Tweets by @Tweetsbysuku myblog: #නිදහස දෙසට - ගල්කන්දේ ධම්මානන්ද හිමි

Facebook Fan Page

Sunday, February 9, 2020

#නිදහස දෙසට - ගල්කන්දේ ධම්මානන්ද හිමි

- ආගමික නායකයින්ගේ කාර්යභාරය වන්නේ දියුණු මනුෂ්‍යයෙක් හදන්නට කටයුතු කරන්නයි. ඒක පාලකයෙක් බලයට පත් කරනවා - හෝ බලයෙන් පහ කරනවා තරම් ලේසි දෙයක් නෙමෙයි.
- බුදුන්වහන්සේත්, ජේසුස්වහන්සේත් ජිවිතයෙන් වැඩි කාලයක් ගත කලේ පාලකයන් පත් කරන්න හෝ ගෙදර යවන්න නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු අතර දියුණු මනුෂ්‍යයා හදන්න.

- පහුගිය කාලේ ජාතික ගීය, සිංහල සහ දෙමල භාෂා 2න්ම ගායනා කරපු අවස්ථාවක් ආවාම අගය කලා ලංකාවේ ජන සමාජය ඉතාම උසස් තලයකට ලංවුනු මොහොතක් හැටියට.
ඇයි එතරම අගය කලේ ?

ඒක බුදු දහමේ එන මූලික සංකල්පයකට ඉතාම ලග එකක් නිසා.
බුදු දහමේ එන විමුක්ති මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා කියන කොටසට අයිතියි,
අව්‍යාපාද සහ අවිහිංසා කියන සංකල්ප 2.

- අව්‍යාපාද සහ අවිහිංසා යන සංකල්ප 2 ගත්තාම,
ඒක ඉතාම ලග වෙන්නේ, ආදරය, කරුණාව, පිලිගැනීම, අන් අයට ගෞරවය ලබාදීම, මෛත්‍රී සහගත වීම කියන කාරණා වලට.

මේ රටේ තවත් ජන කොටසකට අභිමානයක් එන පරිදි, එම අයගේ භාෂාවෙනුත් ජාතික ගීය ගයනවා කියන එක, ඒ අයට ආදරය ගෙනයන එක, මෛත්‍රිය ගෙන යන එක, ඔවුන්ට සමානව සැලකීම එක්ක සම්බන්ධයි.
එනිසයි ඒක බුදු දහමට සම්බන්ධයි කියල. ඒවගේම ඒක බුදු දහමේ එන උසස් මනුෂ්‍යයා ලගට යන එක අවස්ථාවක් විදියට !!!

- නිදහස් දිනයෙදි සිංහල සහ දෙමළ භාෂා 2න් ජාතික ගීය ගැයෙනකොට,
ඒකෙන් කියැවෙන්නේ, අපි ඔක්කෝම සහෝදර සහෝදරියෝ, ප්‍රේම වඩා සැම භේද දුරලා අපි අපේ මව්බිමට වඳිමු කියන එක.
ඒක නෙමෙයිද විය යුත්තේ ?

ඇයි ජාතික ගී 2ක් ?
අපිට බැරිද එකම ජාතික ගීය ඇතුලෙ, සිංහල සහ දෙමල කියන 2ම ඇතුලත් වෙන්න හදන්න.

- අපිට පුලුවන් නම්, අපේ මුහුද පිටරටට ලබාදෙන්න, ඉඩම් පිටරටට ලබාදෙන්න ගිවිසුම් අත්සන් කරන්න,
අල්පෙනෙත්තක් තරම් දෙයක්වත් නැති නොවෙන පරිදි, මේ රටේ ජන කොටස් සියලුදෙනාට අභිමානය එන පරිදි, භාෂා 2න්ම යුක්ත ජාතික ගීයක් හදාගන්න එක කොයිතරම පහසුද.
ඒ වගේ තීරණයක් ගත්තොත් ඒවගේ තීරණයක් එක්ක එකතු වෙන්න පුලුවන් දියුණු මිනිස්සු හැදෙන්න ඕන.

- අවුරුදු 20 ගණනක් තමන්ව හිරේ යවලා දුක් පීඩා දුන්නු ජන වර්ගයෙක් භාෂාව තමන්ගේ ජාතික ගීයට එක්කලා, ජනාධිපති උනාට පස්සේ ඒ නෙල්සන් මැන්ඩෙලා - දියුණු මිනිස්සු ලෝකේ බිහිවෙලා තියෙනවා. අවශ්‍ය වෙන්නෙ ඒ කැපවීම.
ඒ දියුණු මිනිස්සු බිහි වෙනකොට අපි ඉන්න එකක් නැහැ සමහරවිට, හැබැයි අපි පටන් ගන්න ඕන - ඒකයි ආගමික නායකයින්ගේ කාර්යභාරය !!!

-
මගේ අදහස,

‍දෙමල අපේ අය, ඊලාම් ගීය ගයන එකද හොද ?‍‍

‍තේරුම් වෙනස් නොකර, තමන්ටත් දැනෙන විදියට අපේ ජාතික ගීය ගායනා කරන එකද ?

- මම සිංහල නිසා මට වැඩිය දැනෙනවා සිංහලෙන් කියන දේ.
‍දෙමල කෙනෙක්ටත් එහෙමයි...

#srilanka #independenceday2019 #tshfeb2019

No comments:

Post a Comment