Tweets by @Tweetsbysuku myblog: ලංකාව වගේ රටක් පාලනය හරි පහසුය......

Facebook Fan Page

Sunday, August 18, 2013

ලංකාව වගේ රටක් පාලනය හරි පහසුය......

රට වටේට ලස්සන ගොඩනැගිලි, පාරවල් එහෙම හදල, ලස්සනට ඉන්න ඇවිදින්න හදලා දුන්නම රට ආශ්චර්යවත් බව හිතෙන නිසා කිසිම ගැටළුවක් හිතට එන්නෙ නැත.
පෙම්වතාගෙ අතේ එල්ලී සිටින පෙම්වතියන්, දරුවන් සමග සතුටින් සිටින දෙමාපියන්, මිතුරන් සමග සිටින අය එවන් අලංකාරවත් කරන ලද ස්ථාන වල සතුටින් සැරි සරනවා පෙනේ....
තමාගෙ කෙනාගේ දියුණුව හිතනවා විනා, තමාගේ ආඩම්බරය පෙන්වීම විනා වෙන කිසිවක් ලොවේ ඇත්දැයි එවන් අයට මතක නැත...

වෙලාවකට ජාතිවාදය ඇවිලේ, තව වෙලාවකට අන්තවාදය ඇවිලේ, ජාතිය, ආගම ගැන පුදුම තරම් වචන ගොඩකි... එහෙත් අද කියන දේ හෙට කරන්නේ නැත... රට ජාතියට ආගමට ආදරයක් ඇත්තේම නැත... පෙන්වන්නෙ වෙන දෙයකි.....

ඒ සියල්ලේම රූකඩ වල නූල් අතේ ඇත්තේ ඉහලම අය අතය... එයාල වැජඹෙති... අනිත් අය උපන්නාට ජීවත් වෙති... මේ රට එහෙමය... මේ රටේ දේශපාලකයෙක් වීම, ඡන්ද දිනීම අපහසුය... ලොකු වැඩකි... හැබැයි ජනතාව පාලනය හරි ලේසිය.... වෙන රටවල හාත්පසින් වෙනස්ය...

ඉරු අංකල් කීවේ ජනතාව රට ගැන නොසිතන නිසාම රට වනසන අයටම ඡන්දයද දෙන බවකි... හ්ම්...

No comments:

Post a Comment