Tweets by @Tweetsbysuku myblog: ජීවන අත්දැකීම්...

Facebook Fan Page

Friday, July 5, 2013

ජීවන අත්දැකීම්...


මම ස්ටෝන් න ස්ට්‍රින් එකේ වැඩ කරන කාලේ ගාල්ලෙ ඉදන් කොළඹ එනව... ඔහොම එද්දි දවසක් ලස්සන ගෑණු ළමයෙකුයි එයාගෙ බෝයි, බස් එකට ඇවිත් සීට්ස් නොතිබුන නිසා දෙන්නටම මගෙ මූණ බලල ගර්ල්ව මං ගාව තියල බෝයි ඉස්සරහට ගියා. ටිකකින් ගර්ල් නිදි. ඊට පස්සෙ මගෙ උරේ උඩ... මම බලනවා බස් එකේ හිටගෙන යන අය හැමෝම මා දිහා බලනවා. මම එතකන් ගෑණු ළමයගේ මූණ දැකල තිබුනෙ නෑ. මට හිතුනා හරි ලස්සන ඇති කියල, අනිත් අයගේ මූණු දැක්කම පැහැදිලි අමුත්තක් පේනවා(ඉරිසියාවකුත් වගේ)... කොහොම හරි ඉතින් මාත් සතුටින් හිටියා ලස්සන ගෑණු ළමයෙක්නෙ ලගින් ඉන්නෙ කියල... එයාල ගාල්ලට කලින් බැහැල ගියා.

තව දවසක් මම එද්දි රත්මලානෙන් ආත්තම්ම කෙනෙක් නැග්ගා. මං ගාව වාඩි වෙලා ටික වෙලාවකින් නිදි. ආත්තම්මගේ ඔළුවෙ මොනවද තෙල් ජාතියක් තිබුන ගාලා ඒකෙ සුවඳ දරාගන්න බැරි තරම්. ටිකකින් ආත්තම්ම නිදාගෙන මගෙ උරේ උඩ. මගෙ ෂර්ට් එකේ තෙල් ගෑවෙනව. අකමැත්තක් දැනුනා... ඒත් ඒක්කම මම කල්පනා කලා, එදා අර ලස්සන තරුණ ගෑණු ළමයා මං ගාව යද්දි සතුටින් ගිය මම අද ආත්තම්ම උරේ උඩ නිදාගනිද්දි ඇයි දුක් වෙන්නෙ කියල. පස්සෙ මට තේරුනා වෙනස තරුණකම විතරයිනේ කියල. කාලය විතරයි වෙනස්... හ්ම් ඉතින් ආත්තම්ම කළුතරින් බහිනකම්ම මම උරේ තියාගෙන ආවා.... අනිත්‍ය ගැන දැනුනද මම දන්නෙ නෑ. ඒත් යම් දෙයක් ගැන හොඳට හිතුව කියල හිතනව...

https://www.facebook.com/sukumal.harischandra/posts/10200717523814991

No comments:

Post a Comment