පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි..
යුගයෙන් යුගයට හදවත් ඉල්වන...
බලාපොරොත්තුව පැතුම ඇයයි...//
අසාර වූ මහ පොළව මමයි..
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වූ සැපත ඇයයි.....
කැලෑව මැද කටු පඳුර මමයි...
පිපී වැනෙන මල් පොකුර ඇයයි..//
යුගයෙන් යුගයට හදවත් පුරවන..
අඳුරු වේදනා කැටිය ඇයයි...
ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකර
No comments:
Post a Comment