Tweets by @Tweetsbysuku myblog: අවසාන ආදරය... මැරෙන්නට ඔන්න මෙන්න කියා කිරීම..

Facebook Fan Page

Friday, May 25, 2018

අවසාන ආදරය... මැරෙන්නට ඔන්න මෙන්න කියා කිරීම..

පහුගිය කාලෙ අහම්බෙන් වගේ මම කෙල්ලෙක්ට ආදරේ කලා... ඒක හරිම අහම්බයක්..
වේගයෙන් ආදරයක් වෙච්ච දේ තමයි අහම්බය... ඒ කෙල්ල ජිවිතේ ගැන ගොඩක් පිරුනු අදහස් තියෙන, දක්ෂතා පරිපූර්ණ කෙනෙක්. විශේෂත්වය තමයි එයා ආදරේදී ඕනෑම කැපකිරීමක් කරන්නත් ලෑස්ති කෙනෙක්. පොඩි දේටත් සංවේදී වෙන, සමහරවිට ආදරය සම්බන්ධ  දේවල් වලට කලබල වෙන කෙනෙක් උනා එයා. ආදරේදී එයා ළදැරියක් වගේ සංවේදී උනා වගේම කීකරුත් උනා සෑහෙන තරමකට.. විටෙක තරමක් මුරණ්ඩු උනත් ඒ මුරණ්ඩුවත්, ඒ එක්ක තිබ්බ කෝලම්, විහිළු, හුරතල් කතාත් හරිම සුන්දර දේවල් උනා ආදරය ගලාගෙන යද්දි..

ඇය එක්ක වාහන ගානක ගියා... පයින්, බයික් වල, වාහන - බස් වල ගියා. ඒ හැම ගමනක්ම වෙනම අත්දැකීමක්, සුන්දර විඳීමක් උනා. ගෙදරින් තරමක බාධා එද්දි, හදිසියේම පැය කීපයක් මහන්සි  වෙලා  එයාව බලන්න එයාලගේ පලාතට ගිහින් කලබලේට නළලට දුන්නු හාදුව, හරිම සැනසිලිදායක උනා. පැය ගානක් මහන්සි උනත් එයාව මුණගැහුනේ විනාඩි 5-10කටත් අඩු කාලෙකටයි. ඒත් ඒ වෙලාව ඒ සැනසීම මහමෙරක් වගේ දැනුනා. නැතිබැරිකම්, අසරණකම් තියාගෙන කරපු ආදරයක් කොහොම දෙයක්ද කියල දන්නෙ එහෙම කරපු අය විතරයි.. එයත්, එයා වගේම මමත් ඒ වෙනුවෙන් හැකි විදියට කැප උනා. සමහර කැපකිරීම් හරිම පුදුමාකාරයි. බස් එකක යද්දි එයා මගේ උරහිසේ නිදාගත්ත විදියත්, මට හැමදාටම මතක තියේවි. ඒ නිදියන කොට එයාගේ හුස්ම ඉහල පහල ගිය විදිය පවා මට අදටත් මතකයි.. ඒවගේම එයාව දවස් ගානක් නිදි කරවන්න කෝල් කරාම මට පුලුවන් උනා. දවසක් හිත රිදිලා, එයාට රිදවලා මම ඒ වෙනුවෙන් නිදා නොගෙන පැය 7ක් එක දිගට එයාගෙ හුස්ම හඬ අහමින් හිටියා. ඒව මට ලොකු දේවල්.

ඔය අතර තමයි එයා ලෙඩ වෙන්න ගත්තේ... නමුත් එයා ඒ ලෙඩින්ම ලෝකෙන්ම යාවි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. එයාට ඒ තරම ආදරය කරපු නිසාම, අපේ එක එක නොගැලපීම් අතර හැමදේම මැඩගෙන එයයි මායි එකටම ඉන්නවා, “ ලෝකෙ හොදම කෙල්ල මට කැමති උනත් මට ඕන නුඹ විතරයි “ කියන මානසිකත්වයක මම හිටියා. එක එක හදි හූනියම් - ගුරුකම් අතර හදිසියේම වෙන අහඹු සිදුවීම් වගේ දේවල්...
පෙර අකුසල් අපිට සමහර වෙලාවට කොයිතරම උත්සහ කලත් නැති කරන්න බැහැ. ඒවයෙ විපාක තියෙනවාමයි. අපි හොඳ  උනත් නැතත් පෙර අකුසල් තියෙද්දි කරන අණවින කොඩිවින අපිට දැනෙනවා තරමකට හරි..
කෝම හරි හොඳට හිටිය එයා ලෙඩ වෙන්න ගත්තා. එයාගෙ ලෙඩත් එක්ක එයාට මාව පෙනුනුන විදිය වෙනස් උනා. එයාට අවුරුදු ගානකට කලින් තිබ්බ පන්ඩිත කතා, මෝඩ කතා මතක් වෙන්න ගත්තා. නමුත් ගැටළුව උනේ ඒව දැන් කරන කතා ගානට එයාගෙ හිතේ තිබීමයි. ඒව එක්ක ක්‍රමිකව ඒ ලෙඩේ උත්සන්න වෙන්න ගත්තා. බේත් කරත් ඒ බේත් වලින් අවශ්‍යම ප්‍රතිඵලය උනේ නැති බව වෙද තුමාත් කිව්වා. එයාට ඕන උනේ ජිවත් වෙන්න. මට ඕන උනේ එයාව ජිවත් කරවන්න. නමුත් එයාගෙ ප්‍රාණය හෙමිට මාව අතෑරලම ගියා..
මගේ අතේ දැවටිලා, මට තුරුල් වෙලා එයාගෙන් වින්ඳ කුළුදුල් හාදුව වගේම, එයාගෙ නළල් තලයට මම දුන්නු හාදුවත්, එයා මට වැඳලා මගෙ ස්වාමියා වේවා කියල පැතුවාම ඒ පැතුම ඉටු වේවා කියල මම හිතින් හිතපු සිතිවිල්ලත් වලපල්ලටම ගියා.... අන්තිමට එයා නැති උනා ....

ලෝකෙ චක්‍රයක්.. හොඳ - නරක 2ම තියෙන. නරක කරන අයට කොහොමත් ලැබෙනවා. ඒක සනාථන ධර්මයක් කවුරුවත් ඒ තරම නොහිතුවට. එයාව ලෙඩ කරපු ඒ ලෙඩ වලටත් ක්‍රමිකව විඳවන්න වේවි. උන් විඳවලා මැරේවි. මැරිල සතර අපායටම යාවි... ඒක එහෙමම වේවි.

No comments:

Post a Comment