Tweets by @Tweetsbysuku myblog: How I feel

Facebook Fan Page

Tuesday, July 9, 2013

How I feel

ජීවිතේදි, දරුවෙක් ලැබෙනව කියන්නෙ දරාගන්න බැරි තරම් සතුටක්, ජීවිතේට ජීවයක් ලැබීමක් මට හිතෙන්නෙ.
ආදරය කරලා, ආදරය දරුවෙක්ට හැරෙව්වාම, දරුවා ඉපදුනාම මුලින්ම අතට ගත්තාම, දරුවගෙ හදවතේ ස්පන්දනය දැනුනාම.., දරුවට වඩා පොඩි කෙනෙක් ලෝකෙම නෑ කියල හිතෙනව ඇති.
කරන්න තියෙන සියලු කැපවීම් කරලා දරුවගෙ ජීවිතේ සැපවත් කරන්න දෙන්න හිතෙනව ඇති. ලෝකයේම තියෙන පොඩිම දේත්, වටිනම දේත් දරුව කියල හිතෙනව ඇති. ලෝකයේ කිසිම දේකට ඊට වඩා ආදරේ කරන්න බැරි බව හිතෙනව ඇති. කොයිතරම ආදරේ කරලා එකතු උනත් දරුවට වැඩියෙන් ආදරේ කරන්න, සෙනෙහස දෙන්න හිතෙනව ඇති...
ඒ තමයි ඇත්තම ආදරේ, ලෝකෙ තියෙන හොඳම සෙනෙහස... දෙමාපියන්ගෙ සෙනෙහස.. හ්ම්... ඒක වෙන්න ඕන...
@ අක්කගෙ පුතා අද මුණ ගැහුනම ලග හිටියම දැනුනු දෙයක්..

No comments:

Post a Comment