Tweets by @Tweetsbysuku myblog: මට හිතුන හැටි...

Facebook Fan Page

Friday, November 22, 2013

මට හිතුන හැටි...

මුදල් යනු ජීවිතයද... සතුටද යන දෙකම නොවන්නකි. එසේ වුවද මුදලට ජීවිතයේ බොහෝ දේවල් වලටද, සතුටට අයිති බොහෝ දේවල් වලටද බලපෑම් කල හැක.
යහමින් මුදල් ඇත්නම් ජීවිතයේ 70%ක් ගැටළු අහවරය....  එසේ වුවද මුදල් ඇතිවිට ඇති වෙනම ප්‍රශ්නද ඇත...

පූජාවලියේ පැවසෙන්නේ කරදර නැතිව ජීවත් වීමට නම් වියදම මෙන් 8 ගුණයක් උපයන ලෙසයි. +Robert Kiyosaki  කියන්නෙ ධනවත්කමත්, මුදල් ඇති කමත් 2ක් බවයි. ධනවත් වීමට කටයුතු කල යුතු බවයි.

සිහින යනු හොඳ දේවල්ය... ඒවා දවල් සිහිනවත් රෑට නින්දේදි දකින ඒවාවත් නොවී ඒ වෙනුවෙන් කැපවිය යුතුය...

ඔවුහු ඉගෙන ගනිති.. පෙම් කරති... විනෝද වෙති.... මා ඔය කිසිවක් කරන්නෙ නැත... විනෝදය ඒ හැටි නැති වුවත් හිතේ සතුට තිබේ.., එනමුදු තවමත් සෑහීමකට පත්වීද නැත...

No comments:

Post a Comment