Tweets by @Tweetsbysuku myblog: Hats Off Dear Murali !

Facebook Fan Page

Monday, November 18, 2013

Hats Off Dear Murali !



පහුගිය දවසක බස් එකකදි තාත්ත කෙනෙක් දරුවෙක් තියාගෙන හිටියා අවු. 6ක විතර. සීට් එක හිස් උනාම දරුවවත් සීට් එකේ තිබ්බා. අපි නැගිටල හිටියෙ. සාමාන්‍ය ලෙස නිතරම දකින දෙයක් තමයි අම්මල ඉන්නවා කිසි තැකීමක් නැතිව දරුවව සීට් එකේ තියාගෙන යන... ඒනිසා කලකිරීමක් නිතර එනවා... මෙතනදිත් වෙනසක් නැති නිසා මොකුත් හිතුවෙ නෑ....

ටිකකින් අර දුව කතා කරනවා ඇහුනා... දරුවා කතා කරන්නෙ දෙමලෙන්... තාත්තත් කතා කරනවා අහගෙන ඉද්දි තේරුනෙ දෙමල කියල....
අපි නැගිටල යද්දි එයාල වාඩි වෙලා... වෙනදට කලකිරීමක් ආවට එදා නම් සතුටු වගේම ආඩම්බරයක් හිතුනා... මොකද අපි සිංහල කියල දෙමල එයාලට අසාධාරණයක් නොවුනු නිසා...

ජාතිවාදි කලබල කියල 400 ගානක් දෙමල ජාතිකයො ඝාතනය වෙද්දි දේශපාලන මත දරපු මෝඩ මිනිස්සු අතින්... ලක්ෂ ගානක් අපේම දෙමල අය අපේ ගෙවල් වල තියාගෙන ආරක්ෂා කරපු ජාතියක් අපි... එහෙම අපි ගැන දන්නෙ නෑ ලෝකයා... දන්නෙ කළු ජුලියෙදි දෙමල ජාතිකයන් මැරුව කියල විතරයි...
හැබැයි ඒව මතක රට වෙනුවෙන් ඇත්තටම වැඩ කරන යහපත් දෙමල ජාතිකයන් ඉන්නවා මුණ ගැහිලා තියෙනවා... තමිල්නාඩුවේත් වෙනත් රටවල් වලත් වැරදි බලපෑමට යට නොවි ඉපදුනු රට අපේ රට කියන මතය තියෙන... ඒනිසා අර දරුවයි තාත්තයි සීට් එකේ සතුටින් වාඩි වෙලා යද්දි... ඇත්තටම ලොකු සතුටක් හිතට දැනුනා... ආඩම්බරය වගේම....

https://www.facebook.com/photo.php?v=10201615826031985

No comments:

Post a Comment