Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, July 27, 2018


කපටි - ලග තියෙන වාසි වලට තීරණ ගනී...
බුද්ධිමත් - දුර දිග බලා තීරණ ගනී, දැන් විතරක් නෙමෙයි, කාලෙකට පස්සෙත් යහපතක් වෙන තීරණ ගනී..

Cunning - Take decisions for the benefits in near future..
Smart - Take decisions for benefits of the future and which are last long time..

අතිබහුතරය ජිවිතේ වැඩ කරගන්නෙ මේ ජිවිතේ දියුණුවට විතරයි. ඒක වරදක් කියන්න බැරි ඒ තරමටම පීඩනයක් ඇත්තටම තියෙන නිසා. පින් කිරීම හරි වැදගත් බව ඇත්ත. ඒත් ඒ පින කවදහරි ඉවර වෙන බව ගොඩක් අයගේ හිතේ නෑ. සංසාරේ කරපු පින් නිසා තමයි අද බත් ඇටයක් හරි කන්න ලැබෙන්නෙ. ඒවත් කවදහරි ඉවර වෙනව..
මනුෂ්‍ය ආත්මයක් ලැබෙන දුර්ලභ බව දන්නව නම් ..

පින - කුසලය අමුතුවෙන් කරන්න ඕන දේවල් නෙමෙයි. හිතින් හිතුවත් පින් ලැබෙනවා. හරියට සිහියෙන් හොඳ හැඟීමකින් කිරීමයි වැදගත්. කාලය එක්ක ඒ පින් පවා අනිත්‍යයයි කියල තේරෙන දවසක... නිවනටත් ගමන හදාගන්න පුලුවනි හ්ම්...

No comments:

Post a Comment