Tweets by @Tweetsbysuku myblog: ගල්වඩුවා සහ අවබෝධය

Facebook Fan Page

Monday, November 18, 2013

ගල්වඩුවා සහ අවබෝධය

* ගල්වඩුවෙක් ඉන්නවා.. දවසක් පාරෙ යනකොට ඔහු දකිනවා පෝසතෙක් යනවා. පෝසතා යන්නෙ දෝලාවක පිරිවර එක්ක....
ගල්වඩුවා තමන්ගෙ ඉෂ්ට දේවතාගෙන් ප්‍රාර්ථනා කරනවා, අනේ මාව පෝසතෙක් කරන්න...
* ඔන්න ඉතින් පෝසතෙක් වෙලා හොඳට ඉන්නව... දවසක් යද්දි දේශපාලඥයෙක් එනවා පාරෙ. පෝසතාට වෙනවා පාරෙන් අයින් වෙන්න - බලය වැඩින් පෝසතාට වඩා..
* ඒපාර ප්‍රාර්ථනා කරනවා අනේ මාව දේශපාලඥයෙක් කරන්න කියල - වෙනවා...
ඔහොම ඉද්දි දේශපාලකයෙක් වෙලා ගමකට ගිහින් ඒ ගමේ ගැහුණු අයට අතවර කරනවා(දේශපාලනේට උවමනානේ එහෙම වෙන්න).
- එතකොට ගමේ මිනිස්සු ඇවිල්ලා අල්ලගෙන ගනවා.
- කල්පනා කරනවා... දේශපාලකයට වඩා ගැමියො බලවත්නේ - මාව ගැමියෙක් කරන්න.

* ගැමියෙක් වෙලා කුඹුරු කොටමින් ඉන්නවා. ඉරු රශ්මිය හරිම දැඩියි... - මාව සූර්ය දිව්‍ය රාජයා කරන්න.
* සූර්ය දිව්‍ය රාජයා වෙලා තේජවන්තව ඉන්නවා..
වලාකුලක් ඇවිත් සූර්යයා යටින් ඉදලා රැස් මාලා අඩු කරනවා. ඉතින් හිතනව වලාකුල බලවත් - මාව වලාකුලක් කරන්න...

* වලාකුල වෙලා හොඳට ඉන්න කොට, සුළඟ ඇවිත් වලාකුල තල්ලු කරනවා එහාට...
සුළඟ බලවත් ... මාව සුළඟ කරන්න...
* සුළඟ වෙලා මහ ගස් ඇතුළු ගොඩක් ඒවා පෙරලමින් ඉද්දි මහ පර්වතයක් තියෙනවා ඒක සෙලවෙන්නෙ නෑ... පර්වතය බලවත් - මාව පර්වතයක් කරන්න...

* පර්වතය වෙලා හොඳට ඉද්දි දවසක් කවුද ඇවිත් මිටියකින් තමන්ට කොටනවා... තමන්ගෙ බලය අඩුයි වගේ... ආ ඒ ගල් වඩුවෙක්.. පර්වතයට වඩා ගල් වඩුවා බලවත්නේ. මාව ගල්වඩුවෙක් කරන්න....

- ආයෙත් මුලටම එන්න වෙනවා... ඒක තමයි අවබෝධය...

- ජනවහරෙනි - කිව්වෙ අත්තනායක සර් - අමාදහරෙන් අද..


https://www.facebook.com/photo.php?fbid=10201606242712408&set=a.1211363578749.30569.1668558048&type=1

No comments:

Post a Comment