Tweets by @Tweetsbysuku myblog: If I could.. :D

Facebook Fan Page

Tuesday, July 9, 2013

If I could.. :D

කවදහරි මම ප්‍රවාහන ඇමති ‘උනොත්‘, බස් වලට වෙනම දැඩි නීති රාමුවක් ගේනවා විනය හදන්න. ඒක ස්ට්‍රයික් කරලා නවත්තන්න බැරි විදියට කරන්නෙ.

පොදු ගමනාගමනයක් තියෙන්නෙ, වයස, මුදල්, ස්ත්‍රි/පුරුෂ භේද නැතිව යන්නයි. කොන්දොස්තර මහත්තුරු, රියදුරු මහත්තුරු, වයසක කෙනෙක්ට බහින්න වෙලාව දෙන්නත් අකමැති. හැබැයි හෙමින් යන්නෙ.
පරණ සල්ලි කොළ දුන්නොත් අපිට කියනව, අලුත් ඒව දෙන්න කියල, අපිට දීලා අපි ඇහුවොත් අපිට කියන්නෙ ඕව දෙන්නෙ ඔයාලමයි කියල.

මොනව උනත් ගාල්ලෙ එහෙම බස්රථවල අය හොඳයි... කොළඹට එද්දි තමයි මේ විප්‍රකාර, අප්‍රසන්න විදියට හැසිරෙන අය ඉන්නෙ...
 
ගාල්ලෙන් කොළඹ එන්න කලින් බස් රථ ගැන තිබ්බ ආකල්පයයි, දැන් තියෙන ආකල්පයයි වෙනස්ම ඒව...
ජීවිතේ හැටි කාලෙන් කාලෙට දේවල් ගැන හිතන විදියට වැඩ කරන විදිය වෙනස් වෙනව.. හ්ම්....

No comments:

Post a Comment