Tweets by @Tweetsbysuku myblog: Grand Father's Funeral days - frm 30/06/2014

Facebook Fan Page

Friday, July 4, 2014

Grand Father's Funeral days - frm 30/06/2014

අහම්බයෙන්, අවාසනාවකට වගේ පහුගිය සඳුදා අපි කවුරුත් නොහිතපු විදියට අපේ සීයා/අප්පච්චි නැති උනා. ඒක කවදාවත් නොහිතපු විදියකට වෙච්ච එක විතරක් අපි හැමෝගේම හිත් වල දරුණු තුවාලයක් වගේ තාමත් තියෙනව...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10203098982749976)

අම්මව නංගිව ඒ වෙලාවෙම වාහනයක එව්වත් මට බිස්නස් වැඩේ නිසා යන්න හිතුනෙ නැත්තෙ අමාරු උනත් ලෙඩ වෙලා අපේ සීයා හෙමිට හොඳ වේවි කියල. අපි වගේ නෙමෙයි බොහොම හිත හයිය කෙනෙක්නෙ.

(https://www.facebook.com/sukumal.harischandra/posts/10203111336298807)

කොහොම උනත් 9ට විතර අම්ම කිව්වම මමත් 10 වෙද්දි වගේ ගෙදරින් ආව. බස් කබල් වල එන එක ලේසි නෑ. කොළඹ වගේ පැත්තක ඇඳුමුත් අරගෙන එද්දි බරට බරේ, කිසිම තෙතමනයක් නැති මිනිස්සු මැදින් නේද එන්නෙ කියල හිතුන.
ගෙන්දගම් පොළව කොහොමත් එහෙමනේ...
එතනදි දරාගන්න අමාරු නිසා සවණිට කිව්වම එයාගෙ වචන වලට හිත හැදුන.



Guy Mama's Speech at Funeral for Relatives... 
කොහොම හරි පැය 6ක් විතර තිස්සෙ ගමේ ආවා. ඇවිල්ලා කොහොම හරි බොඩිය ගෙනෙද්දි 5 විතර වෙලා. ගයි මාම, සුහිත් මාමා, කුෂාන් බාප්පලත් ලොකු බේබි, පොඩි බේබි මාමලත් නොඑල් මාමත් හොඳට හෙව්ව කියල හිතනව. අපේ අයට අමතරව ගමේ හැමෝගෙම වගේ සහයෝගය සීයා වෙනුවෙන් හිතාගන්න බැරි තරම් තිබුන...
විශේෂයෙන් ගෙඩිගෙය හදද්දි එහෙම සීයගෙ ගරුත්වය රැකෙන්න බොහොම කැපවීමෙන් කලා.



දවස් කීපයක් කොහොම උනත් හිටිය හ්ම්... අන්තිම දවසේ ඒකියන්නෙ ඊයෙ මටත් පොඩි කතාවක් තිබුන එක ගැන පොඩි ආඩම්බරයක් තියෙනව. පිලිගැනිමේ කතාව විනාඩි 2-3කට සීමා කරපු එකත් හොඳයි. අපේ හාමුදුරුවරුන්ගෙ කතාත් බොහොම දැනුනා. ඒවගේම ගයි මාමගේ කතාව හැමෝටම වගේ දැනුනු දෙයක්...
අවසාන වශයෙන් පාරේ ඇවිදිද්දි ගමේ අය සීය ගැන කියපු කතා වලටත් තියෙන්නෙ බොහොම ආඩම්බරයක්... - සීයගේ දේවල් ගති ගුණ නිසාම ඡන්දයක් උනත් දිනන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනව කියල හිතනව... හ්ම්....




No comments:

Post a Comment