Tweets by @Tweetsbysuku myblog: @ Fish Market - 16/11

Facebook Fan Page

Saturday, November 16, 2013

@ Fish Market - 16/11

පෑලියගොඩ අලුතෙන් ඉදිවුනු මාළු මාකට්/Fish Market එක ලග අද පැය 4ක් විතර කට්ටකට සමාන දෙයක් කෑවෙමි...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10201597917904293)
කරන්නම දෙයක් නොතිබුනු නිසා වටපිට බලබල හිටියා... එතන මහින්ද මහත්තයා ආශ්චර්යයේ පිවිසුම විදියට ‘කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය“ විවෘත කරපු බව කියවෙන දැවැන්ත කටවුට් එකක් තිබුනා. ඊට එහායින් තියෙන්නෙ කඩා බිඳදාපු ගඩොල්, කොන්ක්‍රීට්, පස් වගේ ඒවා...

එතන කීපදෙනෙක් වෙළදාම් කරනවා. මුලින්ම මේ පින්තුරේ පේන පවුල ගැන හිත ගියා. තාත්ත, අම්මා, දරුවා 3ම ඉන්නවා. ත්‍රිවිල් එකකින් ඇවිල්ල තිබ්බෙ. ගොඩක් ජාති තිබුන වගේ දැක්ක, අල, බලත එහෙමත් තිබුනා. කොහොම හරි මම ගිහින් පැය 2කට පස්සෙ එයාල ගියා. ඊට එහා තව තැඹිලි විකුණන අයිය කෙනෙක් හිටියා.

කොළඹට මෙච්චර ලග ඉදගෙන මේ වගේ ජීවිත ගෙවන එක ගැන වෙලාවකට පුදුමයි... ජීවිතේ ගැනත් පුදුම හිතෙනවා... පුදුම ධෛර්යයක් උවමනයි මේ වගේ වෙන්න... හිතේ පුදුම ධෛර්යයක් ඇති. ඒත් ඒ ධෛර්යය තුලින් ලොකු වෙනසක් කරගන්න උවමනාවක් තියේද කියන එක නම් සැකයි... හ්ම්...

No comments:

Post a Comment