ගොඩක් අය තමන්ගෙ මේ ජිවිතේ හැමදේම වෙනුවෙන් උපරිම කැපවෙලා ජයග්‍රහණ ලබාගන්නවා. ඒක හොද දෙයක්. හැබැයි එයාල අධ්‍යාත්මික ජිවිතය, සංසාරය වගේ ඒවා ගැන දක්වන්නෙ බොහොම අඩු උනන්දුවක්. ඒක වරදක් කියන්න බෑ. නමුත් සංසාරය සහ ඒවා ගැන හිතද්දි, සංසාරේ ඕනෑ තරම් අපි මේ වගේම තමන්ගෙ මේ ජිවිතයේ දියුණුව වෙනුවෙන් කැපවෙලා කටයුතු කරලා ඇති. ඒක හැමදාම අපි කරමින් ඉන්නවා.
වෙන රටවල, ලෝකයේ දියුණුව ගැන කියනවා. අලුත් නිර්මාණ වෙනවා කියල කතා කරනවා. නමුත් ලෝකයේ එහෙම අමුතු අලුත් දෙයක් වෙන්නෙ නෑ. චක්‍රයක් තියෙන්නෙ. භෞතික ලෝකය දියුණු වෙද්දි, අධ්‍යාත්මික ලෝකය යට යනවා. අධ්‍යාත්මික ලෝකය ඉහල එද්දි භෞතික ලෝකය දියුණු වෙනවා. අපේ මේ පෘතුවිය පවා මීට වඩා භෞතිකව ඉතාම දියුණු කාලයන් තිබිලා තියෙනවා.
● බොහොමයක් අය හිතාගෙන ඉන්නෙ, තමන්ගේ දියුණුව උපරිම කරගෙන, ජිවිතේ විඳලා ඒ අතර දානයක් දීලා, අසරණ කෙනෙක්ට උදව්වක් කරාම ඒකෙන් සංසාරෙම හරියනවා කියල. ඒක එහෙම නම් හරි ලේසි වෙන්න ඕන.
( බොහොම කලාතුරකින් “ සංතති ඇමති “ වගේ කතා තියෙන්න පුලුවනි)
ඒ ඇර, මොකක් හරි අකුසලයකට අවුරුදු 1000, ලක්ෂ නෙමෙයි ඊටත් වඩා සමහරවිට කල්ප ගණන් හිර වෙලා ඉන්නව වෙන කාලයක් ආවොත් තමයි හිතෙන්නෙ මනුෂ්‍ය ජිවිතය තිබිලා දෙයක් කරගත්තේ නෑනේ කියල. ඒ විඳවීම මෙච්චරයි කියන්න බැහැ. වේළුවන පූජාව එක්ක ප්‍රේතයන් 84,000ක් කල්ප 92ක් විඳපු අකුසලය ගැන හිතද්දි, දන්න ඒව හිතද්දි ඒක එහෙම හිතෙනව...
● ඒත් කල්පනා කරද්දි සංසාරය එහෙම සරල දෙයක් නෙමෙයි. ඒක එහෙමට සංකීර්ණත් නෑ ඉතින්. භාවනාව කියන්නෙ නිවරදි සිහිය සහ ප්‍රගුණ කිරීම. ඒක හැමදේදිම කරනව නම් හොදයි. ඒකියන්නෙ මේ කුසල් විපාකය ගැන හිතල හිත හදාගන්න එක, උවමනා අය ඉන්නව නම් අනුමෝදන් වේවා කියල හිතන එක. ඒවගේම මේ කුසලය කවදමහරි විපාක දීලා ඉවර වෙන බව සිතීම - අනිත්‍ය ගැන තේරුම් ගැනීම.
-
වේළුවන පූජාව ගැන,
ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් කරන ලද දේශනාවක් ඇසීමෙන් පසුව මට හිතෙන දේවල්..

No comments:
Post a Comment