Tweets by @Tweetsbysuku myblog: මැරුණු කෙනෙක්ව සිහි කරන එක හොඳ දෙයක්..

Facebook Fan Page

Saturday, May 26, 2018

මැරුණු කෙනෙක්ව සිහි කරන එක හොඳ දෙයක්..


ඇය මට මහපු ‘පෙරහන්කඩක්‘ 
ඇය එක්ක කැළණී ගඟ ගාව හිටිය තැනක්
ඇය එක්ක ගියපු බෝධින්වහන්සේ සිටින තැන 
මාත් එක්ක කතා කරපු අංකල් සෑහෙන්න කතා කලා රට ගැන

මට අද හදිසියේම හිතුනා කැළණි රජමහා විහාරයටත්, කිත්සිරිමෙවන් රජමහා විහාරයටත් යන්න ඕන කියල. අන්තිමට ගියේ ඇය එක්ක නිසාද මංදා. ඉතින් ඇය නැති උනත්, ඇය එක්ක ගියපු තැන් සිහි කරන එක ගුණාංගයක් වෙන්න ඕන.

ඉතින් යන අතර ඇය එක්ක ගියපු තනි බෝධින්වහන්සේ නමක් වැඩ ඉන්න තැනටත් ගියා. එතන වතුර ගලලා යන්න බැහැ දුර ඉදන් බැලුවා. ඒ පැත්තෙ මිනිස්සු එක්ක කතා කලා. ඒ අය හොඳ අය. ඒ පැත්ත මට හුරුපුරුදු ගතියකුත් දැනෙන්න ගත්තා.
පස්සෙ කිත්සිරිමෙවන් රජමහ විහාරයට ආවා. ඇයත් එක්ක ඇවිදපු තැන් වලට ආවා. ඇයත් එක්ක පහන් වැටි දල්වපු තැන හිටියා. ඇය එක්ක භාවනා කරපු විහාර මන්දිරයට ගිහින් තනියම භාවනා කලා ටික වෙලාවක්... ඇය එක්ක හිටපු මතකයන් දැනුනත් දැන් ඒක වෙනස් කරන්න විදියක් නෑ. ඇය මට පූජා කරන්න කියල මහපු “ පෙරහන්කඩක් “ මම ගැටගැහුවා.
 ඊටපස්සෙ පාරුව ගාවටත් ගියා. ඒ පාරුවත් බෝට්ටු එකක්වත් යන්නෙ නැද්ද කොහෙද, වතුර ගොඩක් උඩ මට්ටමක තිබ්බා. හෙමිට පාලම පැත්තෙන් වටෙන් ගියා කැළණි පන්සලට. යන අතර අපි හිටපු තැන් කීපයකුත්, අපි පින්තූර ගත්ත තැන් කීපයකුත් බලාගෙන ගියා.



අපි නැති උනත් වෙන පෙම්වතුන් ඉන්නවා දැක්කා. මට අවුලක් දැනුනෙ නැහැ. වැස්ස උනත්, වැස්ස එක්ක උනත් මේ අය ඇවිල්ල නේද කියල හිතුනා. කැළණි රජ මහා විහාරයටත් සෙනග ඇවිත් තිබුනා. වැස්ස එතකොට නැවතිලා. මම තෙත බරිත වෙලා හිටියත්, ගංවතුර වගේ තැන් වල ගිහිනුත්, ඒ වෙද්දි සෑහෙන මාව වේලිලා. ඇය එක්ක ඇවිදපු තැන්, කතා කරපු තැන්, වාඩි වෙලා හිටිය තැන් වලටත් තරමක් මම ගියා. වෙනදට වඩා මට නිදහසක් දැනුනා. වෙනදට වඩා පින්තුරත් ගත්ත. ඇය මට කියල තිබුනා බෝධින්වහන්සේ පේන තැනක ඇය ඉන්න බව, මම එතනටත් ගියා. ඒත් ඇය එතන හිටියෙ නෑ. ඇය වගේ කියල මම බලපු ගොඩක් මූණු ඇය නොවෙන බව තේරුනා, ඇගේ විදිය තියෙන අය හිටියත් ඒ ඇය නොවෙන බව මටම පස්සෙ පැහැදිලි උනා. පස්සෙ මම හෙමිහිට ආයෙත් ආවා. සර්වඥ ධාතු මන්දිරය පැත්තෙත් ගියා. වාහන පාක් කරන වටේම ඇවිද්ද, ඇගේ වාහනය වගේ වාහන තිබ්බත් ඒක නොවෙන බව මට තේරුනා.


මම හෙමිට ආපහු ආවා. ඒ යන එන අතර ඇගේ වාහනය වගේ වාහන 2ක් දැක්ක. ඇගේද දන්නෙ නෑ. ඇය නැති උනත් ඇගේ කවුරුහරි ඒක පදිනව වෙන්න පුලුවනි. ඇගේ ස්කූටිය වගේ ලස්සන ස්කුටි සිය ගානකට වඩා දැක්කා. මම හරිම උවමනාවෙන් බැලුවත් ඒ එකකවත් ඇය හිටියෙ නෑ.... ඇය මැරිලනේ ඉතින්.. කොහොමද ඉන්නෙ... එන අතර ඇය එක්ක දවසක් කැළණිය පැත්තෙන් යද්දි ගියපු තැනුත් බැලුවා. ඇය එක්ක වාඩි වෙලා හිටිය පොඩි තැනක් තිබ්බා. ඒ තැන අදටත් තියෙනවා. මම ඉන්නවා. ඇය නැහැ..

 
ඇය විතරක් නැතිව, මම විතරක් ඉන්න එක වෙලාවකට මට අසාධාරණයක් වගේ හිතෙනව.. ඒත් ලෝකෙ සාධාරණ - අසාධාරණ කියල දෙයක් නෑ. මොකද පෙර කර්ම ප්‍රවෘත්ති එක්ක හෙව්වාම අද වෙන දේවල් හැමදේම වගේ ඒවට අදාලව විපාක ලැබෙන ඒව. ඉතින් ඒව අසාධාරණ නැහැ. කර්මය එහෙමයි..
ඒවගේමයි මට ඒ කාලේ ඇය කතා කරන්න කලින් මට දැනෙනවා. ඇයට මට කතා කරන්න ඕන වෙලාවට මට කලින්ම සංඥා එනවා කතා කරන්න ඕන කියල. සමහර වෙලාවට ඇය මසේජ් කරද්දි මම ෆෝන් එක ගාව නෑ. ඒත් මම ඒවට රිප්ලයි කරනවා විනාඩියක් ඇතුලත, එහෙම වෙන්නෙ මට ඒව දැනෙන නිසා. එක වතාවක් ඇය මට එන්න කිව්වා කැළණීයට මම යන අතරදි මට හිතුනා කිත්සිරිමෙවන් කැළණිය දිහා බලන්න, මෙන්න ඇය එතන ඉන්නවා. ඇය මට මෙගොඩ කැළණියට එන්න කියල එවපු මසේජ් එක මට ඇවිත් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට එහෙම සංඥා දැනුනා සෑහෙන්න ඇය ගැන. දවසක් ඇගේ තාත්ත ඇයව එක්කගෙන යන්න එනව කියල තිබ්බා. ඇය එක්කම ගෙදර යනව කියල. මට ඒක කිව්වාම මම කිව්වා නෑ අද එන එකක් නෑ මම එන්නද කියල. ඇය කිව්වා නෑ එනවමයි කිව්වා එනිසා එන්න එපා කියල. මම කිව්වා හරි වාද කරන්න ඕන නෑ බලන්න මම කියන දේ වරදිනවද කියල. ඇය පැය 2කට පස්සෙ මට කියනව තාත්ත කිව්වලු එන්න වෙන්නෙ නෑ කියල තනියම යන්න කියල. ඔය වගේ  සිද්ධි ගානක් තියෙනවා ඒ කාලෙ මට ඇයව දැනුනා. පස්සෙ ඒව ටිකෙන් ටික නැති වෙලා ගියා, ඇගේම මරණයට මුලීක වෙච්ච කාරණා නිසාම..

ඇය නැතිව දැන් හෙමිට කාලය ගෙවෙනව. මාත් පාඩුවෙ ඉන්නවා. සංසාරේ ආයෙ කවදාවත් මට ඇයව මුණගැහෙන්නෙ නැති බවත් මම දන්නවා. ඇයට හොදින් ඉන්න මම පතනව. හ්ම්...

ඇය එක්ක පින්තුර ගත්ත තැනක්
ඇය එක්ක බඩඉරිඟු කාපු තැනක් ..
 



No comments:

Post a Comment