ටිකක් අමතකයි ඒපාර.. එනිසා මෙතනින් නවතින්න වෙනව..

No comments:

Post a Comment