Tweets by @Tweetsbysuku myblog: My Sister

Facebook Fan Page

Thursday, August 11, 2016

My Sister

වෙලාවකට අපෙ නංගි ගැන පුදුමත් හිතෙනව...
හොඳ වගේම වෙන අයට වඩා දේවල් දැනෙන තේරෙන කෙනෙක්..

අපිට නම් කොහේ හරි ගියාම,
විශේෂයෙන් ගාල්ල පැති වලදි කොහෙන් හරි හොයාගෙන හරි ඇමතිගෙ කතාවක් අල්ලගෙන නෑකම් දැනගෙන, සැලකිලි ලැබෙනවා.. එයාලට අදාල නෑ මම නිකන් ඉන්න බව, කාගෙවත් උදව් නැතිව බිස්නස් කරගෙන ගොඩ එන්න දඟලන බව.... :3

එයාලට ඕන කෝම හරි ආණ්ඩුවෙ රස්සාවකට යන්න, නැත්නම් ටෙන්ඩරකට සපෝට් එකක් ගන්න... අඩුගානෙ ටෙලි නාට්‍යයක් හරි දාගන්න දෙයක් කරගන්න.. -_-
පස්සෙ කාලෙක පවුල් වලට සම්බන්ධ වෙච්ච නෑයො පවා ඇමතිගෙ ඇමතිකම හරියට තැන් වල පාවිච්චි කරනව..

පහුගිය දවසක සෝෂල් මිඩියා කරන්න ලංකාවෙ තරමක් ප්‍රසිද්ධ පිටරට ළමයි වැඩියෙන් එන ආර්ට් ස්කෝලේකට ගිහින් ඉද්දි, එතනත් කෙනෙක් කියනවා මම අර ඇමතිගෙ නෑයෙක් කියල..
පස්සෙ හොයාගෙන බැලුවම, අපෙ කෙනෙක්ව මැරි කරපු කෙනෙක්ගේ නෑයෙක්... ලේ නෑකම් තියා ... :P
ඔන්න ඔහොමයි ලංකාවෙ තත්වෙ..

ඉතින් අපෙ නංගි හරි අකමැතියි ඔය ලොකුකම් කියන්න..
මම සමාජ සේවෙටයි කියල කරන ඒවටත් නංගිගේ වැඩි කැමැත්තක් නෑ.. එයා කියපුව පස්සෙ හරි යන වෙලාවල් තියෙනව...

කොහොම හරි අද එයාට ජාතික නාලිකාවක, හිටපු සභාපති කෙනෙක්ගේ නෑයෙක් අහල තියෙනවා ඒ චැනල් එකේ රස්සාවක් අරන් දෙන්නද කියල..., නංගි කියල ඕන නැහැ කියල...
(ඒ සභාපතිතුමා බොහෝම ගෞරවණීය කෙනෙක්.. අපි හරි කැමති කෙනෙක්)
නිකමටවත් වෙන මොකුත්ම කියල නෑ හ්ම්... 😃

ඒක තමයි ඇත්තටම වටින්නෙ මම හිතන්නෙ..
එක්කො සමාජ සේවෙ අතෑරලා මාත් පාඩුවෙ ඉන්න ඕන කියලත් හිතෙනව.. o.O
මං උදව් කරපු ගෑණු ළමයි පවා වැඩියෙන් අපේ නංගිට ආදරේ කරන්නෙ, සැලකිල්ලක් දක්වන්නේ එයාගෙ ඒ හොඳ ගති නිසාද මංද හ්ම්...

No comments:

Post a Comment