Tweets by @Tweetsbysuku myblog: තරහක් නෑ හිටං... ආයෙ බලයට එන්න ලැබෙන්නෙ නෑ ..

Facebook Fan Page

Sunday, August 14, 2016

තරහක් නෑ හිටං... ආයෙ බලයට එන්න ලැබෙන්නෙ නෑ ..

මහින්ද මහත්තයල බලේ ඉන්න කාලෙටත් වඩා තර්ජන වගේ දෙකයි පනහේ බාල මසේජ් මේ කාලේ ඉන්බොක්ස් එකට එනව..
එක එක්කෙනාගෙ සෝෂල් මිඩිය ටීම් වල බාල වැඩ... කරන අයත් දන්නවා, කරවන අයත් දන්නව...

අසීමිත බලයක් තිබ්බ මහින්ද මහත්තයල ඒකාලෙ අපි කියන කරන දේවල් ගැන හොඳ අවධානයකින් හිටියත් අකුරකින්වත් තර්ජන කලේ නෑ..
මම හිතුවේ අපි කියපුවා වෛරයෙන් කියපුවා නොවීමත්, අපිට කරදර කරන්න අවශ්‍ය නෑ, ඒ තරම වටින්නෙත් නෑ බලය සදාකාලිකයි කියල ඒ අය හිතාගෙන ඉන්න බව..
- ඒ කොහොම වෙතත් ගොඩක් අය කතා කරලාම කිව්වා ඕව දාන්න එපා කියල ඒකාලෙ දෙයක් කිව්ව ගමන් ආණ්ඩුව ගැන..

ඉතින් මං කල්පනා කලා, එහෙම බලයක් නැති කාලෙ බලයට එන්න දඟලද්දි “මහින්ද මහත්තයට ආයෙ රාජ්‍ය නායකත්වය ගන්න පින නෑ“ කියල කියන එක වරදක්ද කියල.. මම ඒක කිව්වෙ මට දැනෙන තේරෙන විදියත් ඊට වඩා අධ්‍යාත්මිකව දියුණු අයගෙ අදහස් අනුවත්..

හොඳ අවබෝධයක් තියෙන අය තමයි කිව්වෙ,
මේ කියන දේ නිසා බලයට එන්න බෑ කිව්වම එයාලගේ ඔක්කොම හීන නැති වෙන නිසා, හොරා කියන, අපරාධකාරයා කියන අයටත් වඩා වෛරයක්, අප්‍රසාදයක් මං එක්ක ඇති වෙලා ඇති කියල..
ඒක ඉතින් වෙන්නැති.. දේශපාලනය කියන්නෙ හිත රිද්ද ගන්න, යාළුකම් නැති වෙන දෙයක් බව නොදන්න නෙමෙයි.. ඒත් ඉතින් දෙයක් හිතුනම කියන්න එපාය..

මහින්ද මහත්තයට ඉතින් ආයෙ එන්න බෑ.. පින ඉවරයිනෙ.. දැනුත් විපාක... පාද යාත්‍රාවට ටිකක් ඇවිද්දා, ඒක කීපඅතකින් විනාස කරගත්තා...
කොළඹම ඉන්නෙත් ලක්ෂ 23ක් විතර...
ගීතා මැඩම් කිව්ව වගේ කෝටි කෙසේ වෙතත් මිලියන 2ක් ආව නම් කොළඹ ඉන්න අය වෙන කොහේ හරි යන්න ඕන...
බුද්ධි අංශ වාර්තාව අනුව දවස් 5ටම උපරිම 40,000ටත් වඩා අඩුයි.. අන්තිම දවසේ 15,000කට අඩුයි..
නැත්නම් කැම්බල් පිටිය නොගෙන ඉන්නෙ නෑනේ..
- විජය නන්දසිරි මහත්තය මනමේ කුමාරයට රඟපෑව කියල ආයෙ වරද්ද ගත්ත...

- මේව කර්ම විපාක කියල ඒව තේරුම් අරගෙන සංසාර ගමන ගැන හරි තීරණයකට එන්න කිව්වත්, අන්තිමේ මහින්ද මහත්තයට කාට කියල කියෙව්වත් ඒව වෙන්නෙත් නෑ, දේවල් නැති වෙලා ආයෙ දේවල් ගන්න දඟලන අයට තියෙන වියරුවට, ඉච්ඡාභංගත්වයට පුලු පුලුවන් තරමින් වෛර බැඳගෙන දෙයක් කරන්න බලනව විතරයි වෙන්නෙ...
- ඒනිසා දේශපාලනයට අදාල දෙයක් නොදා ඉන්න බලන්න ඕන හ්ම්...


#augusttsh2016

No comments:

Post a Comment