Tweets by @Tweetsbysuku myblog: Lanka Counseling

Facebook Fan Page

Saturday, May 30, 2020

Lanka Counseling

                              
මීට අවුරුදු ගානකට කලින් මම මනෝ විද්‍යාව කරන කාලෙ අපි දැනගත්තා දැනට ලංකාවෙ 25%කට විතර තියෙන මනෝ මූලික අක්‍රමිකතා, උපදේශනයේ උවමනාව තව අවුරුදු 10කට එහා කාලයක් යද්දි 75%කට වඩා වැඩි වෙන බව..

●  මම උපදේශනය, උපදේශකයෙක් වශයෙන් කරන්න අවශ්‍ය සුදුසුකම් සපුරල නැහැ. නමුත් යාළුවන්ට - දන්න අයට උදව් ඕන උනාම ඒව කරල දීලා තියෙනව. ඒ කරපු හැම එකම වගේ සාර්ථක වෙලත් තියෙනව...


●  ‍මේ පේජ් එකට මම සෝෂල් මිඩිය කලේ, රටේ තියෙන මේ දේ දන්න නිසා වෘත්තිමය උපදේශකවරු සම්බන්ධ කරලා සහයෝගයක් දෙන්නයි..
නමුත් 2018 මැදකින් පස්සෙ මේක කරගෙන යන්න බැරි උනා. එනිසා පේජ් එක තියෙනව විතරයි.
●  අප්ඩේට් දාන එක නතර වෙද්දි ලයික් 500ක් විතර තිබ්බ පේජ් එකේ දැන් ලයික් 1500ට වැඩියි. ඒවගේම දවස් පතා මසේජ් එවන අය ඉන්නවා සහයෝගය බලාපොරොත්තුවෙන්..කෝල් පවා එන්න ගත්තා ම‍‍ගේ නොම්මරේ දාලා තිබ්බ නිසා. අන්තිම ෆෝන් නොම්මරේ අයින් කලා.

- මේ පේජ් එකට සමානව බොහෝම පේජ්, ගිණුම් හැදුනා පහුගිය කාලේ. ඒවා හැමඑකම වගේ මේ පේජ් එකේ මූලික හරයෙ විදියට සෝෂල් මිඩියා කරන්නත් උත්සාහ දරල තිබ්බා. කොයිතරම සාර්ථකද දන්නෙ නෑ.
සමහර පේජස් මේකෙ තිබ්බ ඒවා තමන්ගෙ වගේ දාලත් තිබ්බා අකුරක් නෑර, සමහර අය පින්තූර පවා. මේකෙ ඉන්ස්ට පේජ් එකත් තරමක් හොදින් ගියා, සමහර ප්‍රසිද්ධ චරිත ෆලෝ කලා..

⭕ ලංකාවේ මනෝ විද්‍යා ක්ෂෙත්‍රයේ බරපතල අවුලක් තියෙනවා. ඒව තේරෙන්නෙ මනෝ විද්‍යා උපදේශනයට වගේ ගියොත්.
සමහර උපදේශකවරු කියන අය ඉන්නවා, එයාලට තියෙන සුදුසුකම් සැකසහිතයි. ඒ මදිවට බොහෝමයක් උපදේශකවරු කියන අයගෙන් උපදේශනයට ගියාම තියෙන ප්‍රශ්න තීව්ර වෙලා තව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සමහර අයට පවුල් ප්‍රශ්න වලට ගියාම පවුල කඩන්න හදපු, නැත්නම් ඒ කියන උපදේශකයා බිරිඳට අනවශ්‍ය යෝජනා පවා ගෙනාපු ඒවා මේ ලංකාවෙ වෙලා තියෙනව..
ඉතින් උපදේශනයට යද්දි පරිස්සමෙන්..
⭕ තව සමහර උපදේශකල ඉන්නවා එයාලට පුලුවනි ඖෂධ දෙන්න. ඒකියන්නෙ එයාල දොස්තරවරු බොහෝවිට. මනෝ රෝග විශේෂඥයො. ඉතින් මනස සම්බන්ධ දේකට බෙහෙත් දුන්නාම නියුරෝන වෙනස් කරගතෑකි. හිතන විදිය වෙනස් වෙන්න පුලුවනි. හැබැයි ඒවයේ අතුරු ඵල තියෙනව. ඒවා ගැනත් දැනුවත් වෙන්න ඕන..
මම දන්න සමහර අය ඉන්නවා, අනිත් අය ගැන මානුෂීය වෙන හැඟීම් වගේ තියෙන ඒවා දියුණුවට බාධාවක් කියල හිතල බෙහෙත් අරගෙන හිතන විදිය වෙනස් කරගත්ත..

⭕ බෞද්ධ උපදේශනයේ තියෙනවා බොහොම මානුෂීයව මේ දේවල් හදාගන්න - තේරුම් ගන්න විදි... ඒක හරියටම නොවුනත් එහෙම කරන තැනුත් ලංකාවෙ තියෙනව...



#ලංකාව #උපදේශනය #counseling #lankacounseling #lk

No comments:

Post a Comment