Tweets by @Tweetsbysuku myblog: මම නම් මෝහිණී දරුව ගන්න කිව්වොත් ගන්නවා...

Facebook Fan Page

Monday, October 21, 2013

මම නම් මෝහිණී දරුව ගන්න කිව්වොත් ගන්නවා...

“පිරිමින්ගෙ පාප කඳට දෝෂ විඳින ලඳුන් ගැන මතක් වෙද්දි... “ දැනෙන කතාවක් තමයි මෝහිණී දරුව අරගෙන වඩා ගන්න කෙනෙක් හොයන එක...
සිංදුවෙදි පුදුම විදියට ඒක අරගෙන තියෙනවා දැනෙන්න....
පිරිමින්ගෙ වැරදි විතරක්ද කියලත් හිතෙනවා වෙලාවකට...
අපිටත් පිස්සු වගේ තමා... හ්ම්...

“මෝහිණීට සාධාරණත්වයක් දීපූ සිංදුවක් ගැන...

* ඇත්තටම මෝහිණීගෙන් දරුවා ගන්න බය/අකමැති උනත්.... මෝහිණීට දරුවෙක් දෙන්න නම් කැමති අය ගොඩක් ඉන්නවා ඇති තමයි....

ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ...
දොළ හඬන තුම්මං හන්දියේ....
කවුරු එනතුරු මග බලනවද......
මෝහිණී මගෙ නංගියේ.....
මෝහිණී......... ආදර නංගියේ....

නුඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මණ්ඩියේ.......
නුඹට දරුවෙක් දෙන්න,
ඕනෑ තරම් අය ඇති නංගියේ.....
නුඹට දරුවෙක් දෙන්න...... ඕනෑ තරම් ඇති හන්දියේ.....

සුරඟනට අමතකව දරුවන් අඬද්දි කුණු බක්කියේ......
උඹ යකින්නක් වුණේ කොහොමද
කියාදීපං නංගියේ.... //

(ලිංගික අසහනයෙන් පෙලෙන, නොපෙලෙන... සල්ලාල මහතුන්ට සහ මනුෂ්‍යත්වය අමතකව ගිය අපිටම.. උපහාර පිණිස..)

Download : http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3186/mohini-saman-lenin-sinhala-mp3.html

No comments:

Post a Comment