Tweets by @Tweetsbysuku myblog: Best Selling >

Facebook Fan Page

Friday, December 11, 2015

Best Selling >

https://www.facebook.com/sukumal.harischandra/posts/10206546985867899

ලෝකෙම තැන්වල තියෙන වචනයක් තමයි පොත් වලට Best Selling Author ... ඒකියන්නේ වැඩියෙන්ම විකිණුනු පොතක් කියන එකයි...
කොහේවත් Best Writing Author කියල නෑ...
- ඉලියඩ්(රණබිම) ඔඩිසි(වීරචාරිකාව) ලියපු මහා කවි හෝමර් ඒකාලෙ පාරේ ඇවිදපු යාචකයෙක්ලු, කවුරුවත් සලකලා නෑ, මැරිලා කාලයක් යද්දි අයිතිය වෙනුවෙන් නගර 2ක් සටන් කරලත් තිබුනත්, ජිවත්ව ඉන්න කාලෙ ඒ වටිනාකම ලැබෙන එකයි වටින්නෙ)

පොත හරි අදහස් හරි වටින්නේ ඒක ජනතාව අතරට යන තරමට, එතනදි ආර්ථික ශක්තියත් එකතු උනොත් ඒක වටිවි...
මේ පොත් ලියපු, ලියන්න ඉන්න අයට මට හිතෙන්නෙ කියන්න ඕන වෙන්නේ ඒ දේ...
තමන්ගේ නිර්මාණාත්මක හැකියාවේ වටිනාකම හොඳට තියෙන්නෙ ඒක ජනප්‍රිය වෙන තරමටයි... ඒකෙන් කියවෙන්නෙ නෑ එහෙම නොවුන කියල වටින්නෙ නෑ කියල...
T
here is no ‪#‎Politics‬, only ‪#‎business‬ - මෙහෙම කතාවක් බිස්නස් ලෝකෙ තියෙනව.. මේ ලගදිත් ඇහුවා.. වැඩිදුර මේක හිතන්න දෙයක් නෑ, පහුගිය ආණ්ඩුවේ ලේසියෙන් ‪#‎සල්ලි‬ හොයන ගොඩක් ඒව මේ ආණ්ඩුවෙත් ඇමතිලා වගේ අය කරනවා,
උදා:- කරුංකා බිස්නස් එක
ඇවන්ගාඩ් එක ගැන ගොඩක් අය එක එක කතා කියන්නෙ මොකද.... ?
එක කොටසකට ඇති තරම් සල්ලි ලැබිලා නෑ, තව කොටසකට සල්ලි ලැබිලා... ඕක තමයි සාරාංශය....

පොතක් ලියන එක, අදහස් මුද්‍රණය මොන විදියට කලත් ඒක වටිනවා... ඒක හිතට සැනසීමක්... ඒක හරි...
ඒත් ඒකේ නියම වටිනාකම ගන්න උත්සහ කරන්න... තමන්ගෙ ගරුත්වය රැකගෙන....
මොකද ලංකාවෙ පොත් මාෆියාවකුත් තියෙනව...
(සමහර ලොකු ලොක්කෝ කියල හිතාගෙන ඉන්න මහත්තුරු කියනවා, එක එක තැන් වලදි මං පොතක් ලියනකම් බලාගෙන ඉන්නෙ ප්‍රකාශකයෝ, හැබැයි ඔයාලට එහෙම බෑ, මොකද මං වගේ ඔයාල දක්ෂ නෑ, ඒනිසා ඉවසගෙන කට්ට කන්න කියල - බම්බුව තමයි)

නරුමවාදි විදියට කියල කාටහරි හිතුනත්, හැමතැනම තියෙන්නෙ අලෙවිකරණයක්....
රස්සාවක් කරත් තමන්ගේ හැකියාව, කැපවීම, උගත්කමට ලැබෙන වැටුපක්...
ව්‍යාපාරත් එහෙමයි...
ප්‍රේමයක් ප්‍රකාශ කලත් එහෙමයි...
ඒනිසා පොතක් ලියනව නම්, කරනව නම් ඒ ගැනත් හිතන්න... ආවට ගියාට ලියලා මෙතන ප්‍රසිද්ධ කරලා යම් තරමක්, යාළුවො ටික ඇවිල්ලා පොත අරගෙන ඊටපස්සෙ ඒක අමතක වෙන දෙයක් විදියට නෙමෙයි.. හැමෝටම අමතක නොවෙන දෙයක්, සමාජයට වටින දෙයක් විදියට දිගුකාලයක් පවතින දෙයක් කරන්න බලන්න...

ඒක තමයි වටින්නෙ... එතනදි මාකටින් කියන කාරණය බොහෝම වටිවි.... හ්ම්...
( දම්රෝ පුටුවක් අවු 2-3-4ක් තියෙනවා, නිල්කමල් පුටුවක් අවු5-6ක් තියෙනව. හැබැයි වෙන රටවලත් විකිණෙන්නෙ දම්රෝ)

‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬

No comments:

Post a Comment