Tweets by @Tweetsbysuku myblog: දවසක් එන එකක් නෑ...

Facebook Fan Page

Monday, July 7, 2014

දවසක් එන එකක් නෑ...


එයාට ආදරේ කරන දවසක් එන එකක් නෑ හ්ම්.....

එයා හරි හොඳයි. අපි හැමෝම එයාට කැමතියි... ඒත් එයා හොඳ වැඩියි, සංවේදීත් වැඩියි ඒවගේම ආදරේ කොච්චර තිබ්බත් ප්‍රේමය පැත්ත ගැන උනන්දුවක් නෑ..

අතිබහුතරය තැන්පත්, දඟ නැති කෙනෙක් විදියට දකින මගේ තැන්පත්කම අඩු බව දන්නෙ ප්‍රේම කරපු අයයි..
කොහොම උනත් ප්‍රේම කරද්දි මට ප්‍රේම කරනව. එයාටම විතරක් වෙච්ච හොඳ දෙයක්...

කේන්දර ගැලපුනත් අදහස් වල පරස්පරතාවය ගැන මට කේන්දර අයියත් කිව්ව හ්ම්...
එයා ගැන හිතෙන්නෙ යාළුකමට එහා ගිය, සහෝදරකමට එහා ගිය ප්‍රේමයටත් වඩා වෙනස් දෙයක්...
ගොඩක් වටින හොඳ කෙනෙක්... ඕනවට වඩා හොඳ වීම මෝඩකමක් වීම ඇර...

ඉතින් එහෙම හිතද්දි හිතෙනව... ලගින්ම සුපුරුදු පරිදි ඉන්නට... ප්‍රේමයක් නොකරම... පෙමත් නොමරා ඊට වඩා වටිනව කියල හිතන යාළුකම තියාගෙන... සහෝදරකම තියාගෙන...

කොහොම උනත් පහුගිය දවස් වල ඒව දැනුනු තේරුන එකත් හොඳ දෙයක්... හ්ම්...

ප්‍රේමය හරි පුදුම දෙයක්... හ්ම්..


No comments:

Post a Comment