Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, July 23, 2017


Mr. Nawalage මම හැමදාම කතා කලේ එහෙමයි..

ගයන්ත ඇමතිතුමා ලග ඉස්සර ඉදන්ම හිටිය කෙනෙක් #නාවලගෙ මහත්තය කියන්නෙ.. පොලිසියේ කෙනෙක්ප, පස්සෙ ඇමති ආරක්ෂක (MSD) එකට අනුයුක්ත උනා දන්න විදියට..
ගයන්ත ඇමතිතුමා, ඇමතිවරයෙක් උනාට පස්සෙ මුණගැහෙන්න යද්දි අලුතින් ආපු ගොඩක් ඇමති ආරක්ෂක අය මාව දන්නෙ නෑ.. එතනදි මම කවුද කියල දැනගෙන හිටිය නාවලගේ වගේ පරණ අය කීපදෙනෙක් නිසා මට ලේසි උනා..

පරණම කෙනෙක් වගේම, අපිට බොහෝම හිතෛශීවන්ත ඒවගේම ගරු කටයුතු විදියට හිටිය කෙනෙක්. මගේ කලබල වැඩ වලදී, මට උපදෙස් දීල තියෙනව, කලබල වෙන්න එපා, ඉවසීමෙන් වැඩ කරන්න කියල..
නිතරම වගේ මුණ ගැහිල තියෙන්නෙ ඇමතිතුමා එක්ක, සමාජ සේවා වැඩකදී, අමාත්‍යංශයෙදියි, පාර්ලිමේන්තුවෙදියි වැඩිපුර.. ඒ ඇරුනාම අපේ පවුල් වල දාන, උත්සව වගේ දේවල් වලදි.. ඒ වෙලාවට ටිකක් කතා කරනව විතරයි..

හැමදේ ගැනම සිනාමුසුව, ඒවගේම උපේක්ෂාවෙන් යුතුව අපි එක්ක කතා කරපු හැටි මට අද වගේ මතකයි..
මෑතකදි අපේ දානෙ ගෙදරදි මුණගැහුනෙ නෑ. මතක විදියට අන්තිමට මුණගැහුනෙ ඇමතිතුමා අපේ සීය ගැන මල ගෙදර කල කතාවෙ සීඩි එක ගෙනියන්න එවපු වෙලාවෙ.. ඒ මාස 6කටත් කලින්... කෝල් කරල දේවල් ඇහුවා - මුණ ගැහුනෙ නෑ..

හදිසියේ මෙහෙම දෙයක් වේවි කියල කිසිම විදියකින් හිතාගන්නත් අමාරුයි..
සංසාරෙ කවමදාවත් ආයෙ මෙහෙම අකල් මරණයක් නොවෙන්න අපේ නාවලගේට සංසාරේ පුරාවටම තුනුරුවන්ගෙ සරණයි !

May you blessed with Triple Gem Blessings for whole Sansara !!!

No comments:

Post a Comment